ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමට තීන්දු කොට තිබේ.
එසේ ඉල්ලා අස්වන මහින්ද සමරසිංහ ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති ලෙස වැඩ බාරගැනීමට නියමිතය.  
 
ඔහුට එම තනතුර බර ගන්නා ලෙස ඉල්ලිමක් කර ඇත්තේ ජනාධිපතිවරයා විසිනි.
 
ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති ලෙස කටයුතු කළ රවිනාථ ආරියසිංහ පසුගිය සතියේ විශ්‍රාම ගිය අතර මේවනවිට එම තනතුර පුරප්පාඩු වී ඇත.
 
ජනාධිපතිවරයා අද උදැසන ඇමරිකාව බලා පිටත්ව ගියේය. ඒ, සැප්තැම්බර් 21 වනදා, නිව්යෝර්ක්හී දී ඇරඹෙන එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසිවාරයට සහභාගිවීම සදහායි.
 
මේ අනුව මහින්ද සමරසිංහ වහාම ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති ධුරය බාරගෙන එරටට යාමට නියමිතව තිබේ.
 
 
THE LEADER TV 
පොළොං නරුවෝ 
 

 
බැසිල්ගේ චාටු කතාවලට විමල්ලා අහුවෙයි? 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්