"කොළඹ වෛද්‍ය උපාධියේ අභිමානය සුරැකීමේ සටන නිදහස් අධ්‍යාපනය සුරැකීමේ සටනක් දක්වා පුළුල් කල මිනිසා - සුදත් බණ්ඩාර"
 
ජයවර්ධන රජය විසින් (මගේ මතකය අනුව) අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පනතට අනුව 1980 දී පිඹුරුපත් සකස් කර 1981 දී සරසවි සිසු හා වෙනත් විරෝධතා නොසලකා (වැඩ වර්ජකයින් ලක්ෂයක් රැකියාවලින් දොට්ට දමා විරෝධතා මර්දනය කල වකවානුවක) ආරම්භ කල උතුරු කොලඹ වෛද්‍ය විද්‍යාලය 1987 වන විට පලමු කණ්ඩායමේ අවසන් විභාගය කොලඹ පීඨය හා එක්ව පැවැත්වීමට සූදානම් කර තිබූ සමයයි. 
 
පලමුව මෙම විභාගය හා ඉන් පසු ඔවුනට උපාධියද කොළඹ වි.වි. වෛද්‍ය පීඨය මගින් පිරිනැමීමට එරෙහිව "කොලඹ වෛද්‍ය උපාධියේ අභිමානය රැක ගනිමු" යන සටන් පාඨය සහිතව කොලඹ වෙද සිසුන් විරෝධතා ව්‍යාපාරයක් ඇරඹූහ.
 
 නමුදු මේ සටනේ පටු ආකල්පය අනුවම එයට බාහිර සහයෝගයක් නොලැබී හුදකලා වී අනියත පරාජයක අභිමුව තිබුනු සමයක ඔවුන් රුහුණ හා පේරාදෙණිය වෙද සිසුන්ගෙන් සහයෝගය ඉල්ලූහ.
 
එහිදී මෙම සටන වඩාත් පුලුල් තලයකට ගෙන එය හුදු වෛද්‍ය උපාධියක අභිමානය ආරක්ෂා කිරීමේ පටු පරමාර්ථයෙන් ඔබ්බට ගෙන එය මෙරට නිදහස් අධ්‍යාපනය සුරැකීමේ පුරෝගාමී සටනක් දක්වා පරිවර්තනය කරන්නේ නම් අනෙක් වෛද්‍ය පීඨ සිසුන්නොව සමස්ත සරසවි සිසුන්ගේම සහයෝගය ලබාගත හැකිවීමේ විභවයත් එහි ජාතික වැදගත්කමත් පෙන්වාදෙමින් මේ සටන අදටත් ශ්‍රී ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරයේ ඉහලින්ම සටහන් වන සටනක් බවට පත් කිරීමට කටයුතු කල අයෙක් ලෙස සුදත් බණ්ඩාර අමරණීය සටහනක් තැබූවෙකි.
 
පුද්ගලික වෛද්‍ය විද්‍යාල සටන සරසවි නොව පාසැල් සිසුන්, දෙමාපියන් පමණක් නොව සමස්ත වැඩ කරන ජනතාව වෙතම ගෙනයන්නට අපට එදා උදව් කලේ ඒ පුලුල් දැක්මයි. 
 
එතැන් සිට පේරාදෙණිය වෛද්‍ය ශිෂ්‍ය කමිටුවේ ඉහල ක්‍රියාකාරිකයෙක් ලෙස ඔහු ඉටු කල කාර්‍යභාරය අති මහත් ය. දැරූ ජීවිත අවදානම සුවිශාල ය. 
 
ඔහු හා ඔහු වන් තවත් සහෘදයින්ගේ කැපකිරීමේ ප්‍රතිඵලයක් ලෙස 1989 දී ආර්.ප්‍රේමදාස ජනපති අණින් පිහිටවූ කමිටුවකින් එය රජයට පවරාගැනීමෙන් ඒ නිදහස් අධ්‍යාපනය සුරැකීමේ සදාකාලික සටනේ එම පරිච්ඡේදය ජයගත් බව අපට පසු රජයේ වෛද්‍ය පීඨවලට ඇතුලු වූ ඔබ වෙත ලියා තබන්නේ පසුගියදා අප අතරින් වෙන් වූ මා ආදර සුදත් බණ්ඩාර සොහොයුරාට ගෞරවයක් වශයෙනි.
 
 
(Shyam Pathiraja  සොයුරාගේ ෆේස්බුක් පිටුවෙන්..)
 
 

THE LEADER TV 
 
ජාතිකවාදීන්ට අවසන් දැනුම්දීමක්! 
 
 
උන් උන්ම නිදොස් කොට නිදහස් 
 
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්