ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට තෝරා පත් කර ගනු ලැබූ ජයන්ත කැටගොඩ අද (21) පෙරවරුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු
ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන ඉදිරියේ දිවුරුම් දෙනු ලැබිය.
 
ජයන්ත කැටගොඩ එලෙස දිවුරුම් දෙනු ලැබුවේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ අජිත් නිවාඩ් කබ්රාල් ගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය වෙනුවෙනි.
 
ජයන්ත කැටගොඩ 09 වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රී වරයෙකු ලෙස මීට පෙර ද කටයුතු කළ අතර බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයාට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීමට අවස්ථාව ලබාදෙමින් ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස්විය.
 
ඒ අනුව ජයන්ත කැටගොඩ මෙලෙස එම සභාවාරය තුළ පාර්ලිමේන්තුවරයෙකු ලෙස දිවුරුම් දෙන්නේ දෙවන වරටය.
 
ජයන්ත කැටගොඩ මෙයට පෙර අවස්ථා කිහිපයක්ම පාර්ලිමේන්තුව නියෝජනය කර තිබේ.
 

THE LEADER TV 
 
උන් උන්ම නිදොස් කොට නිදහස් 
 
 
විමල්ලා අවුට්: ආණ්ඩුවෙන් බටහිරට කොළකොඩි..! 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්