රට තුලත්, ඉන් පිටතත් ලාංකික මාධ්‍යවේදීන්ගේ සංවිධාන දෙකක දායකත්වයෙන් සන්නිවේදන ක්ෂේත්‍රයේ මානව හිමිකම් සුරැකීම සඳහා වන ජාත්‍යන්තර මාධ්‍ය ප්‍රතිපත්ති සම්පාදක මණ්ඩලයක් පිහිටුවාගෙන තිබේ.
දේශසීමා නොමැති වාර්තාකරුවන්ගේ (RSF) ලාංකීය හවුල්කාර සංවිධානය වන ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන මාධ්‍යවේදියෝ (JDS) සහ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය (FMM) සමග ලොවපුරා සංවිධාන සමූහයක් එක්ව පිහිටුවාගෙන ඇති  එම මණ්ඩලය හැඳින්වෙන්නේ තොරතුරු සහ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන සංසදය (Forum on Information and Democracy) නමිනි.  
 
එක්සත් ජාතීන්ගේ 76 වැනි මහාමණ්ඩල සැසිවාරයට සමගාමීව ඔව්හු තම මංගල මහා සභාව ලබන 24 සිකුරාදා අන්තර්ජාලය ඔස්සේ පැවැත්වීමට නියමිතය.
 
“අන්තර්ජාලයේත්, ඉන් පිටතත් ප්‍රකාශනයේද, මතවාද දැරීමේද අයිතිය ආරක්ෂා කිරීමට කැපවී සිටින සංවිධාන වන අප මෙම කාර්යදාමයට දායක වන්නේ සිවිල් සමාජයේ යෝජනා ඉදිරිපත් කිරීම සඳහාය. අපි පුද්ගලික සමාගම් සහ දේශපාලන බලවතුන්ගේ අවශ්‍යතාවලින් ස්වාධීන වී කටයුතු කරන්නෝ වෙමු,” යයි තොරතුරු සහ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන සංසදය පවසයි.
 
එම ප්‍රකාශනය සඳහා අත්සන් කළ සංවිධාන පහත දැක්වේ.
 
 
 
Africa Freedom of Information Centre
 
 Berkman Klein Center for Internet & Society at Harvard University
 
 CyberPeace Institute
 
 DataLeads
 
 Defend Democracy
 
 Derechos Digitales
 
 Digimar Institute
 
 Free Media Movement – Sri Lanka
 
 Freedom House
 
 Freedom of Information Center
 
 Fundación Ciudadanía Inteligente
 
 Fundación Ciudadanía y Desarrollo
 
 Fundación Karisma
 
 Global Disinformation Index
 
 Global Forum for Media Development
 
 Global Partners Digital
 
 Globe International Center 
 
 Gulf Centre for Human Rights
 
 Internet lab
 
 Internews
 
 Intervozes 
 
 JONCTION
 
 Journalists for Democracy in Sri Lanka
 
 JustNetCoalition
 
 Maharat 
 
 National Union of Journalists of Philippines
 
 New Narratives
 
 PEN International 
 
 Ranking Digital Rights
 
 Red en Defensa de los Derechos Digitales
 
 Samir Kassir Foundation
 
 World Movement for Democracy
 
THE LEADER TV 
 
ජාතිකවාදීන්ට අවසන් දැනුම්දීමක්! 
 
 
උන් උන්ම නිදොස් කොට නිදහස් 
 
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්