බටහිර රටවල් විසින් ලංකාව වටලෑමකට ලක්කොට ඇතැයි අනතුරු අඟවමින් සිටි රාජපක්ෂ ආණ්ඩුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සමුළුව හරහා තව
දුරටත් එම රටවල් වෙත සමීප වීමක් පෙන්නුම් කර තිබේ.
 
එම ලංවීම වඩාත් කැපී පෙනෙන්නට පටන් ගෙන ඇත්තේ සංහිඳියාව වෙනුවෙන් එක්සත් ජාතීන් සමගත් දෙමළ ඩයස්පෝරාව සමගත් එක්ව කටයුතු කිරීමට ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේ කැමැත්ත පල කිරීම සමගයි.
 
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 76 වැනි සැසිවාරය අතර තුර පැවති ලංකාවේ හා ඕස්ට්‍රේලියාවේ විදේශ ඇමැතිවරුන්ගේ හමුවේදී  ''අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය, වන්දි ගෙවීමේ කාර්යාලය සහ ජාතික සමගිය හා  ප්‍රතිසන්ධානය පිළිබඳ කාර්යාංශය, වර්තමාන තත්වය පිළිබඳව තක්සේරු කිරීම සහ එම ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාම සඳහා  ක්‍රම සහ විධි හඳුනා ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චය කරන විනිසුරුවරයෙකුගේ නායකත්වයෙන් යුතුව කොමිෂන් සභාවක් පත් කිරීම'' ගැන විදේශ ඇමැති ජී.ඇල්. පීරිස් කියා තිබේ.
 
කෙසේ වෙතත්, යුද්ධයේ සිදුවූ අපරාධ සම්බන්ධයෙන් විභාග කිරීම සඳහා විදේශීය සහභාගිතත්වයක් ලබාගැනීම ඔහු නැවතත් ප්‍රතික්ෂේප කර තිබේ.
 
 
ඕස්ට්‍රේලියානු විදේශ ඇමැති මාරිස් පේන් හමුවේ ජී.ඇල්. පීරිස් කියා ඇත්තේ ''දේශීය ආයතනවලට තම නියෝග ක්‍රියාත්මක කිරීම සඳහා අවකාශය හා අවස්ථාව ලබා දීම අවශ්‍ය බැවින් මෙම කාර්යය යටපත් කරන තාවකාලික බාහිර යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම අනවශ්‍ය හා අහිතකර බව'' ය.
 
 
රැකවරණ පතා ඕස්ට්‍රේලියාවට පලා එන ලාංකිකයන් ගැනද මෙහිදී සාකච්ජාවට ලක් වී තිබේ. එහිදී විදේශ ඇමැති පීරිස් පෙන්වා දුන්නේ එය මානුෂීය ඛේදවාචකයක් බවත්, මෙම නීති විරෝධී ක්‍රියාව මැඩලීම සඳහා ශ්‍රී ලංකා රජය සැලකිය යුතු කාර්ය භාරයක් ඉටු කර ඇති බවය.
 
''ඕස්ට්‍රේලියාවේ ඉතා උණුසුම් හා සුවිශේෂී ශ්‍රී ලාංකික ඩයස්පෝරාවක් සිටිනවා'' යැයි කියා සිටි ඕස්ට්‍රේලියානු විදේශ ඇමැතිවරිය දෙරට අතර බුද්ධි තොරතුරු හුවමාරු ගැනීමට ද යෝජනා කළාය.
 
මේ අතර  පොදුරාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් සමඟ පැවති හමුවේදී විදේශ ඇමැති පීරිස්  සඳහන් කළේ පොදුරාජ්‍ය මණ්ඩලයේ ආරම්භක සාමාජිකයකු වශයෙන් ශ්‍රී ලංකාව එම සංවිධානයේ සාරධර්ම, මූලධර්ම හා අරමුණු වෙනුවෙන් කැපවී කටයුතු කරන බවය.
 
සංහිඳියාව සම්බන්ධයෙන් මෙරට දේශීය ආයතන ගෙන ඇති පියවර ගැන මහලේකම්වරිය  දැනුවත් කළ විදේශ අමාත්‍යවරයා සඳහන් කළේ,  ''සංහිදියාව ගොඩ නැගීම  අඛණ්ඩ ක්‍රියාවලියක් වන බැවින් ප්‍රාදේශීය ආයතනවලට තම අණපනත් ඉටු කිරීම සඳහා ප්‍රමාණවත් ඉඩකඩක් අවශ්‍යය වෙනවා'' යනුවෙන්ය.
 
 
 

THE LEADER TV 
 
ස ගේ ඇමරිකන් කතාවේ පිටපත
 
 
ජාතිකවාදීන්ට අවසන් දැනුම්දීමක්! 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්