ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ඉහළ නැංවීම සඳහා ගෑස් සමාගම් රජයෙන් යළි ඉල්ලීම් සිදු කර ඇතැයි පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත
අලගියවන්න පවසයි.
 
ලෝක වෙළෙඳ පොළේ ගෑස් මිල ඉහළ යාම හේතුවෙන් ගෑස් සිලින්ඩරයක මිල ඉහළ නැංවිය යුතු බව ගෑස් සමාගම් වල අදහස වී ඇත.
 
මිල ඉහළ දැමීමට සමාගම් වෙතින් ඉදිරිපත් ව තිබෙන යෝජනා පිළිබදව මේ වන විට තවදුරටත් සාකච්ඡා සිදු කෙරමින් පවතින බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න 'නෙත් නිවුස්' කළ කරුණු විමසීමකදී කියා සිටියේය.
 
ලෝක වෙළද පොලේ ගෑස් මිල ඉහළ ගොස් ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.
 
මේ අතර 'ලිට්රෝ සුරැකීමේ ජාතික එකමුතුව' ද නිවේදනයක් නිකුත්කරමින් ගෑස් මිල වැඩි නොකිරීම නිසා ආයතනයේ කඩා වැටීම පෙන්වා දී ඇත. 'ලිට්රෝ' සමාගම රජය සතු ආයතනයකි.
 
 
 

THE LEADER TV 
 
දැන් ආණ්ඩුවට කවුද ඉන්නේ ?
 
 
අගමැති මහින්ද රටවිරු උදහසට! ගේමක් ද?
 
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්