මහ බැංකුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව ‘ගොබෙල්ස් ඒකකයක්‘ වී ඇති බවටත්, බොරු ගොඩක් සමග නිවේදන නිකුත් කර මහ බැංකුවේ ගෞරවය
විනාශ කරන බවටත් හිටපු ආණ්ඩුකාරවරයකු චෝදනා කර සිටියි.
 
හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් එදා මුදල් මණ්ඩලයේ ලේකම්, නියෝජ්‍ය ලේකම් ඉවත් කළේ බැඳුම්කර මංකොල්ලයට මිස රටට ආදරයට නොවේ යයි  ද ඔහු කියා සිටියි. 
 
සමාජ මාධ්‍යවෙත වීඩියෝවක් මුදාහරිමින් එසේ පවසන්නේ, දකුණ හා මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාර  රජිත් කීර්ති තෙන්නකෝන් ය. 
 
 
මෙම කාරනා පැහැදිලි කරමින් ඔහු තවදුරටත් මෙසේද කියා සිටියි.
 
 
''මහ බැංකුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව 2021.09.21 දින ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලනයට නව ලේකම්වරයෙකු පත් කිරීම මැයෙන් නිකුත් කර ඇති පුවත්පත් නිවේදනය මුල්‍ය මණ්ඩල ඉතිහාසය විකෘති කිරීමකි. තෝරාගත් දත්ත සහා තොරතුරු උපක්‍රමශීලි ලෙස භාවිත කිරීමකි. ගොබෙල්ස් පන්නයේ සන්නිවේද ව්‍යවහාරයකි.
 
නිවේදනයේ දැක්වෙන ‘මහ බැංකුව මුදල් මණ්ඩලයේ ලේකම් තනතුර කාලයෙන් කාලයට විවිධ වෙනස්කම්වලට යටත් කර ඇත‘ යන්න කරුණු වශයෙන් වැරදිය. දත්ත වශයෙන් උපක්‍රමශීලි වෙනස් කිරීමකි.  වංචනික උපක්‍රමයක් හෙළිදරව්වීම වලක්වා ගැනීමට ගත් උත්සාහයකි. 
 
මුදල් මණ්ඩලයේ ලේකම් ධූරයට සෑම විටම පත් කරනු ලබන්නේ ජ්‍යෙෂ්ඨතම හා වැඩිම කලක් දෙපාර්තමේන්තු ප්‍රධානියෙකු ලෙස කටයුතු කර ඇති සහකාර අධිපතිවරයා ය.  මහ බැංකුවේ ඊලඟ නියෝජ්‍ය අධිපතිවරයා ලෙස සෑම විටම පාහේ පත්වී ඇත්තේ මුදල් මණ්ඩල ලේකම් ය.
 
 
අජිත් නිවාඩ් කබ්රාල් සිය පළමු කාර්යය ලෙස සිදු කළේ මුදල් මණ්ඩල ලේකම් ඉවත් කිරීමය.  2015 පෙබරවාරි අර්ජුන මහේන්ද්‍රන් විසින් ද එවකට මුදල් මණ්ඩල ලේකම් සී.ජේ.පී. සිරිවර්ධන ද මෙලෙසම ඉවත් කළේ ඉතිහාසයේ පළමු වතාවටය.  අර්ජුන මහේන්ද්‍රන් තම මුදල් මණ්ඩල ලේකම් ඉවත් කළේ බැඳුම්කර වංචාව සිදු කිරීමට බව ජනාධිපති කොමිසම, වෝහාරික විගණන වාර්තා පරිශීලනයෙන් පැහැදිලිව වටහා ගත හැකිය.
 
 
මහ බැංකුවේ ඒ කුණු අතීතය සිහිකරමින්, එය අතිශෝක්තියට නගමින් ‘‘මුදල් මණ්ඩලයේ ලේකම් තනතුර කාලයෙන් කාලයට විවිධ වෙනස්කම්වලට යටත් කර ඇත‘‘ යැයි කරුණු විකෘති කළ හැක්කේ තවත් එවැනිම චෞර ගොබෙල්ස් කෙනෙකුටම පමණී. මේ වෝහාරික විගණන වාර්තා මගින් අනවාරණය වී ඇති මහ බැංකුවේ දුෂිත යාන්ත්‍රණය නැවත බලගැන්වීමකි.
 
