නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහලේ වැසිකිළියක තිබී සැප්තැම්බර් 14 දා සොයාගත් අත් බෝම්බය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී ඒ පිළිබඳව කරුණු රැසක් අනාවරණයවී ඇතැයි පොලිස් මුලස්ථාන ආරංචි
මාර්ග පවසයි.
 
අත් බෝම්බයක් තිබෙන බව රෝහල් බලධාරීන් වෙත දැනුම්දුන් රෝහල් සේවකයා ගැන මතුව ඇති සැකය මත ඔහු අත්අඩංගුවට ගෙන සිදුකල විමර්ශවලදී  එම අත් බෝම්බය මිට කෙටි කලකට ඉහතදී අභාවප්‍රාප්තවූ හිටපු අමාත්‍ය ටී. බී. ඒකනායක ගේ නිල නිවසකින් සොරාගත් එකක් බව කොළඹ අපරාධ මර්දන කොට්ඨාසය (CCD) හෙළිකර ගෙන තිබේ.
 
සැකකරුගෙන් ලද තොරතුරු සනාථ කර ගැනීමට අදාළ ඇමතිවරයා සිටී නිල නිවස පරීක්ෂා කර ඇත. දැන් එහි පදිංචිව සිටින්නේ රාජ්‍ය අමාත්‍ය ඩී. බී. හේරත්ය.
 
හිටපු අමාත්‍ය ටී. බී. ඒකනායක අභාවප්‍රාප්ත වී රාජ්‍ය අමාත්‍ය ඩී. බී. හේරත් එම නිවසේ පදිංචියට එනතෙක් මාස  කිහිපයක් එම නිවසේ හමුදා අනු ඛණ්ඩයක් පදිංචිව සිට ඇත. 
 
හමුදා නිලධාරීන් එම නිලධාරීන් ඉවත්වූ පසු එම නිවසේ සේවයකර ඇති සැකකරුට හා තවත් සේවකයකුට මෙම අත්බෝම්බ හා පතොරොම් කිහිපය හමුව තිබේ.
 
කොළඹ අපරාධ මර්දන කොට්ඨාසය පවසන්නේ, සැකකරු සමග මහව ප්‍රදේශයට ගොස් නිවසක් පිටුපස වල දමා තිබූ පුහුණුවීම්වලට ගන්නා  පතොරම් 15ක්, 9mm වර්ගයේ පිස්තෝලයට භාවිත කරන උණ්ඩ 5ක් සහ රිවෝල්වර සඳහා භාවිත කරන පතුරම් 10ක් සොයාගත් බවය.
 
එම පතොරම් රැගෙන  ඇවිත් තිබෙන්නේ, මෙම සැකකරු සමග සිටි අනෙක් සගයායි.
 
සැකකරුවන් දෙදෙනා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රඳවා තබාගෙන තබාගෙන ප්‍රශ්න කෙරේ. 
 
බෝම්බයක් සොයාගත් බව පෙන්නා මුදල් ත්‍යාගයක් ලබා ගැනීමට බලාපොරොත්තු වූ බව සැකකරු සඳහන් කර ඇතැයි පොලිස් මුලස්ථා ආරංචිමාර්ග වැඩිදුරටත් කියා සිටියි.
 
 
සබැඳි පුවත 
 

 
THE LEADER TV
 
සන්නා මහ රෑ •හෙළිකළ යු-ටියුබ් ගණිකාවෝ...!

  31

 
පොළොං නරුවෝ 

  

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්