ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය විසින් නම් කිරීමට මැලිවූ ආයුධ සන්නද්ධව බන්ධනාගාර තුලට කඩාවැදුනු ප්‍රබල දේශපාලකයා

ලෙස බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ චෝදනා ලබා සිටී.

 
රාජ්‍ය අමාත්‍යවරයෙක් සිය මිතුරන්ට එල්ලුම්ගහ බැලීමට අවශ්‍ය බව පවසමින්, බීමත්ව, බලහත්කාරයෙන්, වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රයට ඇතුළු වී ඇති බව ජනමාධ්‍ය වාර්තා කර තිබුණි.
 
දෙමළ ජාතික ජනතා පෙරමුණ පවසන්නේ (TNPF) බන්ධනාගාර රාජ්‍ය අමාත්‍යවරයා අනුරාධපුර බන්ධනාගාරයටද කඩාවැදී දෙමළ දේශපාලන සිරකරුවන් මරාදමන්නේ යයි තර්ජනය කළ බවයි.
 
“සැප්තැම්බර් 12 වැනිදා සවස බන්ධනාගාර බාර රාජ්‍ය අමාත්‍යවරයා අනුරාධපුර සිරගෙදරට ගොස්, දෙමළ දේශපාලන සිරකරුවන් කැඳවා ඉන් දෙදෙනකු ඔහු ඉදිරියේ දණගැස්වූ බව TNPFට තහවුරු කළ හැකියැ,” යි TNPF නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් ට්වීට් කර ඇත.
 
“ඊළඟට සිය පුද්ගලික ගිනි අවිය ඔවුන් වෙත එල්ලකළ රාජ්‍ය අමාත්‍යවරයා ඔවුන් එතැනම මරා දමන බවට තර්ජනය කළේය.”
 
 dfgrrr
 
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම (UNHRC) ජිනීවාහිදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට දිනක් තිබිය දී බන්ධනාගාර බාර රාජ්‍ය ඇමැති මෙම බලහත්කාරකම කළ බවට චෝදනා කරන TNPF නායකයා ඔහු වහාම ඉල්ලා අස් විය යුතු බව කියා සිටී.
 
“එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ බැල්ම ශ්‍රී ලංකාව දෙසට යොමුවී තිබෙද්දී අමාත්‍යවරයකු මෙයාකාරයෙන් හැසිරීමෙන් පෙන්නුම් කරන්නේ UNHRC සම්බන්ධයෙන් ගත් කල රාජ්‍යය කොයිතරම් කලබලයකින් තොරව සිටින්නේද යන්නයි. ලංකාව UNHRC එකෙන් ඔබ්බට වහාම ජාත්‍යන්තර අපරාධ අධිකරණයට රැගෙන නොයන්නේ නම්, දෙමළ පීඩිතයන්ගේ තත්වය තවදුරටත් පිරිහීමට නියමිතය.”
 
වැලිකඩ හිරගෙදරට රාජ්‍ය අමාත්‍යවරයකු සන්නද්ධව කඩා වැදී මැරකම් පෑ බව බන්ධනාගාර නිලධාරීන්ද තහවුරු කර තිබූ නමුත් ඒ පිළිබඳව කිසිවක් තමන් දන්නේ නැති බව බන්ධනාගාර ප්‍රකාශක චන්දන ඒකනායක කොමසාරිස්වරයා පවසා තිබුණි.
 
බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍යවරයාගේ නම් නොකළ ප්‍රකාශකයකු උපුටා දක්වමින් ඩේලි මිරර් පුවත්පත වාර්තා කර තිබුණේ ලොහාන් රත්වත්තේ එවැනි සිද්ධියකට සම්බන්ධ නැති බවයි.

 

 

 


 

THE LEADER TV 
 
 
රූප සුන්දරිය සමග හිරේට පැන්න ඇමති ?
 

 
 

හම්බන්තොට ස්පේෂල්?

 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්