ඉතාලියට ගොස් සිටින අගමැති මහින්ද රාජපක්ෂට විරෝධය පළකරමින් ශ්‍රී ලාංකිකයින් පිරිසක්
අද (12) එරට බොලොඤ්ඤා නගරයේදී විරෝධතාවයක් පවත්වා ඇත. 
 
පාස්කු ප්‍රහාරයේ මහ මොලකරුවන් සොයා සත්‍යය හෙළි කරන ලෙස බලකරමින් මෙම සාමකාමී උද්ඝෝෂණය සංවිධානය තිබිණ. 
 
අදාල විරෝධතාව සදහා ඉතාලි රජය විසින් අවසරද ලබාදී ඇත.
 
විරෝධයට සහභාගි වන පිරිස අදහස් දක්වමින් කියා සිටියේ තවදුරටත් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රාහරයට යුක්තිය හා සාධාරණය ඉටුනොකර සිටීමට වත්මන් රජය කටයුතු කළහොත් මෙම සටන වතිකානුව දක්වාද ඉන් නොනැවතී ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලය දක්වාද ගෙනයාමට පූජක පක්ෂයේ සහය නොමැතිව වුවද ගිහි ජනතාව ලෙස කටයුතු කරන බවයි.
 
මෙලෙස විරෝධය සිදුකරනු ලබන අතරවාරයේ අගමැති මහින්ද රාජපක්ෂට සහය දක්වමින් පිරිසක්ද එම ස්ථානයට පැමිණ ඇති බවට තොරතුරු වාර්තා වේ.
 
Itali Protest 2
 
Itali Protest 1
Itali Protest 3
Itali Protest 4
Itali Protest 5
 

 
 
 
අගමැති අද (12) අන්තර් ආගමික සමුළුව අමතයි:
 
අගමැති මහින්ද රාජපක්ෂ මේ වනවිට ඉතාලියට ගොස් සිටින අතර ඔහු අද දිනයේ බොලොඤ්ඤාහිදී ආරම්භ වන G20 අන්තර් ආගමික සමුළුවේ ආරම්භක සැසියේ ප්‍රධාන දේශනය පැවැත්වීමට නියමිතව බව අගමැති මාධ්‍ය ඒකකය විසින් නිකුත් කර ඇති නිවේදනයක සඳහන් වේ.
 
සමුළුව පැවැත්වෙන්නේ යුරෝපයේ පැරණිම අධ්‍යයන ආයතනයක් වන බොලොන්ඥා විශ්ව විද්‍යාලයේදීයි. ඒ මෙරට වේලාවෙන් රාත්‍රි 7.30 ට පමණ ය.
 
  
Italy 2021 1

 


 

THE LEADER TV 
 
 
 

කබ්රාල් ලෑස්තියි 

 

 
දේශීය චින්තනයක් ඇති අපේ නායකයෝ යටට අඳින් නෑ?
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්