කීලේඩ් අංශු මාත්‍ර ශාක පොහොර ටොන් 96,000 ක් ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී ඇත. 
 
අගෝස්තු මස 06 දින කැබිනට් සංදේශ අංක 0F/61/2021 යටතේ අමාත්‍ය මණ්ඩලය විසින් ඊට අනුමැතිය ලබාදී තිබේ.
 
 
සැපයුම්කරුවන් :
 
1- කුවන්ග්ඩාඕ සී වින් බයෝ ටෙක් ගෘප් සමාගම- Qungdao Seawin Bio Tech Group Co LTD 
 
2 - ඇග්‍රිකල්චරල් රිසෝසස් ඇන්ඩ් ඉන්වෙස්ට්මන්ට්
 
 
 
ආනයනකරුවන් :
 
 
1- සී/ස ලංකා පොහොර සමාගම
 
2- සී/ස කොළඹ කොමර්ෂල් පොහොර සමාගම
 
 
මෙම කාබනික පොහොර හා ස්වාභාවික ඛණිජ හා කීලේඩ් අංශු මාත්‍ර ශාක පොහොර 2021/22 කන්නය සඳහා ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී ඇතත්, මෙම සමාගම්වල දේශීය නියෝජිතයන් පිළිබඳ කිසිදු සඳහනක් අමාත්‍ය මණ්ඩල සංදේශයේ සටහන් නොවීම බලවත් ගැටලුවකි.
 
ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ අදාළ දේශීය නියෝජිතයා ජ්‍යෙෂ්ඨ ලේකම්වරයෙකුගේ පුතෙක් බවයි 
 
පොහොර සහ කෘෂි ද්‍රව්‍ය පරීක්ෂා කිරීම (Sample trials) සමාන්‍යයෙන් වසර දෙකක කාලයක් රටතුළ සිදුවන අතර ආනයනය සඳහා අවසර ලැබෙන්නේ ඉන් අනතුරුවය.
 
 
එහෙත් මෙම අමාත්‍ය මණ්ඩල සංදේශයේ සඳහන් වන පොහොර සාම්පල් අදාල අංශවලට ලබා දී ඇති අතර ඒ සියල්ල අදාළ රාජ්‍ය අංශවලින් අනුමත නොකර ප්‍රතික්ෂේප කර ඇත. ඒවායේ ප්‍රමිතිය සම්බන්ධ පරීක්ෂණ සිදුකරන්නේ නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා යටතේ ඇති ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශය (SLSI) , කෘෂිකර්ම අමාත්‍යංශය යටතේ ඇති ජාතික ශාක නිරෝධානය දෙපාර්තමේන්තුව, ජල ජිවී දෙපාර්තමේන්තුව (NPQD සහ සත්ව පාලන දෙපාර්තමේන්තුව (AEA) ආයතනයයි.
 
 
රාජ්‍ය අංශවලින් අනුමත නොකර ප්‍රතික්ෂේප කර ඇති තත්වයක් තුල ආනයනික චීන සමාගම විසින් එරට පරීක්ෂණ ආයතනයක් විසින්  නිකුත් කරන සහතික පිළිගන්නා ලෙසට බලපෑම් එල්ලවෙමින් තිබෙනබව වාර්තාවේ. 
 
මෙම ආයතන සියල්ල මෙම සාම්පල ප්‍රතික්ෂේප කර ඇතත් කිසි දිනෙක මෙරට මහපොළවේ භාවිතා නොකල 10% ක පමණ නයිට්‍රජන් ප්‍රමාණයක් අඩංගු අංශ මාත්‍ර අනෙකුත් දේශීය කාබනික පොහොර සමඟ ආදේශණය කර බෙදා හැරීමට සැලසුම් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
 
කෙසේ වුවද මෙරටට ආනයනය කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා රේගුව මගින් දේශීය නියාමන ආයතනයවල අනුමැතිය නොමැතිව මෙම භාණ්ඩ නිදහස් කලහොත් එය නරක පූර්වාදර්ශයක් විය හැකිය. 
 
අදාළ ටොන් 99,000 හෝ 10% නයිට්‍රජන් ප්‍රතිශතය ඉවත් කළ ඉතිරි වන්නේ කුමණ කොටස්ද යන්න කිසිවෙකු නොදනී.
 
මෙම ආනයනය සඳහා රජය විසින් අනුමත කර ඇති මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 63.6 කි. රුපියල් මිලියන 12967 කි. එනම් රුපියල් බිලියන 12.9 කට ආසන්න මුදලකි.
 
 
මෙහි විශේෂම කරුණක් වන්නේ ජාත්‍යන්තර වශයෙන් ලංසු නොකැඳවා පූර්ව ලංසු කැඳවීමකින් පසුව තෝර ගන්නා ලද සමාගම් කිහිපයකින් පමණක් තරඟකාරී ලංසු කැඳවීමයි. තවද මෙම 10% අඩංගු නයිට්‍රජන්, 15% අඩංගු නයිට්‍රජන් සහ පොටෑසියම් KCI - කුමන මාර්ගයකින් ( source ) ලබා ගන්නවාද යන්න සඳහන් කර නොමැත.
 
 
ටෙන්ඩර් විස්තර:
 
 
# කුවින්ග්ඩාඕ සී වින් බයෝ ටෙක් සමාගම :
 
10% මුහුදු පැලෑටි කාබනික කැටිති පොහොර - ටොන් 90,000 කි 
ටොන් එකක මිළ  ඇ.ඩො 446 කි.
ණයවර ලිපියේ මුළු වටිනාකම - රුපියල් මිලියන 42,816
 
එම සමාගමෙන් 
 
15% නයිට්‍රජන් ප්‍රෝටීන් .පෙප්ටයිඩ් මෙට්ට්‍රික් ටොන් 3000 
ටොන් එකක මිළ ඇ.ඩො 2318
වටිනාකම් - රුපියල් බිලියන 6.9 
 
 
# ඇග්‍රිකල්චරල් රිසෝසස් ඇන්ඩ් ඉන්වෙස්ට්මන්ට් සමාගම:
 
පොටෑසියම් ක්ලෝරයිඩ් - KCI 
මෙට්‍රික් ටොන් එකක මිළ - ඇ.ඩො 478.5
ප්‍රමාණය ටොන් 29107 -
 
 
අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවේ සඳහන් වන්නේ දේශීය වශයෙන් රටට අවශ්‍ය කාබනික පොහොර ප්‍රමාණයක් සපයා ගැනීමට නොහැකි බැවින් විශේෂයෙන්ම වී වගාව සඳහා මෙම පොහොර ආනයනය කරන බවයි.
 
මේ සම්බන්ධයෙන් අපවෙත  අදහස් දැක්වූ කෘෂි විශේෂඥයකු සඳහන් කලේ ලෝකයේ කිසිම රටක් මෙවැනි පරීක්ෂණක් කර නොමැති බවත් මෙය පාලකයන්ගේ නූගත්කම නිසා කරන්නක් බවත් ය. මෙය මෙරටතුල සිදු වන මහා පරිමානයේ වැරැද්දක් විය හැකි බව ද ඔහු කියා සිටියේය.
 
 
 
 
 
මුලාශ්‍ර පුවත:
 
 

THE LEADER TV 
 
බොක්කත් හූරං කන කොරොනා මාෆියාවක්! 
 
 
රූප සුන්දරිය සමග හිරේට පැන්න ඇමති ?
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image