කොවිඩ් විශේෂ අවදානම් දීමනාව කප්පාදුව අත්හිටුවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුලික කරගනිමින් දිවයිනේ ප්‍රධාන රෝහල් ඉදිරිපිට පැවැති විරෝධතා
මාලාව සදහා උතුරු පළාතේ සුව සේවා  කාර්ය මණ්ඩලය ද එක්ව තිබේ.
 
 සැප්තැම්බර් 22 බදාදා දහවල් 12.00 ට රෝහල් ඉදිරිපිටදී පැවැති විරෝධතා උද්ඝෝෂණ සදහා යාපනය, මන්නාරම සහ මුලතිව් රෝහල් කාර්ය මණ්ඩලද එක්ව සිටි බවයි පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ.
 
කොවිඩ්  වසංගතය තිවුර වෙමින් පවතින මේ මොහොතේ සෞඛ්‍ය සේවකයන්ගේ ගැටලූ විසදීමට සෞඛ්‍ය  අමාත්‍යාංශය කටයුතු නොකිරීම මෙන්ම ඒ පිළිබදව සාකච්ඡා කිරීමටවත් අවස්ථාවක් සලසා නොදීම  සම්බන්ධයෙන් සුව සේවයේ වෘත්තිය සමිති දිගින් දිගටම සෞඛ්‍ය බලධාරීන්ට චෝදනා කර තිබුනි.
 
 ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය සැප්තැම්බර් 21 වැනි අගහරුවාදා සෞඛ්‍ය ලේකම් වෙත ලිපියක් යොමු කරමින් දැනුම් දී තිබුනේ සිය ඉල්ලීම්  විසදීමට අවශ්‍ය පියවර කඩිනමින් නොගතහොත් 22 දිනයේ  උද්ඝෝෂණ මාලාවක් දියත් කරන බවයි.
 
 පසුව එම වෘත්තිය ක්‍රියාමාර්ගය සදහා සෞඛ්‍ය සේවයේ ප්‍රමුඛ වෘත්තිය සමිති රැසක් සහාය පළ කර තිබුනි.
 
 
 
විරෝධතා කරුවන්ගේ ප්‍රධාන ඉල්ලීම් පහත පරිදි  වේ.
 
 
01. රුපියල්  7500 කොවිඩ්  විශේෂ අවදානම් දීමනාව වසංගත කාලය තුළ අඛණ්ඩව ලබාගැනීම,
 
 
02. දින 180 සම්පූර්ණ කළ සියලූ සෞඛ්‍ය ආදේශක, අනියම් සේවකයන් ස්ථිර කිරීම සහ විශේෂ නිවාඩු දින, නිරෝධායනය වන දිනවලට ගෙවීම් සිදුකිරීම,
 
 
03. සතියේ වැඩකරන අමතර පැය 08 ට වැටුපෙන් 01/30 ක දීමනාවක් ලබා ගැනීම,
 
 
04. සෞඛ්‍ය කාර්යමණ්ඩල හිගය පියවීම,
 
 
05. අග්‍රහාර රක්ෂණ දීමනාව ගැටලූවකින් තොරව ලබාගැනීම.
 
vlcsnap 2021 09 22 14h11m29s552vlcsnap 2021 09 22 14h11m48s651 
 
 
 
සබැඳි පුවත් :
 
 
 
THE LEADER TV 
 
බැසිල් විරෝධීන් මෛත්‍රී කැඳවයි!
 
 
මත්පැන් පානය ජාතික යුතුකමක් 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්