පාරිභෝගිකයින් සිය චීන දුරකථන වීසිකර දමා, නව චීන දුරකථන මිල දී ගැනීමෙන් ද වැළකිය යුතුයැ යි ලිතුවේනියානු ආරක්ෂක අමාත්යංශය අනතුරු අඟවා ඇත.

 
චීන සමාගම්වලින් නිෂ්පාදිත 5G තාක්ෂණය සහිත දුරකථන පරීක්ෂා කළ එරට ජාතික සයිබර් ආරක්ෂණ මධ්‍යස්ථානය විසින් නිකුත්වූ වාර්තාවක් මෙයට හේතු වී තිබේ.
 
එක් Xiaomi දුරකථනයක් නිපදවද්දීම එහි වාරණ මෙවලම් අන්තර්ගත කර තිබූ බවත්, තවත් Huawei දුරකථන මාදිලියක ආරක්ෂක දෝෂ සහිත බවත් එම වාර්තාවේ සඳහන් විය.
 
නමුත් තමා පරිශීලක තොරතුරු පිටතට ලබා නොදෙන්නේයැ යි Huawei ආයතනය පවසන අතර, Xiaomi පවසන්නේ තමා සන්නිවේදන කටයුතු වාරණය නොකරන බව යි.
 
  120653510 whatsubject
 
"අපෙ නිර්දේශය තමයි අලුතෙන් චීන දුරකථන ගන්න එපා කියන එක. ඒ වගේම දැනටම තමා ළඟ තියෙන චීන ෆෝන් හැකිතාක් ඉක්මනින් ඉවත් කරන්න කියන එක," නියෝජ්‍ය ආරක්ෂක ඇමති මාර්ජරිස් අබුකෙවිකස් ප්‍රකාශ කළේ ය.
 
 
 
වාරණය:
 
Xiaomiහි ප්‍රමුඛ දුරකථනයක් වන Mi 10T 5G ස්මාට් දුරකථනවල "Free Tibet" (ටිබෙටය නිදහස් කරනු), "Long live Taiwan independence" (තායිවානයේ ස්වෛරීභාවය දිගුකල් දිනේවා), හෝ "democracy movement" (ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරය) ආදී යෙදුම් හඳුනාගෙන, ඒවා වාරණය කිරීමට හැකියාව ඇති මෘදුකාංග අන්තර්ගත බව අනාවරනය වුණැ යි වාර්තාව සඳහන් කරයි.
 
එම වාර්තාව, Xiaomi ජංගම දුරකථනයේ පෙරනිමි අන්තර්ජාල බ්‍රවුසරය ද ඇතුළු පද්ධති මෘදුකාංග මඟින් වාරණය කරනු හැකි යෙදුම් 449කට වැඩි ගණනක් ඉස්මතුකර දක්වයි.
 
යුරෝපයේ දී එම දුරකථන මාදිලිවල මෙම හැකියාව අක්‍රීයකර ඇති නමුදු, එය ඕනෑම වේලාවක දුරස්ථව සක්‍රීය කළ හැකිබව මෙම වාර්තාවෙන් තර්ක කරයි.
 
Xiaomiහි මාධ්‍ය ප්‍රකාශිකාවක් BBC වෙත පැවසුවේ, "Xiaomi උපාංගයන් සිය පරිශීලකයින් විසින් හෝ ඔවුන් වෙත සිදුකෙරෙන කිසිදු සන්නිවේදනයක් වාරණය නොකරනබව" යි. 
 
"Xiaomi සිය ස්මාට්ෆෝන් භාවිත කරන්නන්ගේ සෙවුම්, ඇමතුම්, අන්තර්ජාල ගවේශන, හෝ තෙවන පාර්ශවීය සන්නිවේදන මෘදුකාංග භාවිතය වැනි කිසිදු පුද්ගලික හැසිරීමක් කිසි විටෙකත් සීමාකර හෝ අවහිරකර හෝ නැති අතර, ඉදිරියේ දීත් එසේ නොකරනු ඇති."
 
සිය සමාගම යුරෝපීය සංගමයේ 'මහජන තොරතුරු ආරක්ෂා කිරීමේ රෙගුලාසීන්ට' අනුකූලව කටයුතු කරන්නේයැ යි ද ඇය ප්‍රකාශ කළා ය.
 
fgsdg
 
Xiaomi දුරකථනය එහි භාවිතයට අදාළ දත්තයන් සංකේතනය කර සිංගප්පූරුවේ සර්වරයක් වෙත යවන බව ද මෙම පර්යේෂණය මඟින් අනාවරනය කරගෙන ඇත.
 
"මේක ලිතුවේනියාවට විතරක් නෙවෙයි, Xiaomi උපකරණ භාවිත කරන සෑම රටකටම වැදගත් වෙනවා," යැයි සයිබර් ආරක්ෂණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ ය.
 
