මහ බැංකු මුල්‍ය මණ්ඩල ලේකම් ඉවත් කිරීම, පැරණි බැංකු මංකොල්ල වැසීම හා තවත් අලුත් මහ බැංකු කොල්ලයක ආරම්භය වනු ඇතැයි
මාතලේ දිස්ත්‍රික්ක සජබ පාර්ලිමේන්තු මන්ත්‍රීණී රෝහිණී කවිරත්න පවසන්නීය. 
 
බැඳුම්කර ජනාධිපති කොමිසම, ඊටීඅයි ෆිනෑන්ස් ඉන්වෙස්මන්ට් විගණනය, වෝහාරික විගණන මුල්‍ය විනය සම්බන්ධයෙන් සුවිශේෂී වූ විගණනයන් වෙති.  
 
මෑත කාලයේ ශ්‍රී ලංකා මහ බැංකුවේ සිදු වූ දැවැන්ත වංචා - දුෂණ - අක්‍රමිකතා සම්බන්ධයෙන් නිර්භීත හා අදීන ලෙස කටයුතු කළ සහකාර අධිපති කේ.එම්.ඒ.එන්. දවුලගල මහත්මිය මුල්‍ය මණ්ඩල ලේකම් ධූරයෙන් ඉවත් කර ඇත. 
 
එය මහ බැංකුවේ ‘මහා මුල්‍ය අපරාධ වසා ගැනීම සඳහා වන පළමු පියවර වනු ඇති අතර තවත් වරක් අලුත් මහ බැංකු කොල්ලයක ආරම්භය වනු ඇතැයි මන්ත්‍රීණි රෝහිණී කවිරත්න පවසයි. ඇය එම කාරනා සඳහන් කර ඇත්තේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි. එහි තවදුරටත් මෙසේද සඳහන් වේ.
 
Rohini 2021.09.08
මන්ත්‍රීණි රෝහිණී කවිරත්න
 
 
අර්ජුන මහනේද්‍රන් විසින් බැඳුම්කර වංචාවට අදාලව සිදු කරනු ලැබූ අනීතික, ලබැඳියාවන් අතර ගැටුම් සහගත සිදුවීම් කොමිෂන් සභා හරහා හෙළිදරව් වූවේ දවුලගල මහත්මිය විසින් සිදු කළ අති විශිෂ්ඨවූත්, නිර්භය වූත් රාජකාරි ඉටු කිරීම් නිසාය.  
 
ලංකා බැංකුවේ රෝහිණී නානායක්කාරගෙන් පසුව, ශ්‍රී ලංකා බැංකු කේෂ්ත්‍ර යේ  විශිෂ්ඨතම කාන්තාව දවුලගල මහත්මිය යි.  ශ්‍රී ලංකා මහ බැංකුවට ආචාර ධර්ම පද්ධතියක් හඳුන්වාදීම ඇතුළු කේෂ්ත්‍රයන් ගණනාවක ඇය සිය විශිෂ්ඨත්වය සලකුණු කර ඇත.  
 
 
 
2012 අගතියට පත්වීම:
 
දවුලගල මහත්මිය 2010 – 2012 සමයේ ඊටීඅයි ෆිනෑන්ස් සමාගමට අදාල මුලික කටයුතු සිදු කරනු ලැබූ අවස්ථාවේ එවකට බැංකු නොවන මුල්‍ය ආයතනය අධීක්ෂණය කිරීමේ අංශයේ ප්‍රධානියාය.  
 
ඇය ඊටීඅයි සමාගම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ  දැඩි නිර්දේශ ගණනාවක් ශ්‍රී ලංකා මුල්‍ය මණ්ඩලයේ සාකච්ඡාවට බදුන් කිරීම එවකට මහ බැංකු අධිපති කබ්රාල් ප්‍රතිකේෂ්ප කළේය. 
 
 2012 අප්‍රේල් මස ඇය වෙනත් දෙපාර්තමේන්තුවට මාරු කිරීමෙන් ඊටීඅයි තැම්පත්කරුවන්ට මුදල් අහිමි විය.  ඊටීඅයි ආයතනය සතු සම්පත්, දේපල බලසම්පන්ත පුද්ගලයින් අතට අත යටින් පත්වී ඇත.
 
 
 
අර්ජුන මහේන්ද්‍රන් යටතේ 2015 අගතියට පත්වීම:
 
අර්ජුන මහේන්ද්‍රන් සහ පිරිස විසින් පළමු බැඳුම්කර වංචාව සිදු කිරීමත් සමඟ එහි නිශ්චිත සටහන් ලේඛන ගත කරනු ලැබූවේ දවුලගල යි.  2015 දී අර්ජුන මහේන්ද්‍රන් විසින් ඇය මහ බැංකු ප්‍රාදේශීය කාර්යාල සම්බන්ධීකරණය සඳහා යැයි කියමින් (පූල් එකට) පැත්තකට කරනු ලැබීය. 
 
මහ බැංකුව හා එහි මහජන ධනය කොල්ලකෑමට මහ බැංකු අධිපතිවරුන් හා ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් සම්බන්ධ බව දැන් ස්ථාපිත කරුණකි. 
 
ඉහත සත්‍යය ජනාධිපති කොමිෂන් සභාව හමුවේ කරුණු හෙළිදරව්වන විට නීතිපති දෙපාර්තමේන්තුව සමඟ සම්බන්ධීකරණය සිදු කරනු ලැබූවේ ද, මෙම නිලධාරිනියයි. 
 
වෝහාරික විගණන වාර්තාව සකස් කිරිම සඳහා මුදල් මණ්ඩලයේ අනුමැතිය ලබාගැනීම, විගනනය සඳහා ටෙන්ඩර් කැඳවීම, ටෙන්ඩර් පිරිනැමීම ද කලමනාකරණය කර ඇත්තේ ද ඇයයි.
 
බැංකු කේෂ්ත්‍රයේ සුවිශේෂී පුද්ගල පෞර්ශයක් ද, අනන්‍යතාවයක් සහිත, සුපිළිපන් භාවයෙන්, වෘත්තීය භාවයෙන් ගෞරවයට පත් වූ දවුලගල මහත්මිගේ මුල්‍ය මණ්ඩල ලේකම් ධූරය ඉවත් කිරීම මහ බැංකු මංකොල්ලකරුවන්ලේ මංකොල්ලකාරී අතීතය වසා ගැනීමේ උත්සාහයකි.  තවත්, බැංකු මංකොල්ලයකට මාවත විවර කර ගැනීමකි. 
 
ශ්‍රී ලංකාවේ සියළුම කාන්තා සංවිධාන, පුරවැසියන්, රාජ්‍ය සේවකයින් සිවිල් ක්‍රියාකාරීන් ද සමඟ එක්ව මේ අයුක්තියට එරෙහිව හඬ නැඟිය යුතුබව පවසන පාර්ලිමේන්තු මන්ත්‍රීණී රෝහිණී කවිරත්න, ඒ සඳහා මෙරට යුක්ති කරුක සියළුම පුරවැසියන්ට ආරාධනා කර සිටියි.
 

 


 

THE LEADER TV
 
 
සන්නා මහ රෑ •හෙළිකළ යු-ටියුබ් ගණිකාවෝ...!

  31

 
 
පොළොං නරුවෝ 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්