1200 x 80 DMirror
 
 

  
අගමැති රාජපක්ෂ පෙරේදා (11)  ඉතාලිය බලා පිටත්ව ගියේ ජි 20 නමින් හැදින්වෙන ලෝක ආර්ථික සංවර්ධනය ගැන අවධානය යොමු කරන එකතුවට
කිසිදු සම්බන්ධයක් නැති අන්තර් ජාතික රාජ්‍ය නොවන සංවිධානයක රැස්වීමකට බව සනාථ වී තිබේ.
 
G20 ඉතාලි අන්තර් ආගමික සමුළුව නමින් පැවැත්වෙන මෙම සමුළුව සංවිධානය කරන්නේ G20 Interfaith Forum (IF20) නම් අන්තර්ජාතික රාජ්‍ය නොවන සංවිධානය විසිනි.
 
මෙම සංවිධානයට ආධාර ලබා දෙන්නේ මූලික වශයෙන්ම සංවර්ධිත රටවල ආගමික රාජ්‍ය නොවන සංවිධාන විසිනි.
 
ඒ අතර කැරිටාස් යන කතෝලික සහනාධාර ආයතන ද ක්‍රිස්ටියන් ඒඩ් නම් ක්‍රිස්ත්‍රියානි සහනාධාර සංවිධානය ද ඇමෙරිකානු ඉස්ලාමීය සහන සංවිධානය සහ ලෝක යුදෙව් කොන්ග්‍රසය ද වේ. එයට සම්බන්ධ කිසිදු ලෝක බෞද්ධ සංවිධානයක් නොමැත.
 
මෙම සංවිධානයට අඩුව වශයෙන් ජී 20 රටවල වාර්ශික සමුලුවට අදහස් ඉදිරිපත් කිරීමට හෝ අවස්ථාවක් ලබා දී නොමැත.
 
 
ජ200
 
2020 ජපානයේ පැවැති G20 Interfaith Forum රැස්වීමේ සමූහ ජායාරූපය.
 
 
එසේ නමුත් “W20” for women and a “C20” for civil society නම් රාජ්‍ය නොවන සංවිධාන දෙක ඇතුලු සංවිධාන අටකට ජි 20 සමුලුව අතුරතුර සමාන්තර රැස්වීම් පැවැත්වීමට සහ ජී 20 රටවල් සමඟ අදහස් හුවමාරු කර ගැනීමට අවස්ථාව තිබේ.
 
මෙම G20 Interfaith Forum (IF20) තමන් හදුන්වා ගන්නේ ඇදහිලිවන්තයින්ගේ එකතුවක් ලෙසය.
 
ජ20
 
ඇදහිලිවන්තයින්ගේ නායකයින් .. ලෙස හදුන්වා ගැනීම
 
 
මෙම සමුලුවට සහභාගි වීමට අගමැති රාජපක්ෂ, ශිරන්ති රාජපක්ෂ, යෝෂිත රාජපක්ෂ සහ බිරිද ඇතුළු විශාල පිරිසක් රජයේ අරමුදල් වැය කරමින් සහභාගි වීම පිනිස විශේෂ ගුවන් යානයකින් ඉතාලිය බලා ගියේය.
 
WhatsApp Image 2021 09 13 at 8.33.52 AM
 
 
මෙම සංචාරයේ දී G20 අන්තර් ආගමික සමුළුවට සමඟාමීව රාජතාන්ත්‍රික හමුවීම් කිහිපයකට එක්වීමට ද සැලසුම් කර ඇති බවත්, ඉතාලි අග්‍රාමාත්‍ය මරියෝ ඩ්‍රැගී (Mario Draghi), යුරෝපා පාර්ලිමේන්තුවේ සභාපති ඩේවිඩ් සසෝලි (David Sassoli ) සහ ස්ලෝවෙනියා ජනාධිපති බොරුට් පාහෝර් (Borut Pahor) එසේ හමුවීමට නියමිත රාජතාන්ත්‍රිකයින්ගෙන් කිහිප දෙනෙකු බවත් අගමැතිවරයාගේ ෆේස්බුක් පිටුවේ සඳහන් කර තිබිණ.
 
එසේ නමුත් 'ලංකා ඊ නිව්ස්' විසින් පළ කර ඇති පහත සඳහන් විස්තර පත්‍රිකාවට අනුව අගමැති රාජපක්ෂට ආරාධිත දේශණයක් නැත. ඔහුගේ කතාව නිකම්ම කතාවක් පමණි.
 
මෙම සමුලුවට කිසිදු සංවර්ධිත රටක රාජ්‍ය නායකයකු සහභාගි වී නොතිබිණ.
 
