අනුරාධපුර බන්ධනාගාරයට කඩා වැදී දෙමළ සිරකරුවන්ගේ හිසට පිස්තෝලය තබා මරණීය තර්ජන කළ රාජ්‍ය අමාත්‍යවරයා
සියලු තනතුරුවලින් ඉවත් කරන ලෙස දෙමළ ජාතික ජනතා පෙරමුණ ඉල්ලා සිටීමෙන් අනතුරුව ලොහාන් රත්වත්තේ පදවි දෙකකින් ඉල්ලා අස් වී තිබේ.
 
බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වුවත් මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යධුරයේ දිගටම කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ ජනමාධ්‍ය වෙත අද පස්වරුවේ පවසා තිබුනි.
 
සැප්තැම්බර් 12 වැනිදා සවස බන්ධනාගාර දෙකකට කඩා වැදී ප්‍රචණ්ඩ ලෙස හැසිරුණු බව ජනමාධ්‍ය විසින් වාර්තා කෙරුණු නම් නොකළ රාජ්‍ය අමාත්‍යවරයා ලොහාන් රත්වත්තේ බව මුලින්ම ප්‍රසිද්ධියට පත්කරන ලද්දේ දෙමළ ජාතික ජනතා පෙරමුණේ (TNPF) නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් විසිනි.
 
ghrt
 
රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේට ඉතාලියේ සිට දුරකතනයෙන් කතාකළ අගමැති මහින්ද රාජපක්ෂ වහාම පදවියෙන් ඉල්ලා අස්වන ලෙස කී බවත් වැඩිදුර විභාගයක් පවත්වන තුරු රත්වත්තේ අස් විය යුතු යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට දැනුම් දුන් බවත් ඩේලි මිරර් නියෝජ්‍ය කර්තෘ ජමිලා හුසේන් සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා කර තිබුණි.
 
fght
 
තනතුරු දෙකකින් පමණක් රත්වත්තේ රාජ්‍ය අමාත්‍යවරයා ඉල්ලා අස්වූ සැප්තැම්බර් 15 වැනි බදාදා දෙමළ ජාතික ජනතා පෙරමුනේ නායකයා කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේගේ ක්‍රියා කලාපය ජාතිවාදී හැසිරීමක් ලෙසින් හෙලා දුටුවේය.
 
"අපි සිංහල ජනතාවට විශේෂයෙන්ම කියන්න කැමති දේ ඒ ඇමතිතුමා කරපු ඒ සිද්ධිය කිසිම සැකයක් නැතුව ජාතිවාදී සිද්ධියක් කියලා අපි කියන්න පුළුවන්, " යැයි පැවසූ TNPF නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් ජාතිවාදය හැඳින්වුයේ ඔඩුදුවන පිළිකාවක් ලෙසිනි.
 
“ඉස්සරවෙලාම දෙමළ ජනයාට විරුද්ධව තිබුණු ජාතිවාදය අද මුස්ලිම් ජනයාට විරුද්ධවත් පැතිරිලා තියෙන්නේ. ඒ ජාතිවාදය නිසා ගන්න පියවර කාලයක් යනකොට සාමාන්‍ය [තත්වයට] පත්වෙනවා.”
 
ඉන් අනතුරුව තමන්ගේ විරුද්ධවාදී සැමට විරුද්ධව එම ජාතිවාදය යෙදවීමේ භයානක අවදානම කොළඹ   මාධ්‍යවේදීන්ට පැහැදිලි කළ ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයා, සියලු ජාතීන්ට අයත් රට වැසියන් නව දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් පෙළ නොගැසුනහොත් ලංකාව අද පවතින තත්වයෙන් බේරා ගැනීමට නොහැකි වන බවට අනතුරු අඟවා සිටියේය.
 
ආරම්භයේදී  සුළුවෙන් පටන් ගන්නා ජාතිවාදී  පියවර කාලයාගේ ඇවෑමෙන් මහත් විනාශයක් කරා පැතිර යන  ආකාරය පිලිබදව නීතිඥයකුද වන දෙමළ මන්ත්‍රීවරයා සිංහල බසින් කළ පැහැදිලි කිරීම පහත වීඩියෝවෙන් අසා බලන්න. 
 

 
 

 

 


 

THE LEADER TV 
 
 
රටවිරුවන් හූරංකන අලුත් විදිහ! ගුවන්තොටේ මගඩි එළියට! 
 
 
 
රූප සුන්දරිය සමග හිරේට පැන්න ඇමති ?
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්