දෙමළ විමුක්ති අරගලය වෙනුවෙන් මාරාන්තික උපවාසයක යෙදී ජීවිතය පරිත්‍යාග කිරීම නිසා ත්‍යාගී තිලීපන් ලෙසින් ගෞරවයට පාත්‍ර වන එල්.ටී.ටී.ඊ සංවිධානයේ ලුතිතන් කර්නල් රාසයියා පාර්තිපන් අනුස්මරණ සතිය
 ආරම්භ කිරීමෙන් පසු දෙවැනි වරටත් උතුරේදී ඔහු වෙනුවෙන් උපහාර දක්වා තිබේ.
 
 උපවාසයේ යෙදී සිටියදී මිය ගිය තිලීපන් සැමරීම සඳහා නල්ලුර් කන්දසාමි කෝවිල අසල ඉදිකර තිබු  2010 දී රජයේ ආරක්ෂක අංශ විසින් කඩා බිඳ දමන ලද තිලීපන්ගේ ස්මාරකය ඉදිරිපිට දී ඔහුගේ  34 වැනි මරණ සංවත්සරය වෙනුවෙන් සැප්තැම්බර් 19 වැනි ඉරිදා  පුෂ්පදීප උපහාර දක්වා ඇත.
 
 ඒ සදහා දෙමළ ජාතික ජනතා පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන්, නල්ලුර් ප්‍රදේශිය සභා මන්ත්‍රිනී එස්.වාසුලි  ඇතුළු  පිරිසක් එක්ව සිටි බව පළාත් බද වාර්තාකරුවෝ පවසති.
 
 
thileepan11
 
රාසයියා පාර්තිපන් අනුස්මරණ සතිය පසුගිය 15 වැනිදා උතුරෙන්  ආරම්භ කර තිබුනි.
 
 සිංහල හමුදා කඳවුරු දෙමළ පළාත් වලින් ඉවත් කර ගත යුතුයි, දෙමළ ජනතාවගේ පළාත්වල තාවකාලික දෙමළ ආණ්ඩුවක් පිහිටුවන තෙක් පුනරුත්ථාපන වැඩ තාවකාලිකව අත්හිටවිය යුතුයි, දෙමළ ජනතාවට අයිති ගම් පළාත්වල සිංහලයන් පදිංචි කරවීම කරගෙන යාම නැවැත්විය යුතුයි, දෙමළ පළාත්වල සිංහල පොලිස් ස්ථාන පිහිටුවීම නතර කළ යුතුයි, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ පොලිස් ආරක්ෂක මූලස්ථාන වල සිටින දේශපාලන රැඳවුම්කරුවන් වහා නිදහස් කළ යුතුයි ආදී ඉල්ලිම් ඉදිරිපත් කරමින් 1987 සැප්තැම්බර් 15 වනදා තීලිපන් උපවාසයක් ආරම්භ කළේය.
 
 යාපනය විශ්ව විද්‍යාලය ඉදිරිපිට උපවාසයක යෙදී සිටියදී තිලීපන් මිය ගියේ 1987 සැප්තැම්බර් 26 වෙනිදා ය.
 
 
 
 නැගෙනහිරට උසාවියෙන් තහංචි
 
 
 
 කෝවිඩ් වසංගතය පාලනයට යොදා ගන්නා සෞඛ්‍ය රෙගුලාසි හා අපරාධ නීතිය යොදා ගනිමින් මඩකලපුවේ පැවැත්වීමට නියමිතව තිබු රාසයියා පාර්තිපන් අනුස්මරණ සමරු සතිය උසාවිය මගින් පසුගියදා තහනම් කර තිබුනි.
 
 සැප්තැම්බර් 15 වැනිදා සිට 26 වැනිදා දක්වා මඩකළපුව කාත්තාන්කුඩි පොලිස් වසමට අයත් ඉඩමක පැවැත්වීමට නියමිතව තිබු මේ වසරේ සමරුව මඩකළපුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් තහනම් කර ඇත්තේ කාත්තාන්කුඩි පොලිසියේ ඉල්ලීමකටය.
 
''මෙවැනි සමරු උත්සව පැවැත්වීමෙන් විරුද්ධවාදීන්ගේ  ප්‍රහාර එල්ල විය හැකි බවත්, මේ දින වල පවතින කොරෝනා වසංගතය පාලනයට අදාළ සෞඛ්‍ය රෙගුලාසි අනුවත්, මෙවැනි සමරු උත්සව පැවැත්වීම තහනම් කරන්න'' යැයි කාත්තාන්කුඩි පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති ටි.පී.ගජනායක අධිකරණයෙන් ඉල්ලා තිබුණි.
 
 මෙවැනි සමරුවක් පවත්වන්නට සුදානම් බව පොලිස් බුද්ධි අංශ මගින් අනාවරණය කර ගත් බවද  කාත්තාන්කුඩි පොලිස් ස්ථානාධිපති පවසයි.
 
 මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් තිලීපන් සමරුව අපරාධ නීතිය යටතේ තහනම් කරමින් නියෝගය නිකුත් කර ඇත්තේ මඩකළපුව නගරාධිපති ත්‍යාගරාජා සරවනබවන්, ක්‍රිෂ්ණපිල්ලෛ සේයෝන්, පෙරිම්බරාසා ජෙනගන්, සහ  කදීහරන් නිසාන්තන් සමරු සංවිධායකයන්ටය.
 
 

THE LEADER TV 
 
 
සිංහල ඩයස්පෝරාවත් රෙඩ්ලයිට් පත්තුකරයි!
 
 
 
 
විමල්ලා අවුට්: ආණ්ඩුවෙන් බටහිරට කොළකොඩි..! | The Leader TV
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්