1200 x 80 DMirror
 
 

අධ්‍යාපනය හමුදාකරණයට එරෙහිව විරෝධතා දැක්වු ශිෂ්‍ය හා වෘත්තීය සමිති නායකයන් වෙත එල්ල කර ඇති අසාධාරණ මර්දනය

නවතා දැමීම සදහා මැදිහත් වන්නැයි රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති රැසක් නියෝජනය කරන ස්වාධීන සංවිධානයක් අගමැතිවරයාගෙන් ඉල්ලා තිබේ.

මහින්ද රාජපක්‍ෂ අගමැතිවරයා වෙත සැප්තැම්බර් 17 වැනි සිකුරාදා ලිපියක් යොමු කරමින් 'පොදු දේපල හා මානව හිමිකම් සුරැකීමේ මධ්‍යස්ථානය' දැනුම් දී ඇත්තේ, කොතලාවල පනත තුළින් නිදහස් අධ්‍යාපනයට ඇතිවිය හැකි ව්‍යසනයට එරෙහිව සංවිධානය කළ සාමකාමී උද්ඝෝෂණයේ දී කිසිදු ගැටුමක් ඇතිකර ගැනීමට අවශ්‍යතාවයක් නොතිබු අතර එය පදනම් කරගෙන මර්දනකාරී පියවරයන් වල නිරතවීම පිළිබඳව රටේ පිළිගත් වෘත්තීය සමිති ලෙස අප්‍රසාදය පළකරන බවයි.
 
අගෝස්තු 3 වැනි දින කොතලාවල පනතට එරෙහිව ශිෂ්‍ය ව්‍යාපාරය, වෘත්තිය සමිති හා සිවිල් සංවිධාන එක්ව දියත් කළ උද්ඝෝෂණය පදනම් කර මේ වන විට අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු ශිෂ්‍ය හා සමාජ ක්‍රියාකාරින් පස් දෙනෙකු රක්‍ෂිත බන්ධනාගාරගත කොට ඇත.
 
 
පොදු දේපල හා මානව හිමිකම් සුරැකීමේ මධ්‍යස්ථානයේ සම කැඳවුම්කරුවන් වන සිල්වෙස්ටර් ජයකොඩි, රන්ජන් සේනානායක යන වෘත්තිය සමිති නායකයන් දෙදෙනාගේ අතිසනින් යුතුව නිකුත් කර තිබෙන ලිපියේ වැඩි දුරටත් සදහන්ව ඇත්තේ තවත් වෘත්තීය සමිති නායකයන්, ශිෂ්‍ය හා සිවිල් ක්‍රියාකාරීන් සොයා රහස් පොලිසිය ලූහුබැඳීම් සිදුකරමින් සිටින බවයි.
 
  
"බන්ධනාගාරගත කළ පිරිසට ඇප ලබා නොදෙමින් සිටින අතර ශිෂ්‍යයින්ගේ විභාග කටයුතු හා සමහර රැඳවියන්ගේ අසනීප තත්ත්වයන් පවා පෙන්වා දෙමින් සාධාරණ ඇප ඉල්ලීම් ඉදිරිපත් කළද ඒ සියල්ල නොසලකා හැර ඇත."
 
තවද මේවන විට එලෙස බන්ධනාගාරගත කර සිටින සොයුරු, සොයුරියන් කිහිප දෙනෙක් කොවිඩ්  ආසාදිතව රෝගාතුරව සිටින අතර ඔවුන්ට අවශ්‍ය වෛද්‍ය පහසුකම් පවා නිසි ලෙස ලබානොදෙමින් හිංසනයට ලක්කර ඇති බවත් වෘත්තිය සමිති නායකයෝ අගමැතිවරයාට දැනුම් දී තිබේ.
 
 එම ලිපිය වැඩි දුරටත් අගමැතිවරයාට අවධාරණය කර ඇත්තේ ක්‍රියාධරයන්ට එහෙරිව ක්‍රියාත්මක වන අසාධාරණ මර්දනය පියවර ආණ්ඩුවේ ප්‍රතිරූපයටත් බලවත් හානියක් බවයි.
 
 Student activitist
අධ්‍යාපනයේ නිදහස වෙනුවෙන් සටන් වදින්නන් 'කෝවිඩ් බෝකර මරා දැමීමේ වෑයමක්.
 
