මේ වන විට අගනගරයේ කොරෝනා වසංගත ආසාදිතයන් ප්‍රමාණය අඩු වෙමින් පැවැතීමට හේතු තුනක්
බලපා ඇති බව දිවයිනේ ප්‍රමුඛතම  සුව සේවා  සංගමයක්  පවසයි.
 
කොවිඩ් අඩුවන වේගයට වඩා විශාල වේගයකින් කොවිඩ් පරීක්ෂණ අඩු කිරීම ඊට බලපා ඇති ප්‍රධානතම හේතුව බවයි වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසන්නේ.
 
''හැබැයි අපි කියන් නෑ අඩු වෙලා කියලා. අඩු වෙමින් පවතිනවා. ඒ කියන්නේ ආසාදිතයන් වැඩි වීමේ සීග්‍රතාවය අඩුවෙලා කිව්වොත් විද්‍යාත්මකව ඒක හරියටම හරි "
 
එම සංගමයේ සභාපති රවී කුමුදේශ් ඒ බව සදහන් කළේ සැප්තැම්බර් 20 වැනි සදුදා කොළඹදී පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.
 
කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණය අඩුවීමට බලපාන අනෙකුත් හේතු දෙක ලෙස වෘත්තියවේදියා පෙන්වා දෙන්නේ  එන්නත්කරණය හා වැඩි දෙනෙකු මේ වන විටත් කොවිඩ් ආසාදිතයන් බවට පත්ව තිබීමයි.
 
  
මේ වන විට පරීක්ෂණ ප්‍රමාණය අඩුකිරීම හේතුවෙන් දැනට ඇති වෙමින් පවතින තත්වය විද්‍යාත්මකව කියවා ගැනීමට නොහැකි වී ඇති බව පෙන්වා දෙන රවී කුමුදේශ් අවධාරණය කරන්නේ, ඒ නිසාම වසංගතය නැවත වැරදි ලෙස පුරෝකථණය වීමේ අවදානමක් පවතින බැවින් එය නැවත කොවිඩ් රැල්ලකට හේතුවක්ද විය හැකි බවයි.
 
  
කොවිඩ් පරීක්ෂණ ප්‍රමාණය අඩු කිරීම පිළිබදව සෞඛ්‍ය අමාත්‍යාංශයේ රසායනාගාර සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා සෘජුවම වග කිවයුතු වන අතර, රටට පැමිණීමට නියමිත නව තාක්ෂණය සහ පරීක්ෂණ පහසුකම් වැලැක්වීමට හා ප්‍රමාද කිරීම සදහා ඔහුගේ තීරණ හේතු වී ඇති බවටත් රවී කුමුදේශ් චෝදනා කරයි.
 
අගනගරයේ කොරෝනා ආසාදිතයන් අඩුවෙමින් පැවතීම සම්බන්ධයෙන් රවී කුමුදේශ් කරන පැහැදිලි කිරීම පහත වීඩියෝවෙන් නරඹන්න,
 

 

 

 


 

THE LEADER TV 
 
 
සිංහල ඩයස්පෝරාවත් රෙඩ්ලයිට් පත්තුකරයි!
 
 
 
 
විමල්ලා අවුට්: ආණ්ඩුවෙන් බටහිරට කොළකොඩි..! | The Leader TV
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්