ශ්‍රී ලංකාවේ සිටින හීලෑ අලි ඇතුන් ප්‍රමාණයෙන් හරි අඩකටත් වඩා පෞද්ගලික අයිතිකරුවන් සතු බව හෙළි වී තිබේ.

 
වනජීවී අමාත්‍යවරයා පවසන්නේ මෙරට සිටින හීලෑ අලි ඇතුන් සංඛ්‍යාව 210 වන අතර එයින් 102ක් ජාතික සත්වෝද්‍යාන සතු වන අතර ඉතිරි 108 දෙනා පෞද්ගලික හිමිකාරිත්වය සතු බවයි.
 
වනජීවී අමාත්‍ය සී බී රත්නායක සැප්තැම්බර් 22 වැනි බදාදා පාර්ලිමේන්තුවේදී ඒ බව සදහන් කළේ, වන සත්ව සහ වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත් කෙටුම්පත යටතේ නියෝග කිහිපයක් සම්බන්ධයෙන් විවාදය ආරම්භ කරමිනි.
 
පෞද්ගලික හිමිකාරිත්වය යටතේ සිටි අලි ඇතුන් 49 දෙනෙකු පිළිබදව පසුගිය රජය අධිකරණ ක්‍රියාමාර්ග ද ගෙන තිබුනි.
 
අලි ලියාපදිංචිය විධිමත් කිරීම සහ නව නීති රීති සම්පාදනය සහ සුභ සාධනය සඳහා 2020 වසරේ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බව රජය පවසයි.
 
පසුගිය රජය මගින් අධිකරණ ක්‍රියාමාර්ග යටතේ දීර්ඝ කාලයක් තිස්සේ එකම ස්ථානයේ රඳවා තැබීම නිසා එම අලි ඇතුන් මෙන්ම එම සතුන්ගේ හිමිකරුවන්ද පීඩාවට ලක්ව ඇති බවත් අමාත්‍යවරය සදහන් කර තිබේ.
 
ඉදිරියේදී මෙවැනි සිද්ධි ඇති නොවීම සඳහා, අලි ඇතුන් විධිමත් පරිදි ලියාපදිංචි කිරීමට ඉදිරියේදී නව නීතිරීති සකස් කරන බවත් හීලෑ අලි ඇතුන් සඳහා නව නියෝග මාලාවක් සකස් කරන බවත්  අමාත්‍යවරයා සඳහන් කර ඇත.
 
හීලෑ අලි ඇතුන් සඳහා අධිකරණ බලපෑම් අවම කිරීම, සමාජයේ පවත්නා ආන්දෝලනාත්මක මති මතාන්තර අවම කර ගැනීම, හීලෑ අලි ඇතුන්ගේ සුභ සාධනය සහ සත්ව හිංසනය වැළැක්වීම ආදී ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී අවධානය යොමු කරන බව අමාත්‍යවරයා  සදහන් කළේයැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
 
 ytryr
අධිකරණ නියෝගයෙන් පසු ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කළ ඉෂිනි වික්‍රමසිංහ සිය  ධුරයෙන් ඉල්ලා අස්විය.
 
  
නීතිවිරෝධී ලෙස අලිපැටවුන් ලඟ තබා ගත් බවට චෝදනා එල්ල වු පුද්ගලයන්ටම එම පැටවුන් යළි ලබා දෙන ලෙස අධිකරණය  පසුගියදා නියෝග කර තිබුනි.
 
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත නියෝග කර තිබුනේ ශ්‍රී ලංකා ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව භාරයේ සිටින, අලි පැටවුන් 13 දෙනෙක්  නඩු භාණ්ඩ සන්තකයේ තිබූ අය වෙත නැවත භාර දෙන ලෙසයි.
 
එම නියෝගයෙන් පසු ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කළ ඉෂිනි වික්‍රමසිංහ සිය  ධුරයෙන් ඉල්ලා අස්විය.
 
අවසන්  වරට ශ්‍රී ලංකාවේ අලි සංගණනයක් සිදු කර ඇත්තේ  2011 වසරේදීය.
 
එම  දත්ත වලට අනුව ලංකාවේ අලි ගහනය 5879කි. ඉන් 55 දෙනකු වැඩුණු දළ ඇතුන් විය.
 
 

 

 

 


 

THE LEADER TV 
 

බැසිල් විරෝධීන් මෛත්‍රී කැඳවයි! 

 
මත්පැන් පානය ජාතික යුතුකමක්!

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්