මිලෙන් අඩු ජංගම දුරකථන මාදිලි නිපදවීම හේතුවෙන් ජනප්‍රියත්වයේ ඉහළම හිණිපෙත්තට පැමිණ ඇති Xiaomi සමාගම, ගිය වසරට සාපේක්ෂව මෙවසරේ දෙවැනි කාර්තුවේ දී 64%ක ආදායම් වර්ධනයක් පෙන්නුම්කර තිබේ.
 
 
 
 
Huawei P40
 
පරිශීලකයින් සයිබර් ආරක්‍ෂණ බිඳවැටුම්වලට ලක්වීමේ අවදානමේ හෙළිය හැකි අඩුපාඩුවක් Huawei P40 5G දුරකථනයේ ද ඇතැ යි මෙම වාර්තාව මඟින් පෙන්වා දෙනු ලැබුණි.
 
"Huaweiහි නිල යෙදුම් ස්ටෝරුව වන AppGallery සිය පරිශීලකයින්ව තෙවන පාර්ශවීය ඊ-ස්ටෝරු වෙත යොමු කරයි. මේ ඊ-ස්ටෝරුවල අඩංගු ඇතැම් මෘදුකාංගවල වෛරස් අඩංගු බවත්, ඇතැම් මෘදුකාංග පරිශීලක දත්ත සොරාගත හැකි හෝ උපාංගයට හානි සිදුකළ හැකි අන්දමේ ඒවා බවත්, ප්‍රතිවෛරස උපාංග මඟින් තුලනය කර තිබේ," යි ලිතුවේනියානු ආරක්ෂක අමාත්‍යංශය සහ ජාතික සයිබර් ආරක්ෂණ මධ්‍යස්ථානය විසින් නිකුත්කෙරුණු ඒකාබද්ධ ප්‍රකාශයක දැක්විණි.
 
Huawei හි ප්‍රකාශකයෙකු BBC වෙත කියා සිටියේ, සිය ආයතනය එය ක්‍රියාත්මක වන රටවල නීති හා රෙගුලාසිවලට අනුකූලව කටයුතු කරන අතරම, සයිබර් ආරක්‍ෂාව සහ පෞද්ගලිකත්වයට ප්‍රමුඛත්වය ලබාදෙන බව යි.
 
"Huawei උපාංගයන්ගෙන් පිටත දී එහි දත්ත සැකසෙන්නේ නැහැ," ඔහු වැඩි දුරටත් සඳහන් කළේ ය.
 
"අනෙකුත් යෙදවුම් ස්ටෝරු මෙන්ම AppGallery ද එකතු කරන්නේත්, සකසන්නේත් සිය ගනුදෙනුකරුවන්ට තෙවන පාර්ශවීය යෙදුම් සෙවීමට, ස්ථාපනය කිරීමට, සහ කළමනාකරණය කිරීමට ඉඩ සැලසීම සඳහා අවශ්‍ය දත්ත පමණ යි."
 
පරිශීලකයන් බාගත කරන්නේ "ආරක්‍ෂිත යෙදුම්" පමණක් බව සහතික කිරීමට Huawei සමාගම ආරක්ෂක පරීක්ෂාවන් ද සිදු කරනබව ඔහු පැවසීය.
 
OnePlus සමාගම විසින් නිපදවුණු 5G දුරකථන මාදිළියක් ද මෙම කණ්ඩායම පරීක්‍ෂා කළ නමුත්, එහි කිසිදු ගැටලුවක් නොමැතිබව ඔවුන් සොයාගත්තේ ය.
 
මෙම වාර්තාව නිකුත්වූයේ ලිතුවේනියාව සහ චීනය අතර සබඳතාවේ පලුදුවීම් ඉහළ යමින් පවතින සමයක යි.
 
පසුගිය මාසයේ දී චීනය, ලිතුවේනියාව සිය තානාපතිවරයා බීජිං නගරයෙන් ඉවත්කර ගත යුතුයැ යි නියෝග කළ අතර, සිය නියෝජිතයින් ලිතුවේනියානු අගනුවර වන විල්නියස් නගරයෙන් ඉවත්කර ගන්නා බව ද පැවසුවේ ය.
 
මෙම කලහය ඇරඹුණේ, තායිවානය ලිතුවේනියාවේ පිහිටි සිය තානාපති ආයතන "තායිවාන නියෝජිත කාර්යාලයය" යනුවෙන් හැඳින්වෙනු ඇතැ යි නිවේදනය කිරීමත් සමග ය.
 
චීනය තායිවාන දූපත සිය බලප්‍රදේශයක් ලෙස හඳුන්වා ගන්නා බැවින් එහි නම භාවිතයෙන් වැලකීම සඳහා, යුරෝපයේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ පිහිටි අනෙකුත් තායිවාන තානාපති කාර්යාලයයන් ඒවායේ නමට එහි අගනුවර වන "තායිපේ" යන්න යොදාගනියි.
 
 
(BBC සිංහල සේවය)

 

 

 


 

THE LEADER TV 

 
කෙහෙළිය - ජයසුමන මරා ගනී !
 

 
සිරිසේනගෙන් තව උගුලක්
 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්