යුරෝපයට භාණ්ඩ අපනයනය සඳහා තව දුරටත් බදු සහන සලසා දීමට ගැලපෙන මානව හිමිකම් චර්යාවක් ශ්‍රී ලංකාවේ රජය විසින් පවත්වාගෙන යන්නේදැයි විමර්ශනය කිරීම සඳහා පංච පුද්ගල දූත මණ්ඩලයක් යුරෝපා
පාර්ලිමේන්තුව විසින් නම් කර තිබේ.
 
සැප්තැම්බර් 27 වැනිදා දිවයිනට ලඟා වන මෙම ඉහළ පෙලේ නියෝජිත පිරිස යුරෝපා වෙළෙඳාම සහ තිරසාර සංවර්ධනය පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක නිකොලාස් සයමිස් (Nikolaos Zaimis, - Senior Adviser on Trade and Sustainable Development), යුරෝපා විදේශ ක්‍රියාකාරී සේවයේ (EEAS) දකුණු ආසියා කලාපීය ප්‍රධානී අයෝනිස් ජියෝගරාකිස්-ආර්ජිරෝපොලෝස් ( Ionnis Giogkarakis-Argyropoulos - Head of Division South Asia, European External Action Service (EEAS),  GSP වෙළෙඳ වරණය පිළිබඳ සම්බන්ධීකාරක ගුයිඩෝ ඩෝරා (Guido Dolara - Coordinator GSP Trade Preferences), රැකියා, සමාජ කටයුතු සහ අන්තර්ග්‍රහණය පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් කාර්යාලයේ ප්‍රධානී ලුයිස් ප්‍රාට්ස් (Lluis Prats – Head of Unit, Directorate-General for Employment, Social Affairs and Inclusion),
සහ ශ්‍රී ලංකාව හා මාලදිවයින සම්බන්ධ EEAS නිලධාරිනී මොනිකා බයිලයිටේ (European Commission; and. Monika Bylaite - Desk Officer for Sri Lanka and the Maldives, EEAS) ගෙන් සමන්විත බව යුරෝපා සංගමයේ කොළඹ කාර්යාලය නිවේදනය කරයි.
 
ඔක්තෝබර් පස්වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ රැඳී සිටින මේ පස් කට්ටුව ආණ්ඩුවේ, වෘත්තීය සමිතිවල, සිවිල් සමාජයේ, සේවායෝජකයන්ගේ නියෝජිතයන් මෙන්ම එක්සත් ජාතීන්ගේ ආයතනද මුණගැසීමට නියමිතය.
 
 
 
 
ත්‍රස්තවාදය වැළක්වීමේ පනත ක්‍රියාවේ යෙදවීම ඇතුළු මානව අයිතිවාසිකම් වලට හානිකර කටයුතු දිගටම සිදුකරන නිසා ශ්‍රී ලංකාවට දෙනු ලබන GSP+ බදු සහනය අත් හිටුවීම නිර්දේශ කෙරෙන යෝජනාවක් යුරෝපා පාර්ලිමේන්තුව පසුගිය ජූනි මාසයේ සම්මත කරගන්න ලදී.
 
 
 
මානව හා කම්කරු අයිතිවාසිකම්, පරිසරය සහ යහපාලනය සුරැකීම සඳහා වන ජාත්‍යන්තර සම්මුති මහින්ද රාජපක්ෂ පාලනය විසින් ක්‍රියාත්මක නොකිරීම නිසා 2010 පෙබරවාරියේදී අත් හිටුවන ලදුව යහපාලන රජය විසින් මානව හිමිකම් සම්බන්ධ ජාත්‍යන්තර සම්මුති 27ක් ක්‍රියාත්මක කරනු ඇතැයි යන  විශ්වාසයෙන් 2017 මැයි මාසයේදී නැවත ප්‍රදානය කෙරුණු GSP+ නම් වරණීය බදු සහනය ශ්‍රී ලංකාවට දිගටම සලසා දීම සුදුසු දැයි යුරෝපා සංගමය විසින් නොවැම්බරයේදී සලකා බැලීමට නියමිතය. 
 
 

THE LEADER TV 
PCR සජීත්ට පරස්පර කතාවක් කියලා ! 
 
කබ්‍රාල් වැඩ අල්ලයි : බැඳුම්කර ලිපිගොනු භාර දවුලුගල ඉවතට !
 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්