එළඹෙන ජනාධිපතිවරණයේදී ද එක්සත් ජාතික පක්ෂයෙන් පිට අයකු ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට එහි නායක අගමැති රනිල් වික්‍රමසිංහ සුදානම්

වන බවට මාස කිහිපයක් පුරා පැවති දේශපාලන කතාබහට තිත තබමින්, එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂකයා එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කිරීමට එම පෙරමුණේ නායකයින් එකඟතාවයකට පැමිණ තිබේ.

එම එකඟතාවයට පැමිණියේ ඉදිරියේදී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ එක්සත් ජාතික පෙරමුණේ නායකයින් අතර ඊයේ (අගෝස්තු 17 සෙනසුරාදා) පැවති සාකච්ඡාවකදී බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසයි.

බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ එසේ එක්සත් ජාතික පක්ෂයෙන් නම් කෙරෙන ජනාධිපති ධූර අපේක්ෂකයා, එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන අනෙකුත් පක්ෂ විසින් අනුමත කළ යුතු බවට එකඟතාවයකට පැමිණි බවය.

ලේකම් තනතුර එජාපයට :

එසේම ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණ සඳහා ඉදිරිපත් වීමට නියමිත සන්ධානයේ ලේකම් තනතුර ද එක්සත් ජාතික පක්ෂයට හිමිවනු ඇති බවත් ඔහු සඳහන් කළේය.

අමාත්‍ය රාජිත සේනාරත්නගේ නිල නිවසේ පැවති එම සාකච්ඡාව සාර්ථක වූ බව ද ඇමතිවරයා පැවසීය.

මේ අතර අමාත්‍ය රවී කරුණානායක ද පැවසුවේ සෙනසුරාදා පැවති සාකච්ඡාව සාර්ථක වූ බවය. එළඹුණු සහ එළඹීමට යෝජිත එකඟතා පිළිබඳ ඉදිරියේදී හෙළි කරන බව ඔහු තවදුරටත් සඳහන් කළේය.

තම ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් අමාත්‍ය මනෝ ගනේෂන් පවසන්නේ එක්සත් ජාතික පෙරමුණේ නායකයින් වන රාජිත සේනාරත්න, චම්පික රණවක, රවුෆ් හකීම්, අර්ජුන රණතුංග ද එම සාකච්ඡාවට සහභාගී වූ බවය.

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් අකිල විරාජ් කාරියවසම්, මංගල සමරවීර, රවී කරුණානායක සහ කබීර් හෂීම් ඊට එක්වී තිබේ.

අමාත්‍ය මනෝ ගනේෂන් තවදුරටත් පවසන්නේ එක්සත් ජාතික පෙරමුණෙහි ව්‍යවස්ථාව පිළිබඳව අවසන් තීරණයකට එළඹී බවය.

මනෝ ගනේෂන්ගේ ෆේස්බුක් සටහන

මෙම සාකච්ඡාව පවත්වා ඇත්තේ එක්සත් ජාතික පෙරමුණෙන් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කෙරෙන අපේක්ෂකයා පිළිබඳව අපැහැදිලි පසුබිමක් ඇති අවස්ථාවකදීය.

එක්සත් ජාතික පෙරමුණ පසුගිය අගෝස්තු 5 වෙනිදා කොළඹදී ජනතා රැළියක් පැවැත්වීමට නියමිතව තිබුන ද මත ගැටුම් නිසා එය අවලංගු කළ බව වාර්තා විය.

Sajith Twite

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස සිකුරාදා (අගෝස්තු 16) ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් තමා අනිවාර්යෙන්ම එළඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව පවසා තිබිණි.

කථානායක කරු ජයසුරිය ද තමාට පක්ෂයෙන් ආරාධනා කළහොත් ජනාධිපතිවරණයට සහභාගී වීමට සූදානම් බව බීබීසී සිංහල සේවය සමග ෆේස්බුක් සාකච්ඡාකට එක්වෙමින් මීට පෙර පැවසීය.

(උපුටා ගැනීම් - බීබීසී සිංහල සේවය)

සබැඳි පුවත් :

එ.ජා.පෙ. සන්ධාන නායක සාකච්ඡා සාර්ථකයි! සන්ධාන ලේකම් එජාපයෙන්!

කළුතරින් ජනාධිපතිවරයෙක් - රාජිතට සිහල රාවයෙන් සහතිකයක් !

ගෝඨාට එරෙහිව ෆොනී ! -ගෝඨා නැත්නම් රනිල් !!

ෆොනී - රාජිත විසිවේ : රනිල්ගේ අලුත්ම තේරීම චම්පික !

රනිල් ධම්මිකට දීපු ලනුව ඇමතිවරු තුනකටත් දීලා !

මංගල, ධම්මික 'හයර්' කිරීමේ රනිල්ගේ ව්‍යාපෘතිය 'බ්ලාස්ට්' කරයි !

රනිල්ගේ අලුත්ම 'ගේම' - 'ධම්මික පෙන්නා එජාපය බියගැන්වීම'

UNP අපේක්ෂකයා : "ධම්මික නොවේ" - ඇමති අජිත් රහසක් කියයි

UNP ජනාධිපති අපේක්ෂක: මංගල ඇයි කලබල? - ධම්මික පෙරේරා විමසයි

එජාප අපේක්ෂකයා ධම්මික ද ? : ඇත්ත-නැත්ත මංගල කියයි (වීඩියෝ)

'මම ජනාධිපතිවරණයට එනවා'' - ධම්මික පක්ෂ නායකයින්ට දැනුම් දේ !

''පොදු අපේක්ෂක කතා බොරු. යූ.එන්.පී. අපේක්ෂකයා පක්ෂයෙන්මයි''

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්