ප්‍රගතිශීලී ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ, වමේ පක්ෂ, සිවිල් සංවිධාන සහ පුද්ගලයින් රැසකගේ එකතුවෙන් ගොඩනැගී ඇති විකල්ප දේශපාලනයේ ජනතා කඳවුර වන ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂකයා අද (18) ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.


මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන විකල්ප අපේක්ෂකයා මෙලෙස එළිදැක්වීමට නියමිතව ඇත්තේ  ලක්ෂ සංඛ්‍යාත ජනතාවකගේ සභාගිත්වයෙන් ගෝල්ෆේස් පිටියේදී අද පැවැත්වෙන ජාතික ජන බලවේගයේ මංගල මහා රැලියේදී ය.

ඒ අනුව අද පස්වරු 3.00ට ගාලු මුවදොර පිටියේදී මෙම දැවැන්ත රැලිය පවත්වනු ඇත.

මෙම “ජාතික ජන බලවේගය” ගොඩනැගී තිබෙන්නේ විප්ලවීය සමාජවාදී කේන්ද්‍රය, වමේ කේන්ද්‍රය, ජනතා විමුක්ති පෙරමුණ, යහපාලනය සඳහා වූ ජාතික පෙරමුණ, එක්සත් වාමාංශික පෙරමුණ, විප්ලවීය සමාජවාදී කේන්ද්‍රය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය විකල්ප කණ්ඩායම, සමසමාජ විකල්ප කණ්ඩායම, සුළු ජන මහ සභාව, ජන නියමු කලාකාරැවෝ, ජාතික විද්වත් සංවිධානය, සලාමා සංවිධානය, එතෙර අපි සංවිධානය, අලුත් පියාපත්, 71 සහෝදරත්ව සංසදය, අලුත් පරපුර, ප්‍රගතිශීලි සම සංක්‍රාන්ති සාමූහිකය, Center for Dialogue, ආණ්ඩුවේ කම්කරු සමිති සම්මේලනය, ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය, දුම්රිය සේවක සංගමය, සමාජ සාධාරණය උදෙසා විශ්වවිද්‍යාල ආචාර්යවරු, ජනතා මෙහෙවර උදෙසා රාජ්‍ය සේවකයෝ, ජනවබෝධ කේන්ද්‍රය, ජාතික ධීවර සහයෝගීතා ව්‍යාපාරය, ජාතික භික්ෂු පෙරමුණ, ඩාබිඳු සාමූහිකය, ශ්‍රී ලංකා ජමාතේ ඉස්ලාම් සංවිධානය, ශ්‍රී ලංකා විද්‍යාර්ථීන්ගේ හා වෘත්තිකයන්ගේ සංවිධානය SLAPA, සවිස්ත්‍රි ජාතික ව්‍යාපාරය, සමාජ ක්‍රියාකාරීන් ඇතුළු විවිධ වෘත්තිකයන්, කලාකරුවන්, විවිධ සමාජ ක්‍රියාකාරීන් රැසකගේ ඒකරාශී වීමෙනි.

දිගුකාලීන් දේශපාලන අත්දැකීම් සහිත, මනා පෞරෂත්වයක්, අත්තනෝමතිකත්වයට හා දූෂණයට විරුද්ධ රටට ආදරය කරන, විකල්ප නායකත්වයක් රටට බලාපොරොත්තු වන සියළුදෙනාට පිළිගත හැකි පුද්ගලයෙකු අද' දින සිය කඳවුරේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන බව ජාතික ජන බලවේගය සඳහන් කරති.

කෙසේවුවද 'ද ලීඩර්' මිට ඉහතදී ද වාර්තා කලේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක 'අපේක්ෂාවේ අපේක්ෂකයා' ලෙස නම්කිරීමට නියමිත බවයි.

අද පැවැත්වෙන මෙම රැලිය පස්වරු 5.30 සිට රාත්‍රී 07 දක්වා සිරස රූපවාහිනිය ඔස්සේ විකාශය කිරීමට නියමිත අතර එම රැලිය සජීවී ලෙස විකාශය කිරීමට 'theleader.lk' ද කටයුතු යොදා ඇත.

සබැඳි පුවත් 

ජනාධිපතිවරණය : ජවිපෙන් අපේක්ෂකයෙක් ස්ථිරයි- අනුර ද? බිමල් ද?

NPP 2019.08.17

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්