ශ්‍රී ලංකාවේ ආණ්ඩුව විසින් මර්දනය සමග මහජනතාව අපහසුතාවයට පත් කරවන හදිසි නීතිය, මහජන ආරක්ෂක පනත, පොදු දේපල පනත ආදිය උපයෝගී කර ගනිමින් මාධ්‍යවේදීන්, විරුද්ධ මතධාරීන් හා මහජනතාව

මර්දනය කිරීමට කටයුතු කරන බැවින් එම අන පනත් හකුලා ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරනු යන සටන් පාඨ ප්‍රදර්ශනය කරමින් ප්‍රංශයේ අගනුවර පැරීසියේ දී සැප්තැම්බර් මස 18 වෙනි සෙනසුරාදා සවස 04ට උද්ඝෝෂණයක් පැවැත් වුයෝය.   

 
එම උද්ඝෝෂණය පැවතියේ ප්‍රංශයේ අගනුවර පැරීසියේ පිහිටි රිපබ්ලික් මහජන චතුරශ්‍රයේදී (Place de la Republiqe) ය.   
 
 ප්‍රජාතන්ත්‍රවාදය අගයන සිංහල, දමිළ, මුස්ලිම්  ශ්‍රී ලාංකිකයන් පිරිසක් සහභාගීවූ මෙම උද්ඝෝෂණය 'ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ප්‍රංශයේ ශ්‍රී ලාංකිකයෝ' නම් සංවිධානයක් විසින් සංවිධානය කර තිබුනේය.
 
 
(සුනිල් ආනන්ද පැරීසියේ සිට)
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
 France 1
France 2
France 3
France 4
France 5
France 6
France 7
France 8
France 9
France 10

 

 


 

THE LEADER TV 
 
 
 

විමල්ලා අවුට්: ආණ්ඩුවෙන් බටහිරට කොළකොඩි..!

 
 
පල දෙන්න පටන් අරන් 
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්