ප්‍රභූන් රැසකට ප්‍රතිකාර කළ වෛද්‍ය ඒලියන්ත වයිට් කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් අභාවප්‍රාප්ත වී ඇත. 
කොරෝනා ආසාදනය වීමෙන් අසාධ්‍ය වී සිටි කොළඹ පුද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අභාවප්‍රාප්ත වී ඇත්තේ අද සන්ධ්‍යාවේදී ය.
 
කොවිඩ් වලට එරෙහිව තමන්ට කුණ්ඩලනී ශක්තියක් ඇතැයි ප්‍රසිද්ධියේ පැවසූ වෛද්‍ය එලියන්ත් වයිට් කොවිඩ් එන්නත් එක මාත්‍රවක් හෝ ලබාගැනීම ප්‍රතික්ෂේප කර තිබිණ. 
 
විශ්ව ශක්තියෙන් රෝග සුව කරන්නෙකු ලෙස පෙනී සිටි එලියන්ත් වයිට් පසුගියදා බෙහෙවින්ම ආන්දෝලනයට ලක් වූයේ කොරෝනා වලට අමාත්‍යවරුන්ද එකතු කර ගනිමින් ගඟේ මුට්ටි පා කිරීමත් සමඟිනි.
 
නාවික හමුදා කොවිඩ් පොකුර, මිනුවන්ගොඩ පොකුර, පෑලියගොඩ කොවිඩ් පොකුර මර්දනය කලේ තමා යයි ද එලියන්ත වයිට් ප්‍රකාශ කර තිබිණ.
 
ශ්‍රී ලංකාවේ පමණක් නොව ඉන්දියාවේද කොවිඩ් වසංගතය මර්දනය කිරීම සඳහා ප්‍රබල මැදිහත්වීමක් සිදුකළ බව ද ඔහු පැවසු නමුත් ඔහුගේ පවුලේ සියලු දෙනාටම වෛරසය ආසාදනය වී ඇති බව ද තහවුරු වී තිබේ.
 
නාවික හමුදා නිළධාරීන් හරහා කොවිඩ් වෛසරය රටපුරා ව්‍යාප්ත වූ අවස්ථාවේදී, කුණ්ඩලිනී යෝගය භාවිතා කරමින් කොවිඩ් රෝගීන් විශාල ප්‍රමාණයක් සුවපත් කිරීමට ඒලියන්ත වයිට් කටයුතු කළ බවට පසුගිය දිනවල දී වාර්තා පළ විය.
 
 ගංගා ජලයේ පැන් කල පා කර යැවීම හරහා කොරෝනා මර්දනය කළ හැකි බව පළමුවරට හඳුන්වා දුන්නේද වයිට් වෛද්‍යවරයායි. ඒ මහතාගේ උපදෙස් මත සෞඛ්‍ය ඇමතිනිය ඇතිලු මැති ඇමතිවරු කලගෙඩි ගඟට දමා කොවිඩ් ටක්කෙට පාලනය කළේය.
 
ශ්‍රී ලංකාවේ කොවිඩ් වසංගතය මර්දනය කිරීම සදහා දැක්වූ දායකත්වය හේතුවෙන් ඉන්දියාවේ කොවිඩ් වසංගතය මර්දනය කිරීම සඳහා ආරාධනා ලැබුණු බවද ඒලියන්ත වයිට් පසුගිය කාලයේ දී මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබිණි.
 
(truenews.lk)
 
 
 

THE LEADER TV 
 

බැසිල් විරෝධීන් මෛත්‍රී කැඳවයි! 

 
මත්පැන් පානය ජාතික යුතුකමක්!

 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image