1200 x 80 DMirror
 
 

 
ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපති ලෙස අජිත් නිවාඩ් කබ්රාල් පත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂයේ දැඩි විරෝධය එල්ල  වී තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායකයා පෙන්වා දෙන්නේ, මහ බැංකු අධිපති ධුරය අඳුරු  ඉතිහාසයක් සහිත පුද්ගලයෙකුට ලබා දීම මඟින්, ශ්‍රී ලංකාව පිලිබදව ජාත්‍යන්තර ආයෝජකයන්ගේ විශ්වාසය බිඳ වැටීම වැලැක්විය නොහැකි වනු ඇති බවයි.
 
"මහබැංකුව දේශපාලනීකරණයෙන් මුදවා ගනිමු!" තේමාවෙන් යුතුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ අත්සන සහිතව සැප්තැම්බර් 14 වැනි අගහරුවාදා නිකුත් කර තිබෙන එම නිවේදනයේ පවසන්නේ, මහ බැංකුවේ ප්‍රධාන කාර්යය වන්නේ මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම, බැංකු පද්ධතියේ නියමුවා ලෙස කටයුතු කිරීම සහ සමස්ත මූල්‍ය ක්‍රියාවලියේ නියමු කාර්‍යභාරය ඉටු කිරීම බවයි.
 
එබැවින්, රාජ්‍ය මූල්‍ය සංචිත පිළිබඳව ප්‍රතිපත්ති තීරණ ගතයුතු මහබැංකුව දේශපාලන බලපෑමෙන් වෙන්ව තබාගැනීම අනිවාර්ය කරුණක් බව සජිත් ප්‍රේමදාස පෙන්වා දෙයි.
 
"ස්වාධීන මහබැංකු ක්‍රියාත්මක වන සෑම රටමක සිය පුරවැසියන්ට වඩා හොඳ ආර්ථික ප්‍රතිඵල උදාකරදී ඇති බව ලොව පුරා ඇති අත්දැකීම් වලින්  පෙන්වා දියහැක."
 
 
 
 
 
 
 
ඉතිහාසය පුරාම ඇතැම් රටවල මහබැංකු, වගකීම් විරහිත සහ අකාර්යක්ෂම මූල්‍ය ප්‍රතිපත්ති සකස් කර ඇති අතර එමඟින් පුරවැසියන් වෙනුවට තම ගජමිතුරන්ගේ සාක්කු පිරවීමට හැකි වී තිබෙන බවත් විපක්ෂ නායකයා පෙන්වා දෙයි.
 
"ආර්ජන්ටිනාව, හංගේරියාව, සිම්බාබ්වේ වැනි රටවල් ඊට කදිම උදාහරණ වන අතර එම රටවල් බරපතල ලෙසත්, අවාසනාවන්ත ලෙසත් ආර්ථිකව කඩා වැටී, ඉහළ උද්ධමනයකට හසුවී ඇත. "
 
එවන් රටවල සිදුවන සංසිද්ධියම මෙරට සිදුවෙමින් පවතින අතර මෙරට මහබැංකුව සම්බන්ධයෙන් විශ්වාසනීයත්වය බරපතල ලෙස බිද වැටෙමින් තිබෙන බව විපක්ෂ නායකයා තව දුරටත් සදහන් කරයි.
 
මෙරට මහබැංකු අධිපති ලෙස ජනාධිපති විසින් පත් කර තිබෙන අජිත් නිවාඩ් කබ්රාල් පොදුජන පෙරමුණේ  හිටපු මන්ත්‍රීවරයෙක් මෙන්ම එම ආණ්ඩුවේ හිටපු  මුදල් රාජ්‍ය අමාත්‍යවරයාද වෙයි.
 
ස්වාධීන මහබැංකු අධිපතිවරයෙකු පත් කිරීමේ ජාත්‍යන්තර සම්මතයන් මත පදනම්ව ඔහුව මෙම තනතුර නොදැරීමට මෙයම වුවද හේතුවක් බවයි විපක්ෂ නායකයා පවසන්නේ.
 
