නම වැනි පාර්ලිමේන්තුවේ පැමිණීම අතින් විපක්ෂය පරදවා ආණ්ඩුව ඉදිරියට පැමිණ තිබේ.
2021 අගෝස්තු මාසයට වසරක් සපිරෙන 9 වැනි පාර්ලිමේන්තුවේ සියළු සැසිවාර සදහා සහභාගී වු ජනතා නියෝජිතයන් 11 දෙනා රාජ්‍ය නොවන සංවිධානයක් විසින් හෙළි කර ඇත.
එම එකොලොස් දෙනා අතුරින් හත් දෙනෙක් පාර්ලිමේතුවේ ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනතා නියෝජිතයෝ බව 'වෙරිටේ පර්යේෂණ ආයතනය' විසින් පවත්වාගෙන යන manthri.lk පවසයි.
මන්ත්‍රීවරුන් සිව් දෙනෙක් පාර්ලිමේතුවේ ප්‍රධාන විපක්ෂය නියෝජනය කරන සමගි ජන බලවේගයේ ජනතා නියෝජිතයන්ය.
නම වැනි පාර්ලිමේන්තුවේ වැඩ පෙන්වීම අතින් ආණ්ඩුව පරයා විපක්ෂය ඉදිරියට පැමිණ තිබුණු බවද වෙරිටේ ආයතනය විසින් හෙළි කර තිබුණි.
මාරාන්තික වසංගත ව්‍යාප්තිය හමුවේ අගෝස්තු මාසයේ පාර්ලිමේන්තු සැසිවාරයන් නොපැවැතියත් ජූලි මාසය වන විට කෝවිඩ් වසංගතය මධ්‍යයේ වුවත් පාර්ලිමේන්තු සැසිවාර 86ක් පවත්වා තිබේ.
පහත නම් සදහන් මන්ත්‍රීවරුන් 11 දෙනා ඒ සෑම සැසි වාරයකටම සහභාගී වී තිබීම විශේෂ බවයි manthri.lk පවසන්නේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
01. ගයාෂාන් නවනන්ද
02. ජගත් කුමාර
03. සුදත් මංජුල
04. සාගර කාරියවසම්
05. මධුර විතානගේ
06. උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ
07. යදාමිණී ගුණවර්ධන
සමගි ජනබලවේගය
01. චමින්ද විජේසිරි
02. ගයන්ත කරුණාතිලක
03. හේෂා විතානගේ
04 ලක්ෂ්මන් කිරිඇල්ල
සබැඳි පුවත් :
THE LEADER TV
සිංහල ඩයස්පෝරාවත් රෙඩ්ලයිට් පත්තුකරයි!
විමල්ලා අවුට්: ආණ්ඩුවෙන් බටහිරට කොළකොඩි..! | The Leader TV