හෝටල් නිරෝධායනකින් තොරව අසාධිත නොවන අය මුදා හැරීමට තීන්දුවක්..
ගුවන් තොටුපල ගසා කෑම පිළිබදව සෞඛ්‍ය අමාත්‍යාංශය හා ගුවන් තොටුපල බලධාරීන් සමග කල සාකච්ඡා යහපත් ප්‍රතිඵල සහිතව අවසන් වූ බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය නිවේදනය කර සිටියි.
එම සංගමයේ සභාපති රවී කුමුදේශ් එබව සඳහන් කළේය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇතැම් නිළධාරීන් සහ විශේෂඥයින්ගේ මැදිහත් වීමෙන්, නිවැරදි, වේගවත් සහ ලාභදායි PCR තාක්ෂණය භාවිතා කිරීමට ඇති හැකියාව අවහිර කරමින්, PCR පරීක්ෂණ ලබා දීමේ ප්‍රමාදයක් ඇති කිරීම හේතුවෙන්, ගුවන් මගින් මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයින් සහ සංචාරකයින් ගසා කෑම කලක පටන් සිදු වේ.
ඊට පිළියමක් වශයෙන් කටුනායක ජාත්‍යතර ගුවන්තොටුපල පරිශ්‍රයේ නවීන රසායනාගාර දෙකක් ඉදි කලද, ගුවන් මගීන්ගේ නිදර්ශක එම රසායනාගාර වලට යොමු නොකරමින්, පෞද්ගලික රසායනාගාර දෙක තුනකට යොමු වෙන ආකාරයට කටයුතු කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට චෝදනා එල්ලවී තිබේ.
ඒ සම්බන්ධ ප්‍රතිපත්ති තීරණ ගැනීමේදී පෞද්ගලික රසායනාගාරවල අනියම් සේවාවන් සපයන ඇතැම් විශේෂඥයින්ට පමණක් අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ද රජයට විවේචන එල්ලවෙමින් ඇත.
විශේෂයෙන් 'හිරු' මාධ්‍ය ජාලය ඇතුළු මාධ්‍ය ආයතන කිහිපයක් මේ සම්බන්ධයෙන් ගෙනගිය අනාවරණය කිරීම් හමුවේ, සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල පැවසුයේ, විදේශගතව සිට පැමිණෙන පිරිස් නිරෝධායනයට සහ පී.සී.ආර් පරීක්ෂණ වලට යොමු කිරීමේදී සිදුවන බව කියන මුදල් ගසා කෑම් පිළිබඳව කඩිනමින් පියවර ගැනෙන බවයි.
එම තොරතුරු වල සත්‍යතාවක් තිබෙනු ඇතැයිද එය නිවැරදි කිරීමට අවශ්‍ය පියවර කඩිනමින් ගනු ලබන්නේ යැයිද සෞඛ්‍ය අමාත්‍යවරයා කීය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ද මේ සම්බන්ධයෙන් කඩිනමින් ක්‍රියාමාර්ග ගන්නා ලෙස උපදෙස් ලබාදුන් බවත්, යම් වරදක් කවුරුන් හෝ පෙන්වා දෙන්නේ නම් එය නිවැරදි කිරීමට රජය කිසිසේත් පසුබට නොවන බවත් අමාත්‍ය රඹුක්වැල්ල සඳහන් කර සිටියේ, පේරාදෙණිය ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යරු ඇතුළු පිරිසක් සමඟ පෙරේදා (14) සිදු කළ සාකච්ඡාවකින් පසුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.
මෙරටට පැමිණෙන සංචාරකයින් හා ශ්‍රී ලාංකිකයින් ගසා කෑම පිළිබදව දිගින් දිගටම ලැබෙමින් පවතින පැමිණිළි විමර්ෂණය කරමින් වත්මන් සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ඊයේ දිනයන්හිදී වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය සමග විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇත.
පවතින දුෂිත තත්වය නිවැරදි කිරීම සදහා අවංකව මැදිහත්වන්නේ නම්, ඒ වෙනුවෙන් තම සංගමයේ පූර්ණ සහය ලබා දෙන ලද බව වෘත්තීය සමිති නායක රවී කුමුදේශ් එහිදී ඇමතිවරයාට සහතික වී ඇත.