Italy Menu 1 
 
ශ්‍රී ලංකාව තුළ රාජ්‍ය නොවන සංවිධාන මර්දනයක් මුදා හැර ඇති රාජපක්ෂ පාලනය මහජනයාගේ මුදලින් අන්තර් ජාතික ආගමික රාජ්‍ය නොවන සංවිධානයක සමුලුවකට සහ පිරිවරින් සහභාගි වීම රාජ්‍ය මෙන්ම රාජපක්ෂවාදී ජනමාධ්‍ය විසින් ද වසං කර ඇත්තේ එ පිළිබඳව කිසිවක් වාර්තා නොකිරීම මගිනි.
 
මේ අතර සමුළුව පැවැත්වෙන අතරතුර  ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් ඊයේ (12)  ස්ථාන කිහිපයක දී විරෝධතාවල නිරත විය.
 
ඉන් එන් කණ්ඩායමක් අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ නිසි ලෙස සිදු නොවන බව පවසමින් විරෝධතාවක නිරත විය. අප්‍රේල් 21 ප්‍රහාරයට අදාළව පරීක්ෂණ කඩිනම් කරන්නැයි, ඉල්ලමින් මෙම ශ්‍රී ලාංකිකයින් පිරිස විරෝධය පළ කළේ ය.
 
මේ අතර තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් ආණ්ඩුවට සහය පළ කරමින් අදහස් පළ කළේ ය.
 
 
 
අගමැතිවරයාගේ ඉතාලි සංචාරය සම්බන්ධයෙන් 'කලම්බෝ ටෙලිග්‍රාෆ්' සංස්කාරක, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය සිය ෆේස්බුක් පිටුවේ මෙවැනි සටහනක් පළකර ඇත.
 
uvinduc 
 
යුගයේ ප්‍රබලතම අභියෝගය ? -අගමැති පැහැදිලි කරයි 
 
 
ඉතාලියේ බොලොඤ්ඤාහි පැවැත්වෙන ජී 20 අන්තර් ආගමික සංසදයේ ආරම්භක දිනයේ පළමු සැසිය අමතමින් අගමැති මහින්ද රාජපක්ෂ පැවසුයේ, අන්තවාදී මතවාද හා ඒ හා බැඳුණු ප්‍රචණ්ඩත්වය යුගයේ ඇති ප්‍රබලතම අභියෝගය බවයි.
 
සිය දේශනයේදී අගමැතිවරයා 20 වසරකට පෙර සිදුවු සැප්තැම්බර් 11 ත්‍රස්ත ප්‍රහාරයේ ඛේදජනක සිදුවීම ද සිහිපත් කළේ ය.
 
අගමැතිවරයා පැවසූවේ, වැරදිකරුවන් හා ඔවුන්ගේ ප්‍රකාශිත අරමුණු කුමක් වුවත් එම සිදුවීම සියලුම ආකාරයේ ත්‍රස්තවාදී ක්‍රියාවන්ට එරෙහිවීමේ අවශ්‍යතාව සිහිගන්වන බවයි.
 
ආර්ථික , දේශපාලන හා සමාජයීය අරමුණු සාක්ෂාත් කර ගැනීමේදී බොහෝ සෙයින් අනාගතය රඳා පවතින්නේ, එක් ජාතියක් වශයෙන් සිදුවන එකමුතුකම හා සහජිවනය මත බව ද අගමැතිවරයා සිය දේශනයේදී අවධාරණය කළේ ය.
 
තව ද කොවිඩ් අර්බුදය ආගම්, ජාතීන් හා ශිෂ්ටාචාර අතර වෙනස්කම් නොපෙන්වන අතර සමස්ත මානව වර්ගයාටම මාරාන්තික පහරක් එල්ල කර ඇති බවත් වසංතයෙන් බේරී නැවත ජීවිතය ආරම්භ කිරීමට නම් ජාත්‍යන්තර සහයෝගිතාව ශක්තිමත් කළ යුතු බවත් සමුළුව අමතමින් අගමැතිවරයා සඳහන් කළේ ය.
 
සංහිඳියාව කාලයේ තීරණාත්මක අවශ්‍යතාවක් බවත් ගැටුම් සහ උත්සන්න වන කලබලකාරී ස්වභාවයන් අප වටා බොහෝ ලෙස දක්නට ලැබෙන බවත් සඳහන් කළ අගමැතිවරයා, සාමය සහ ස්ථාවරත්වය ඇති වන්නේ, අප සමග දැඩි ලෙස එකඟ නොවන අය ඇතුළුව අපේ රටවල ජීවත්වන සියලු දෙනා සමග පවත්නා යහපත් සබඳතාවලින් බව එහිදී අවධාරණය කළේ ය.
 
 
 
 
(උපුටා ගැනීම් - srilankabrief.org)

THE LEADER TV 
 
කබ්රාල් ලෑස්තියි 
 
 
දේශීය චින්තනයක් ඇති අපේ නායකයෝ යටට අඳින් නෑ - මධුර කතා 
 
 
 

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58