තැපැල් කාර්යාල නොමැතිවීමෙන් උතුරේ ජනතාව මුහුණ දෙන අසීරුතාවයන්ට විසදුම් ලබා දෙන බව ජනමාධ්‍ය අමාත්‍යවරයා පවසයි.
 
ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම සැප්තැම්බර් 21 වැනි අගහරුවාදා පාර්ලිමේන්තුවේදී සදහන් කළේ කිලිනොච්චි දිස්ත්‍රික්කය ඇතුළු උතුරු පළාතේ ප්‍රමුඛ ගැටළුවක් බවට පත්ව ඇති තැපැල් සහ උප තැපැල්කාර්යාල නොමැතිවීම නිසා ජනතාව පත්ව ඇති අසීරුතාවයන්ට කඩිනම් විසඳුම් ලබා දීම සඳහා උතුරු පළාත් දේශපාලන නියෝජිතයන් සමග සාකච්ඡා කර අවශ්‍ය විසඳුම් ලබාදීමට කටයුතු කරන බවයි.
 
ඒ කිලිනොච්චි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවඥානම් ශ්‍රී ධරන් යොමුකළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
 
දිවයින පුරා නව තැපැල් සහ උපතැපැල් කාර්යාල පිහිටුවීම තාවකාලික අත්හිටුවා ඇති අතර  2020, 2021 සහ ඉදිරි වර්ෂයේද භෞතික ඉදි කිරීම් කිසිවක් සිදු කළ නොහැකි බව පෙන්වා දුන් අමාත්‍යවරයා එහිදි අවධාරණය කර ඇත්තේ, ඉදිරියේදී සංවර්ධන කටයුතු ආරම්භ කළ විගස එම දිස්ත්‍රික්ක සඳහා ප්‍රමුඛතාවය දීමට කටයුතු කරන බවයි.
 
භූ ගෝලීය විශාලත්වය සහ ජන ගණත්වය අනුව බලන කළ  කිලිනොච්චිය ඇතුළු උතුරු පළාත තුළ පිහිටවිය යුතුව ඇති තැපැල් සහ උපතැපැල් කාර්යාල පිහිටුවා නොමැති බව පිලිගත් අමාත්‍යවරයා එහිදි තව දුරටත් සදහන් කර ඇත්තේ, යුද්ධයෙන් පසු වැඩ අවසන් කිරීමට නොහැකි වු තැපැල් කාර්යාල පවා තිබෙන බවයි.
 
ඒ අනුව අසමතුළිතතා බොහොමයක් ඇති උතුරු පළාතේ, පාර්ලිමේන්තු නියෝජිතයන් සමග එළඹෙන උපදේශක  කාරක සභා දිනයේදී සාකච්ඡා කරන බවත් තැපැල්පතිවරයා, අමාත්‍යංශ ලේකම් ඇතුළු සියළු දෙනා එක්ව කඩිනම් විසඳුම් ලබා දෙන බවත් අමාත්‍යවරයා  සදහන් කළ බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ.
 
 

THE LEADER TV 
 
ජාතිකවාදීන්ට අවසන් දැනුම්දීමක්! 
 
 
උන් උන්ම නිදොස් කොට නිදහස් 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්