මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් අද (13) දිනයේ සිය ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු
මහලේකම්වරයා වෙත භාරදීමට නියමිතව තිබේ.
නව මහ බැංකු අධිපතිවරයා ලෙස වැඩ භාරගැනීමේ අරමුණින් තමන් මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බව රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් සඳහන් කර තිබුණි.
ඒ අනුව ඔහු ලබන 16වන දින මහ බැංකු අධිපතිවරයා ලෙස වැඩ භාරගැනීමට ද නියමිතව ඇත.
මේ අතර රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීම සහ පුරප්පාඩු වන මන්ත්‍රී ධුරය සඳහා පත් කරන නව මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් අදහස් පළ කරමින් සඳහන් කළේ,
"මුදල් ඇමතිවරයාට නිසිපරිදි ඒ කටයුතු කරගෙන යන්න අවශ්‍ය ශක්තිය ලබාගැනීම සඳහා මහ බැංකුවෙන් සහයෝගය අවශ්‍යයි. ඉතින් ජනාධිපතිතුමා ඉල්ලීමක් කරලා තිබුණා. එකී ඉල්ලීම අනුව අජිත් නිවාඩ් කබ්රාල් මහතා කළෙත් විශාල කැපකිරීමක්. ජයන්ත කැටගොඩ මහතාට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට සියලු සුදුසුකම් තියෙනවා. මොකද එතුමා කළෙත් විශාල කැපකිරීමක්."
මෙහිදී මාධ්‍යවේදීන් විමසා සිටියේ, "යෝෂිත රාජපක්ෂ මහතාත් පාර්ලිමේන්තු එනවා කියලා පොඩි රාවයක් යනවා නේද ? " යනුවෙනි.
"බලමු. තව දවස් කිහිපයයි නේ. එක එක බොරු කතා කියනවා. ඒක විපක්ෂයටත් පොඩි වින්දනයක් ගන්න ඉඩදීලා අපි නිසි දේ නිසි ආකාරයෙන් සිදුකරනවා," යැයි ඊට පිළිතුරු දෙමින් සාගර කාරියවසම් වැඩිදුරටත් පැවසීය.
කෙසේවුවද ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසන්නේ අජිත් නිවාඩ් කබ්රාල් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වන 'පොහොට්ටු' පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට හිටපු මන්ත්‍රී ජයන්ත කැටගොඩ පත්කිරීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ තීරණය කර ඇති බවයි.
බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තුවට පැමිණීමේ අවස්ථව සලසාදෙමින් ජයන්ත කැටගොඩ මිට මාස කිහිපයකට පෙර සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්විය.
සබැඳි පුවත් :
THE LEADER TV
දේශීය චින්තනයක් ඇති අපේ නායකයෝ යටට අඳින් නෑ - මධුර කතා
වැරදුණු වහසි ප්‍රලාපයේ වන්දිය කාටද?