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  විසින් 2021 සැප්තැම්බර් මස 15 වැනිදා  සිට ක්‍රියාත්මක වන පරිදි අජිත් නිවාඩ් කබ්රාල්  මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස පත් කර තිබෙන බව රජය ඊයේ නිවේදනය කර තිබුනි.
 
 
 
"අපේ රට, ණය ආපසු ගෙවීමේ ගැටලුවකට මුහුණ පා සිටින වර්තමාන ආර්ථික අර්බුදය සහ බරපතල විදේශ විනිමය හිඟය තුල අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකු අධිපති ලෙස යෝජනාකර ඔහුව පත් කිරීමෙන් ජාත්‍යන්තර මූල්‍ය ප්‍රජාවට තවදුරටත් අපේ රට පිළිබඳව ආර්ථික ව්‍යාකූලත්වයක් සහ අවිශ්වාසනීයත්වයක් ඇති කිරීමට හේතු වී තිබේ."
 
අඳුරු  ඉතිහාසයක්
 
 
 
අජිත් නිවාඩ් කබ්රාල් මීට පෙර මහ බැංකු අධිපති ලෙස කටයුතු කළ කාලය තුළ, තෙල් සංස්ථාවට ඩොලර් මිලියන ගණනක් අහිමි වූ කුප්‍රකට හෙජින් ගනුදෙනුව, රටට ඩොලර් මිලියන ගණනක් අහිමි වූ ග්‍රීක බැඳුම්කර නිකුතුව, වැනි බොහෝ චෝදනා වලින් බරපතල කලු පැල්ලම් එකතු කොට ඇති බවටත් සජිත් ප්‍රේමදාස චෝදනා කරයි.
 
වැඩකරන ජනතාවගේ සේවක අර්ථසාධක අරමුදල් සහ සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල ඔහුගේ කාලය තුළ අවභාවිත කරන ලද බවට ඔහුට එරෙහිව චෝදනා එල්ල විය.
 
"ඔහු මහබැංකු අධිපති ලෙස කටයුතු කළ වකවානුවේ සිදුවූ සියල්ල කෝප් කමිටු වාර්තාවේ සදහන්ව තිබේ."
 
2019 බැඳුම්කර වෝහාරික වාර්තාව කබ්රාල්ගේ ලැදියාවන් අතර ගැටුම් අනාවරණය වී ඇති බවත් සජිත් ප්‍රේමදාස සිය නිවේදනයේ සදහන් කර තිබේ.
 
 
 
Imaad Shah Ajith nivad 
 
  
එමෙන්ම, දැනට ඇමරිකාවේ වසර 12 ක සිර දඬුවම් විඳින ඇමරිකානු ජාතිකයෙකු වන සුබේරි නැමැත්තා සමඟ ඇමරිකානු ඩොලර් මිලියන 6.5 කට වැඩි මුදලක් අරභයා කරන ලද අනීතික ගණුදෙනු සම්බන්ධයෙන්ද එවක අධිපතිව සිටි  අජිත් කබ්රාල් ප්‍රමුඛ මහබැංකුවට චෝදනා එල්ල වී ඇති බවයි විපක්ෂ නායකයා තව දුරටත් පෙන්වා දෙන්නේ.
 
විශ්වාසනීයත්වය බරපතල ලෙස උල්ලංඝනය වී ඇති සහ අඳුරු අතීතයක් ඇති පුද්ගලයෙකු නැවත රටේ ප්‍රධාන මූල්‍ය නියමුවා වන මහ බැංකුවේ අධිපති ලෙස පත්කිරීමට රජය කටයුතු කරන්නේනම් එය රටේ සමස්ත ජනතාවට කරන ද්‍රෝහී කමක් බව අවධාරණය  විපක්ෂය එම පත් කිරීමට බලවත් විරෝධය පලකර තිබේ.
 
 
 
THE LEADER TV 
 

හම්බන්තොට ස්පේෂල්?

 

 
හංසමාලිගේ ජීවිතය අනතුරේ : කොරෝනා බෝ කළේ ආණ්ඩුව ? 
 

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58