ශ්‍රී ලංකාවේ 23 වන යුධ හමුදාපති ලෙස මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පත් කිරීමට ජනාධිපතිවරයා විසින් කටයුතු කර ඇත.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායකගේ ධුර කාලය ඊයේ (18) අවසන් විය.

මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.

1964 ජුනි 22 දින උපත ලද ශවේන්ද්‍ර සිල්වා කැඩෙට් නිලධාරියෙකු ලෙස 1984 වසරේ දී ශ්‍රී ලංකා යුද හමුදාවට එක්විය. නිලධාරි පුහුණුවෙන් අනතුරුව දෙවන ලුතිනන්වරයකු වශයෙන් ගජබා රෙජ්මේන්තුවේ සේවයට එක්විය.

1987 දී ජනාධිපති ආරක්ෂක හමුදා ඒකකයේ ප්‍රධානියා වශයෙන් ද කටයුතු කළ ශවේන්ද්‍ර සිල්වා, පසුගිය සිවිල් යුද සමයේ 58 වන සේනාංකයේ සහ 53 වන සේනාංකයේ අණදෙන නිලධාරියා ලෙස කටයුතු කළේය. 2010 දී ඔහු ශ්‍රී ලංකා හමුදාවේ මෙහෙයුම් අධ්‍යක්ෂ ලෙස පත් කර, මේජර් ජෙනරාල් තනතුරට උසස් කරන ලදී. යුද හමුදාපති ධුරයට පත්වීමට පෙර යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කළේය.

ජනාධිපති ලේකම් උදය ආර්.සෙනෙවිරත්න, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

පෙර පුවත -

රටේ යුද හමුදාපති කෙනෙක් නැහැ !

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්