තවද, පුවත්පත් නිවේදනය කියන්නේ, මුදල් මණ්ඩල නියෝජ්‍ය ලේකම් දවුලගල මහත්මිය ද  එලෙසම ඉවත් කළ බවය.  
 
මුදල් මණ්ඩල නියෝජ්‍ය ලේකම් ඉවත් කළේ පළමු බැඳුම්කරයට සම්බන්ධයෙන් අර්ජුන මහේන්ද්‍රන්ට තිබූ ලොකුම හිසරදය ඇය වූ නිසාය.  දැන්, නැවත ඇය මුදල් මණ්ඩලයේ ලේකම් ධුයෙන් ඉවත් කර ඇත්තේ ඊටීඅයි වංචාව (පිටු අංක 41  සිට 58 දක්වා) නිසා බව කොමිෂන් සභා වාර්තාව කියවා ඇති කිසිවෙකුටත් රහසක් නොවේ.  
 
අර්ජුන මහේන්ද්‍රන් ගේ බැංකු මංකොල්ලයේ දී හැර කිසිදු අවස්ථාවක මහ බැංකුව මේ සම්ප්‍රදාය බිඳී නැත.  
 
ක්‍රිෂාන්ති අබේනායක මුදල් මණ්ඩල ලේකම් ධූරයට පත් වූවේ, මනික් නාගහවත්ත නියෝජ්‍ය අධිපති ලෙස උසස්වීම් ලැබීම නිසාය.
 
ධීරසිංහ මහතා මුදල් මණ්ඩල ලේකම් වූවේ, ක්‍රීෂාන්ති අබේනායක මහත්මිය විශ්‍රාම ගැනීම නිසාය.
 
රෝස් කුරේ ලේකම් තනතුර ලැබූවේ ධීරසිංහ මහතා උසස්වීම් ලැබීම නිසාය.
 
ප්‍රියන්ත ප්‍රනාන්දු ලේකම් ධූරයට පත් වුනේ  රෝස් කුරේ මහත්මිය උසස්වීම් ලැබූ නිසාය.
 
සමරසිරි මහතා ලේකම් ධූරයට පත් වූවේ ප්‍රියන්ත ප්‍රනාන්දු නියෝජ්‍ය අධිපති ලෙස උසස් වූ නිසාය. 
 
එච්.ඒ.කරුණාරත්න මුදල් මණ්ඩල ලේකම් වූවේ සමරසිරි මහතා උසස්වීම් ලැබූ නිසාය.  
 
 
මහ බැංකු වාර්තාවන්ගේ විශ්වසනීයත්වය:
 
 
උසස් පෙළ සිසුන්, ගුරුවරුන්, උපාධි අපේක්ෂකයින්, පර්යේෂකයින්, ප්‍රතිපත්ති තීරකයින්, නිලධාරීන්, මාධ්‍යවේදීන් මහ බැංකු නිවේදන, වාර්තා දත්ත ගැන විශ්වාසයෙන් උපුටා දක්වති. ඒ ලංකාවේ ඉහළම වැටුප් ලබන වෘත්තිකයින් පිරිසක් එම වාර්තා සකස් කරන නිසාය. 
 
  
මහ බැංකුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නව අධිපතිවරයා පත්වීමෙන් පසුව නිකුත් කළ වැදගත්ම නිවේදනය මහ බැංකු ඉතිහාසයේ අපකීර්තිමත්ම අධිපතිවරයෙකු කළ නොසන්ඩාල මාරුකිරීමක් අතිශෝක්තියට නගන, ගොබෙල්ස් නිකායේ ප්‍රචාරයකි. 
 
 
මෙරට සෑම ප්‍රමුඛ ජනමාධ්‍ය ආයතනයක්ම මේ කරුණු අතින් වැරදි, නිවේදනය ප්‍රචාරය කර ඇත.  මහ බැංකු වාර්තාවන්ට අතීතයේ හිමිව තිබූ විශ්වසනීයත්වය, දුෂිත ඉතිහාසයක් ඇති පිරිස් වෙතින් බලාපොරොත්තු නොවිය යුතුමය.
 
 
 
 

THE LEADER TV 
 
ලොක්කා බයවෙලා ? 
 
 
 
රාජ්‍ය අනුග්‍රහයෙන් කෘෂි රසායන ජාවාරමක් ! 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්