නම වැනි පාර්ලිමේන්තුවේ පළමු වසර තුළ අඩුම දායකත්වයක් ලබා දී තිබෙන ජනතා නියෝජිතයන් දස දෙනාගෙන් හරි අඩක්ම ආණ්ඩුව නියෝජනය කරන
පක්ෂයේ බව හෙළි වී තිබේ.
 
2021 අගෝස්තු මාසයට වසරක් සපිරෙන 9 වැනි පාර්ලිමේන්තුවේ අඩුම දායකත්වයක් ලා දී තිබෙන ජනතා නියෝජිතයන් 10  දෙනා රාජ්‍ය නොවන සංවිධානයක් විසින් හෙළි කර ඇත.
 
එම දසදෙනා  දෙනා අතුරින් පස් දෙනෙක් පාර්ලිමේතුවේ ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනතා නියෝජිතයෝ බව 'වෙරිටේ' පර්යේෂණ ආයතනය විසින් පවත්වාගෙන යන manthri.lk පවසයි.
 
මන්ත්‍රීවරුන් දෙදෙනෙක් පාර්ලිමේතුවේ ප්‍රධාන විපක්ෂය නියෝජනය කරන සමගි ජන බලවේගයේ ජනතා නියෝජිතයන්ය.
 
අනෙක් තිදෙනා මුස්ලිම් ජාතික සන්ධානය, ඉලංකෙයි තමිල් අරසු කච්චි හා ඊලාම් ජනතා ප්‍රජාතාන්ත්‍රවාදි පක්ෂයට අයත් වෙති.
 
මාරාන්තික වසංගත ව්‍යාප්තිය හමුවේ අගෝස්තු මාසයේ පාර්ලිමේන්තු සැසිවාරයන් නොපැවැතියත් ජූලි මාසය ‌වන විට කෝවිඩ් වසංගතය මධ්‍යයේ වුවත් පාර්ලිමේන්තු සැසිවාර 86ක් පවත්වා තිබේ.
 
පහත නම් සදහන් මන්ත්‍රීවරුන් 10  දෙනා ගේ වලංගු ලෙස සැලකිය හැකි පාර්ලිමේන්තු දායකත්වය පවතින්නේ 1-10 අතර මට්ටම්වල බවයි manthri.lk පවසන්නේ.
 
 
1.පා.ම ටිරාන් අලස් - ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ
 
2.පා.ම අලි සබ්රි රහීම් - මුස්ලිම් ජාතික සන්ධානය
 
3.පා.ම මර්ජාන් ෆලීල්- ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ
 
4.පා.ම නිපුණ රණවක - ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ
 
5.පා.ම රාජවරෝදයම් සම්පන්දන් -   ඉලංකෙයි තමිල් අරසු කච්චි
 
6.පා.ම කුලසිංහම් තිලීපන් - ඊලාම් ජනතා ප්‍රජාතාන්ත්‍රවාදි පක්ෂය
 
7.පා.ම සාරතී දුෂ්මන්ත - ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
 
8.පා.ම උදයකාන්ත ගුණතිලක - ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
 
9.පා.ම එම්.එස් තවුෆික් - සමගි ජන බලවේගය
 
10.පා.ම අබ්දුල් හලීම් - සමගි ජන බලවේගය
 


THE LEADER TV 
 
ඇමරිකාවේ ඉන්න සිංහල කොටි නැගිටලා !
 
 
බැසිල් විරෝධීන් මෛත්‍රී කැඳවයි!
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්