පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට යුක්තිය ඉටුකර දෙන ලෙස ඉල්ලා අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර ඊයේ (22) විරෝධතාවක් පැවැත්විණ.
 
මෙම විරෝධතාවය නිව්යොක්හි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදී සංවිධානය කර තිබුනේ අමෙරිකාවේ සිටින සිංහල ඩයස්පෝරාවේ ශ්‍රී ලාංකිකයින් පිරිසක් විසිනි. ඒ සඳහා 300කට ආසන්න පිරිසක් සහභාගිව සිටිබව වාර්තාවේ.
 
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 76 වන සැසිවාරය අමතනු ලැබුවේ ඊයේ (22) දිනයේය.
 
“කුමන්ත්‍රණකරුවන් නිදැල්ලේ – ශ්‍රි ලංකාව අනතුරේ” “යුක්තිය ඉටු කරනු” ආදී සටන් පාඨ කියමින් ශ්‍රී ලාංකිකයින් මෙම උද්ඝෝෂණයක නිරතව සිටියේය.
 
විශේෂයෙන්ම පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ කුමන්ත්‍රණකරවන් තවමත් නිදැල්ලේ පසුවන බවත් වහාම පාස්කු ඉරුදින ප්‍රහාරයට යුක්තිය ඉටු කරන ලෙසත් විරෝධතාවයේ නිරත ජනතාව ඉල්ලා සිටියහ.
 
 
 
WhatsApp Image 2021 09 23 at 9.51.49 AM 2WhatsApp Image 2021 09 23 at 9.51.43 AMWhatsApp Image 2021 09 23 at 9.51.47 AMWhatsApp Image 2021 09 23 at 9.51.46 AMWhatsApp Image 2021 09 23 at 9.51.47 AM 2 

THE LEADER TV 
 
ඇමරිකාවේ ඉන්න සිංහල කොටි නැගිටලා !
 
 
බැසිල් විරෝධීන් මෛත්‍රී කැඳවයි!
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්