  
"අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩල කැඳවුම්කරු ඇතුළු බන්ධනාගාරගත කර සිටින පිරිසට ඇප ලබාගැනීම සඳහා ඉතා සාධාරණ කරුණු දක්වා තිබිය දී එසේ ලබා නොදෙමින් වතු සේවා සංගමයේ සභාපති චතුර සමරසිංහ, විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ කොතලාවල පනතට එරෙහි ක්‍රියාකාරී කමිටුවේ සාමාජික ආචාර්ය මහිම් මෙන්ඩිස් ඇතුළු වෘත්තීය සමිති නායකයින් වෙත අත්අඩංගුවට ගැනීමේ තර්ජන එල්ල කරමින් ගෙන යන මෙම ක්‍රියාදාමය රටේ නීතිය, සාමය හා සාධාරණත්වය ස්ථාපිත කිරීමට ප්‍රතිඥා දී බලයට පැමිණි ඔබතුමා ඇතුළු වත්මන් ආණ්ඩුවේ ප්‍රතිරූපයට වන බලවත් හානියක් බව රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති රැසක් නියෝජනය කරන ස්වාධීන සංවිධානයක් වන පොදු දේපළ හා මානව හිමිකම් සුරැකීමේ මධ්‍යස්ථානය ලෙස අප පෙන්වා දෙමු."
 
එබැවින් අදහස් දැක්වීම, විරෝධය දැක්වීම, ඒ වෙනුවෙන් ක්‍රියාකාරකම් සංවිධානය කිරීම පිළිබඳව දේශීයව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මෙන්ම ජාත්‍යන්තරව ද ආණ්ඩුව බැඳී ඇති සම්මුතීන් වලට ද පටහැනිව මෙලෙස කටයුතු කිරීම නිවැරදි කිරීම සඳහා කඩිනමින් මැදිහත්වන ලෙස වෘත්තිය සමිති නායකයෝ අගමැතිවරයාගෙන් ඉල්ලා තිබේ.
 
 
මෙම තත්වය දිගින් දිගටම නිවැරදි නොවන්නේනම් වෘත්තීය සමිතිවල සාමාජිකත්වය ඇතුළු සමස්ත ජනතාව වෙත මෙම අවනඩුව ඉදිරිපත් කරමින් ඉදිරි ක්‍රියාමාර්ග වෙත පිවිසීමට සිදුවන බවටත් ඔවුහු අනතුරු අගවා ඇත.
 
  
 ඒ අනුව ඉහත සියලූ තත්වයන් සලකා බලා නගා ඇති පදනම් විරහිත චෝදනා ඉවත්කර සියලූ රැඳවියන් නිදහස් කරන ලෙසත්, ශිෂ්‍ය හා වෘත්තීය සමිති නායකයන් අත්අඩංගුවට ගැනීමට ලූහු බැඳීම් ක්‍රියාදාමය නවතා දමන ලෙසත්, සිල්වෙස්ටර් ජයකොඩි, රන්ජන් සේනානායක  යන වෘත්තිය සමිති නායකයන් දෙදෙනා අගමැති මහින්ද රාජපක්ෂගෙන් ඉල්ලා තිබේ.
 
 එම ලිපියේ පිටපත් පාර්ලිමේන්තුවේ සියලූම පක්‍ෂ නායකයන්, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම,  අධ්‍යක්‍ෂ - ජාත්‍යන්තර කම්කරු කාර්යාලය, ශ්‍රී ලංකාව, අධ්‍යක්‍ෂ - මානව හිමිකම් කාර්යාලය, එක්සත් ජාතීන්ගේ කාර්යාලය, ශ්‍රී  ලංකාව වෙතත් යොමු කර ඇත.
 
 ලංකා බැංකු සේවක සංගමය, ලංකා වෙළඳ කාර්මික හා පොදු කම්කරු සංගමය, ලංකා වතු සේවා සංගමය, මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය,  එක්සත් කම්කරු සම්මේලනය, තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය,  ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍ය වේදීන්ගේ සංගමය, එක්සත් පොදු සේවා සංගමය, වාණිජ හා කාර්මික සේවක සංගමය, රක්‍ෂණ සේවක සංගමය, තොරතුරු හා විදුලි සංදේශ සියලූ සේවක සංගමය,  ලංකා ගුරු සංගමය, දුම්රිය ශ්‍රේණිගත වෘත්තීය සමිති එකමුතුව, ටෙලිකොම් ඉංජිනේරුමය ඩිප්ලෝමාධාරීන්ගේ සංගමය,  ආහාර, බීම සහ දුම්කොළ කර්මාන්ත සේවක සමිතිය,  ස්වාධීන තටාක සේවක සංගමය, ජාතික නිදහස් වෘත්තීය සමිතිය, රජයේ මුද්‍රණ ශිල්පීන්ගේ සංගමය, ලංකා වැවිලි සේවා සංගමය, ඉඩම් හා කෘෂිකාර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය, PEOTECTසංගමය යන වෘත්තිය සමිති වලින් පොදු දේපල හා මානව හිමිකම් සුරැකීමේ මධ්‍යස්ථානය  සමන්විතය.
 

 


THE LEADER TV 
 
බැසිල්ගේ චාටු කතාවලට විමල්ලා අහුවෙයි? 
 

 
PCR සජීත්ට පරස්පර කතාවක් කියලා ! 
 

 

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58