වහාම ක්‍රියාත්මක වන පරිදි දිවයින පුරා නීති විරෝධී පළිබෝධක නාශක සොයා මෙහෙයුම් සිදු කරන ලෙස පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් විසින් නියෝග කර ඇත. 
මෙම මෙහෙයුම ආරම්භවී ඇත්තේ, හිටපු ආණ්ඩුකාර රජිත් කිර්ති තෙන්නකෝන් විසින් ‘බෝට්ටු මගින් රටට නිති විරෝධී පළිබෝධක නාශක රැගෙන එන බවට සිදුකළ අනාවරණයෙන් පසුවය. 
 
රජයේ අනුග්‍රහයෙන් බෝට්ටු පළිබෝධක නාශක කළු කඩයේ අලෙවි කරන බව ඔහු සාක්ෂි සහිතව අනාවරණය කර තිබුනේ සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් ද මුදාහරිමිනි.
 
එයට වහා ප්‍රතිචාර දක්වා ඇති පළිබෝධක නාශක රෙජිස්ට්‍රාර් 1980 අංක 33 දරණ පිළිබෝධනාශක පාලනය කිරීමේ පනත යටතේ සියළුම බලයලත් නිලධාරීවරුන්, සියලුම නඩු පැවරීමේ නිලධාරි හා නඩු කටයුතු මෙහෙයවීමේ නිලධාරීන් වෙත නඩු පැවරීම සඳහා නියෝග නිකුත් කර ඇත. 
 
''කාබනික වගාව සාර්ථකයි කියා රට-ලෝකය රවට්ටන්න,  රජය බෝට්ටු කෘෂි රසායන ජාවාරමකට අනුග්‍රහය ලබා දෙනවා.  ලියාපදිංචි කඩවල්වල කෘෂි රසායනය නෑ.  හැබැයි, මහ ගස් පවා මරණ, පසට ඇසිඩ් ගැහුවා වගේ පිච්චෙන ‘බෝට්ටු බඩු වල් බෙහෙත්‘ ඕනී තරම් තියෙනවා'' යැයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් සැප්. 23 පවසා තිබුණි.  
 
 

 
ඒ සම්බන්ධයෙන් ඔහු නිකුත් කළ නිවේදනයේ දැක්වුනේ  ‘කාබනික වගාව සාර්ථක යැයි ඔප්පු කිරීමට කිසිදු ප්‍රමිතියක් නැති නීති විරෝධී කෘෂි රසායනය බෝට්ටු මගින් රට තුලට රැගෙන ඒමට රජය ඉඩ දී ඇත. කාබනික වගාව යැයි රටත්-ජාතියත්-ලෝකයත් අන්දමින් අධි විෂ කෘෂි රසායන මහපොළොව-පරිසරයට නිදහස් කිරීමට රජය ඉඩ හැර ඇති බව‘ ය. 
 
මේ පිළිබඳ කළ විමසීමේ දී කීර්ති තෙන්නකෝන් පැවසූවේ, ඊයේ (සැප්. 24) හිටි හැටියේ අනුරාධපුර ප්‍රදේශයේ දී රජය තහනම් පළිබෝධනාශක අත්අඩංගුවට ගෙන ඇති බවත් දිගටම මෙම මෙහෙයුම් සිදු විය යුතු බවත් ය.  
 
''මන්නාරමින් රටට ගෙන එන තහනම් කෘෂි රසායනය වර්ග දෙකක් අල්ලා තියෙනවා. එය යහපත් ක්‍රියාවක්..'' තෙන්නකෝන් වැඩිදුරටත් කියා සිටියේය.
 
 
 
සබැඳි පුවත:
 
The Leader TV
 
හොර පාරෙන් එන කෘෂි රසායන රටපුරා ! 

චීන පොහොර සාම්පල කාගේ වැඩක්ද?

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්