පෞද්ගලික දත්ත අන්සතුවීම සම්බන්ධයෙන් බිය පලවෙමින් තිබියදී ආණ්ඩුවට එම තොරතුරු ලබාගැනීම
පහසුකරවන යෝජනාවක් යහපාලනයේ හිටපු ආණ්ඩුකාරයකු විසින් ඉදිරිපත්  කර තිබේ.
 
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන එම යෝජනාවෙන් ජන්ද හිමි නාම ලේඛනයට ඡන්ද දායකයාගේ පෞද්ගලික තොරතුරු රැසක් ඇතුලත් කළ යුතු යැයි ඉල්ලා සිටී.
 
 
ඡන්ද හිමි නාම ලේඛනය තවදුරටත් ප්‍රසාරණය විය යුතු අතර , ඊට ජන්ද දායකයා සිදුකරන වෘත්තිය පිළිබඳ තොරතුරු, ස්ථිර පදිංචිය, ආදායම් මාර්ග, දුරකථන අංකය, විවාහක අවිවාහක බව, තමන්ට හිමි වාහන, නිවාස ආදිය පිළිබඳවද තොරතුරු ඇතුළත් කළ යුතු බවයි එක්සත් ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම් මෛත්‍රී ගුණරත්න පවසන්නේ.
 
මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ ඔහු ඒ බව පැවසුවේයැයි  ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
 
පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව එහි සභාපති, සභානායක, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ  ප්‍රධානත්වයෙන් 21 අගහරුවාදා පස්වරුවේ රැස්ව ඇත.
 
sdfsf
 
පළාත් පාලන ආයතන සඳහා සියලු ජනකොටස්වල නියෝජනයක් අවශ්‍ය බවත්  උතුරේ පැවැති බොහෝ ප්‍රශ්න වලට හේතුව නිසි නියෝජනයක් නොමැතිවීම බවත් එක්සත් ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම් මෛත්‍රී ගුණරත්න එහිදි පවසා තිබේ.
 
මැතිවරණ ක්‍රමය සාධාරණ හා විනිවිදභාවයකින් යුතු මෙන්ම, දූෂණයෙන් තොර විය යුතු බවද පවසන මෛත්‍රී ගුණරත්න එහිදි තව දුරටත් පවසා ඇත්තේ, කොට්ඨාස ජන්ද ක්‍රමය ඇති කිරීම සුදුසු අතර එය පළාත් පාලන, පළාත් සභා සහ පාර්ලිමේන්තු මැතිවරණ සඳහා යොදා ගැනීම යෝග්‍ය බවයි.
 
දමිළ ප්‍රගතිශීලි සංධානය වෙනුවෙන් කාරක සභාවේදී අදහස් දැක්වු  පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් පවසා ඇත්තේ  රටට යෝග්‍ය වන්නේ සමානුපාතික නියෝජන ක්‍රමය බවයි.
 
 tytry
 
විසිරී සිටින ජනවාර්ගිකයන් සඳහා සාධාරණ නියෝජනයක් අවශ්‍ය වන අතර, එය හිමි වන්නේ සමානුපාතික නියෝජන ක්‍රමය තුළින් පමණක් බවද ඔහු කාරක සභාවේදි අවධාරණය කර තිබේ.
 
වර්තමාන සමානුපාතික මැතිවරණ ක්‍රමය යටතේ ජන්ද දායකයෙකු විසින් ලබාදෙන සෑම ජන්දයකටම නිසි වටිනාකමක් ලැබෙන බවද  මන්ත්‍රීවරයා සදහන් කර ඇත.
 
මැතිවරණ කොමිසම තවදුරටත් ශක්තිමත් කර, එහි ස්වාධීනත්වය තහවුරු කළ යුතු බව ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂය වෙනුවෙන් විශේෂ කාරක සභාවේදී  සාක්ෂි දුන් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් පවසා තිබේ.
 
දැනට පවතින පළාත් පාලන මැතිවරණ ක්‍රමය දුර්වල මට්ටමක පවතින බවත්, එය සංශෝධනය විය යුතු බවත් හෙතෙම කාරක සභාවේදී අවධාරණය කළ බවයි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසන්නේ.
 
සුළුජන කොටස්වල අයිතීන් ආරක්ෂා වන පරිදි මැතිවරණ ක්‍රමය ශක්තිමත් විය යුතු බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.
 
පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම සඳහා ගතයුතු ඉදිරි පියවර සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ මතය පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට දැනුම් දෙන ලෙසද කාරක සභාවේ සභාපතිවරයා එම දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා තිබේ.
 
මෙම කාරක සභාවට අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, රාජ්‍ය අමාත්‍ය ජීවන් තොන්ඩමන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර දිසානායක, රංජිත් මද්දුම බණ්ඩාර, කබීර් හෂීම්, මධුර විතානගේ, සාගර කාරියවසම් සහභාගී වී ඇත.
 
සීමා නිර්ණය කිරීමේ කොමිෂන් සභාව, නීතිපති දෙපාර්තමේන්තුව යන ආයතනවල නිලධාරිහු ද මේ අවස්ථාවට එක්ව තිබේ.
 

 

 


 

THE LEADER TV 
චීන සාම්පල් ගැන සිම්පල් කතාව! 
 
 
ස ගේ ඇමරිකන් කතාවේ පිටපත
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්