ශ්‍රී ලංකාවෙන් වාර්තා වු පළමු කොරෝනා රැල්ලේ සිට මේ දක්වා නිරෝධායන ඇඳිරිනීතිය උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයන්
අතරින් නීතිය හමුවට පමුණවා ඇත්තේ හතරෙන් එකකටත් අඩු පිරිසක් බව හෙළි වී තිබේ.
 
පොලීසිය පවසන්නේ පළමු කොරෝනා රැල්ලේ සිට මේ දක්වා නිරෝධායන ඇඳිරිනීතිය උල්ලංඝණය කිරීම් සහ නිරෝධායන නීති කඩකිරීම් යටතේ පුද්ගලයන් 72113ක් අත්අඩංගුවට ගෙන ඇති අතර, නිරෝධායනය නීති උල්ලංඝණය යටතේ පුද්ගලයන් 15908 හා වාහන 1717 නීතිය ඉදිරියට පමුණවා ඇති බවයි.
 
රට අර්ධ වශයෙන් වසා තිබෙන මේ මොහොතේ නිරෝධායන නීති හා නිරෝධායන ඇඳිරි නීති කඩකිරීම් සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව ඒ බව සදහන් කළ බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ.
 
සැප්තැම්බර් 14 වැනි අගහරුවාදා  උදෑසන 06 සිට සවස 06 දක්වා පොලිස් නිලධාරීන් 283 දෙනෙකු යොදවාගෙන බස්නාහිර පළාත තුළ නිරෝධායන නීති සහ නිරෝධායන ඇඳිරිනීති උල්ලංඝණය කිරීම් පරීක්ෂා කිරීමට මෙහෙයුම් සිදු කළ අතර, එම  මෙහෙයුම් මගින් පුද්ගලයන් 9111 දෙනෙකු වාහන 5984 ක් පරික්ෂා කර තිබෙන බවත්, නිසි අවසර නොලබා ගමන් කිරීමට පැමිණි වාහන 735ක් සහ පුද්ගලයන් 1130 දෙනෙකු හරවා යැවීමට කටයුතු   කළ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක වැඩි දුරටත් සදහන් කර ඇත.
 
“බස්නාහිරින් පිටතට යන වාහන 596 ක් සහ පුද්ගලයන් 892ක් පරික්ෂා කර තිබෙනවා. බස්නාහිරට ඇතුලු වන වාහන 792ක් සහ පුද්ගලයන් 1160ක් පරික්ෂා කළා. නිසි පරිදි අවසර නොලබා පැමිණි වාහන 198ක් සහ පුද්ගලයන් 303 දෙනෙකු හරවා යැවීමට මෙම නිලධාරින් කටයුතු කළා” ඔහු තව දුරටත් පවසා තිබේ.
 
 
 

THE LEADER TV 
 
රටවිරුවන් හූරංකන අලුත් විදිහ! ගුවන්තොටේ මගඩි එළියට! 
 
 
 
රූප සුන්දරිය සමග හිරේට පැන්න ඇමති ?
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්