මෙරට පළමු වරට දරුවන් එන්නත් කිරීම අද ආරම්භ වේ. ඒ යටතේ පළමුව එන්නත් කෙරෙන්නේ වයස අවුරුදු 12 ත් 19 ත් කාණ්ඩයේ පසුවන දීර්ඝ කාලීන
රෝගාබාධවලින් පෙළෙන දරුවන් ය.
 
එන්නත්කරණය කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේදී සිදු කිරීමට නියමිතය. මෙහිදී දරුවන්ට ලබාදෙන්නේ ෆයිසර් එන්නතයි.
 
එන්නත ලබාදෙන සෑම දරුවෙකුම ළමා හා කායික රෝග විශේෂඥ වෛද්‍ය අධීක්‍ෂණයට යටත්ව රෝහල තුළදී පමණක් සිදු කිරීමට තීරණය කර තිබේ.
 
ළමා රෝග විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය පවසන්නේ දරුවන් ප්‍රතිකාර ගන්නා සායනවලට පැමිණීමෙන් අදාළ විශේෂඥ වෛද්‍යවරයාගේ නිර්දේශ සහිතව දෙමව්පියන්ගේ ද අවසරය ඇතිව එන්නත ලබාදීමට සැලසුම් කර ඇති බවයි. 
 
එන්නත්කරණයෙන් පසුවද විශේෂඥ වෛද්‍යවරුන්ගේ නිරීක්‍ෂණය යටතේ වෛද්‍ය කණ්ඩායමක් විසින් දරුවන්ගේ සංකූලතා පිළිබද විමසිලිමත් වන බව විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය සදහන් කළේය.
 
 නිවෙස්වලදී යම් සංකූලතාවක් ඇති වුවහොත් උපදෙස් ලබාගැනීම සදහා ඍජු දුරකතන අංකයක් හදුන්වාදීමට කටයුතු කර ඇත.
 
දරුවන් එන්නත් කිරීම කෙතරම් වැදගත්ද ? මේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන.
 
අද ආරම්භ වන මෙම වැඩපිළිවෙලට සමගාමීව ඉදිරි දිනවලදි සියළුම පළාත්, දිස්ත්‍රක් සහ මූලික රෝහල්වලදී දරුවන් එන්නත්කරණයට අවශ්‍ය සියළු සැලසුම් විශේෂඥ වෛද්‍ය නිර්දේශය අනුව මේ වනවිට සැලසුම් කර ඇත. 
 
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල වෛද්‍ය අසේල ගුණවර්ධන පැවසුවේ, කුරුණෑගල ශික්ෂණ රෝහල, අනුරාධපුර ශික්ෂණ රෝහල සහ රිජ්වේ ආර්යා ළමා රෝහල යන ස්ථානවලදී එලෙස දරුවන් එන්නත්කරණය සිදුකිරීමට නියමිත බවයි.
 
මේ අතර නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී.විජේසුරිය පැවසුවේ, බස්නාහිර පළාතේ වයස අවුරුදු 12 ත් 19 ත් අතර සංකුලතා සහිත දරුවන් එන්නත්කරණය ලබන සතියේ සිට ආරම්භ කරන බවයි.
 
 
THE LEADER TV 
 
ලොක්කා බයවෙලා ? 
 
 
 
රාජ්‍ය අනුග්‍රහයෙන් කෘෂි රසායන ජාවාරමක් ! 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්