ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) සමග ඇතිකර ගැනීමට බලාපොරොත්තුවන සන්ධානය පිළිබඳව ශ්‍රීලනීප සම්මේලනයට පෙර එකඟතාවක් ඇති කර ගැනීමට නොහැකි වුවහොත්

ශ්‍රීලනිපය වෙනම ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර පැවසීය.

ශ්‍රීලනිප සම්මේලනය සැප්තැම්බර් 03 වැනිදා පැවැත්වීමට බලාපොරොත්තු වන බවත්, ශ්‍රීලනිපයේ ජනාධිපතිවරණ සැලසුම අනිවාර්යයෙන්ම එදිනට ප්‍රකාශ කරන බවත් ඔහු කීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයාට සහාය දැක්වීම සඳහා එම පක්ෂය සමග සම්මේලනයට පෙර අවසන් එකඟතා ඇති කර ගැනීමට උපරිම උත්සාහ කරන බව පැවසු ඔහු, වෙනම අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම තම පක්ෂයේ අපේක්ෂාව නොවන බවත්, පුළුල් සන්ධානයක් හදාගැනීම අපේක්ෂාව වන බවත් අවධාරණය කළේය.

ශ්‍රීලනිපයට තෝරාගැනීම් රැසක් !

එහෙත් පොදුජන පෙරමුණ සමග එක්වීමට සතුටුදායක එකඟතාවක් ඇති කර ගත යුතු බව කියා සිටි මහින්ද අමරවීර මන්ත්‍රීවරයා, ශ්‍රීලනිපය වෙනම අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන්නේ එසේ නොවුණහොත් පමණක් බව ද පැවසීය.

ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකරද සම්පූර්ණ සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකාශ කර සිටියේ, පොදුජන පෙරමුණ සමග කොන්දේසි විරහිතව එක්වීමට තම කණ්ඩායම සූදානම් නැති බවයි. එකඟ විය නොහැකි නම් ශ්‍රීලනිපයට තෝරාගැනීම් රැසක් ඇති බවද මහලේකම්වරයා ප්‍රකාශ කළේය.

(අනිද්දා -තරිඳු උඩුවරගෙදර)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්