වෘත්තීය සමිති නායක රවී කුමුදේශ්
PCR පරීක්ෂණ ප්‍රමාදයට හේතුවී ඇති නව තාක්ෂණය ලබා ගැනීමට අනවරතව බාධා කරනු ලබන රසායනාගාරය සේවාවේ ප්‍රධානීන්ගේ ක්‍රියාකලාපය වෙනස් කර දෙන තම සංගමය විසින් ඉල්ලා සිටි බවත්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහයෝගය ලැබෙන්නේනම්, පැය කිහිපයකින් PCR වාර්ථා ලබා දීමේ හැකියාව තම සංගමය සතු බවත් රවී කුමුදේශ් එම සාකච්ජාවේදී සෞඛ්‍ය බලධාරීන්ට පෙන්වා දී ඇත.
කොමිස් වෙනුවෙන් PCR අයිතිකරුවන් ලෙස පෙනී සිටන ඇතැම් තාක්ෂණික විශේෂඥයින් රැපිඩ් PCR, ජංගම PCR රසායනාගාර, වඩා වේගයෙන් සිදුකල හැකි ප්‍රතික්‍රීයක ලබා ගැනීම ඇති හැකියාව මේ වන විටත් අවහිර කරඇතිබව ද රවී කුමුදේශ මෙම සාකච්ජාවේදී පැහැදිලිකර තිබේ.
පරිත්‍යාග ලෙස ලබා දී ඇති ජංගම PCR රසායනාගාර සහ ඉතා කෙටි කාලයකින් වාර්ථා ලබා දිය හැකි රැපිඩ් PCR යන්ත්‍ර මාස හතරක් තිස්සේ ලබා ගැනීම ප්‍රමාද කර ඇත්තේ, දැනට භාවිතාවන ප්‍රතික්‍රියක සදහා තරගකාරීතවයක් ඇති වීම වැලක්වීම සදහාය.
මෙකී පරීක්ෂණ මිලගණන් පිළිබදව ඉතා සාවද්‍ය වාර්ථා ලබා දෙමින්, සෞඛ්‍ය ඇමතිවරයා පවා නොමග යවා ඇති බවක් පෙනෙන්නට තිබෙන අතර, ඒ සියල්ල හේතුවෙන් විවේචනයට ලක්වන්නේ සෞඛ්‍ය අමාත්‍යවරයා බවද වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පෙන්වා දී තිබේ.
කෙසේ නමුත්, ගුවන් මගීන් අනවශ්‍ය ලෙස නිරෝධායනය නොකරමින්, පැය කිහිපයක් ඇතුලත වාර්ථා ලබා දිය යුතු බව සෞඛ්‍ය ඇමතිවරයාගේ ස්ථාවරය වූ බැවින් ඒ සදහා ඉදිරි දින කිහිපය වැඩපිළිවෙලක් සැකසීමට හැකිවනු ඇති බව රවී කුමුදේශ් විශ්වාසය පළකරයි.
මේ අතර අද දිනයේ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග සමග ද මේ සම්බන්ධයෙන් වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය විශේෂ සාකච්ජාවක් පවත්වා ඇත.
මෙම වැඩ පිළිවෙල සඳහා සංචාරක හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය වරයාගේද පූර්ණ සහයෝගය ලැබී ඇති බැවින්, යෝජිත තාක්ෂණික උපක්‍රම භාවිතා කිරීමට එරෙහිව ඇති බාධාවන් ඉවත් කල වහාම, ගුවන් මගීන්ගේ PCR පරීක්ෂණ කඩිනමින් ලබාදීම සදහා තම කාර්යමණ්ඩලය පුර්ණ දායකත්වය ලබා දෙන බවට වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය සහතික වේ.
.........
සබැඳි පුවත් :
THE LEADER TV
ලොක්කෝ මෙච්චර ලොහාන්ට බය ඇයි?
බොක්කත් හූරං කන කොරොනා මාෆියාවක්!