සඟ වෙද ගුරු ගොවි කම්කරු පංච මහා බලවේගය එක්සේසත් කළ දිවංගත එස්.ඩබ්ලිව්.ආර්.ඩි. බණ්ඩාරනායක මැතිතුමාගේ 62 වැනි ගුණ සමරුව අද (26) හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය අසලදී පැවැත්විය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ හා මෙරට හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වූ එස්.ඩබ්ලිව්.ආර්.ඩි.බණ්ඩාරනායක මැතිතුමාට ගෞරව දැක්වීමට මුලින්ම පැමිණියේ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හා බණ්ඩාරනායක පවුලේ සාමාජිකයින් ය.
62 වන ගුණ සමරුව වෙනුවෙන් පක්ෂයෙන් සංවිධානය නොකරන්නේ දැයි මෙහිදී මාධ්‍යවේදියෙකු හිටපු ජනාධිපතිනියගෙන් විමසා සිටියේ ය.
ඊට පිළිතුරු දෙමින් ඇය ප්‍රකාශ කළේ, පක්ෂය කිසි දිනක සංවිධානය නොකළ බවත් පක්ෂය බණ්ඩාරනායක නම විකුණාගෙන කෑවා මිස කිසි දෙයක් සංවිධානය නොකළ බවත් ය.
”පක්ෂයෙන් කවදාවත් සංවිධානය කළේ නැහැ ඒවා කළේ, බණ්ඩාරනායක පවුලෙන් පක්ෂේ බණ්ඩාරනායක නම විකුණාගෙන කෑවා මිසක් කිසි දෙයක් සංවිධානය කළේ, නැහැ . මෙතන. ඔක්කොම කළේ අපි. මැතිණිය ඒවා කරන්නත් ඉඩ සලස්වලා දිලා ගියේ. ඒවා කරනවා. පක්ෂයේ සභාපති ජනාධිපතිවෙලා හිටියා නේ අවුරුදු 5 ක් මෙතනට ආවේ එක සැරයයි”
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ද බණ්ඩාරනායක සමාධියට පුෂ්පෝපහාර දැක්වීමට පැමිණියේ ය.
බණ්ඩාරනායක සමාධියට පුෂ්පෝපහාර දැක්වූ හිටපු ජනාධිපතිවරයා මාධ්‍යට අදහස් දක්වමින් පැවුසවේ, බණ්ඩාරනායක මැතිතුමාගේ දර්ශනය තුළ එතුමාගේ ප්‍රතිපත්ති අනුව කටයුතු කිරීම බණ්ඩාරනායක මැතිතුමාට කරන ලොකුම ගෞරවය බවයි.
”ඒ නිසා එතුමා ගෙන ගිය දර්ශනය සහ වැඩපිළිවෙළ ඉදිරියට ගෙනයාම තමයි අපි රට වෙනුවෙන් රටේ අනාගතය ජනතාව වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදියට කටයුතු කරන්නේ”
නව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජිකයෝ ද පසුව බණ්ඩාරයක පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමට පැමිණ සිටියහ.
නව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කුමාර වෙල්ගම පිළිරුවට පුෂ්පෝපහාර දැන්වීමෙන් පසු මාධ්‍යට අදහස් දැක්වී ය.
එහිදී වෙල්ගම මන්ත්‍රීවරයා සඳහන් කළේ, බණ්ඩාරනායක මහතා පංචමහා බලවේගය සමග නැගී සිටිය ද වත්මන් ආණඩුව නැගී සිටින්නේ, පංචමහා බලවේගය සමග නොව ඔවුන්ගේ ගජ මිතුරු කල්ලිය සමග බවයි.
”රටේ ඔක්කෝම දන්නවා අද හතර පස්දෙනෙක් එක්කහුවලා තමයි මේ රටේ සම්පුර්ණ ව්‍යාපාරික කටයුතු කරලා අයුතු ලෙස මේ රටේ මුදල් ගසා කන්නේ ඒ හින්දා මේ රජය කරන්නේ මහජනතාවට නෙවෙයි ඒ ගොල්ලන්ගේ බඩ වඩාගන්න”
වෙල්ගම නව දේශපාලන ගමනක
මෙම අවස්ථාවේදී තවදුරටත් අදහස් දැක්වූ නව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක කුමාර වෙල්ගම පැවසුයේ, ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් ඒකරාශී කර තමාගේ නායකත්වයෙන් නව දේශපාලන ගමනක් ආරම්භ කරන බවයි.
එම නව දේශපාලන ගමනට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග අනුශාසකත්වය ලබාදෙන බව හිටපු උතුරු මැද පළාත් මහ ඇමති පේෂල ජයරත්න සඳහන් කළේය.
නව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම තවදුරටත් මෙසේද සඳහන් කළේය. "හිටපු මහ ඇමතිවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, හිටපු මන්ත්‍රීවරු ආදී ගොඩාක් දෙනෙක් අපිත් එක්ක මේ ගමනට එකතු වෙන්න යන්නේ. නායකත්වය දෙන්නේ මම තමයි. වෙන කවුරුත් නෑ."
එහිදී අදහස් දැක්වූ උතුරු මැද පළාත් හිටපු මහ ඇමති පේෂල ජයරත්න මෙසේ සඳහන් කළේය.
"කුමාර වෙල්ගමගේ නායකත්වයෙන් චන්ද්‍රිකා මැතිනියගේ අනුශාසකත්වයෙන් දැවැන්ත ජාතික වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. ඒ සඳහා ප්‍රතිඥා දුන්නා සමාධිය අසලදී. නිදහස් පක්ෂයේ නායකයින්ට අපිට එකතු වෙන්න පුළුවන්, අපේ ප්‍රතිපත්ති සමග එකඟ වෙනවා නම්. අපි එයාලගේ ප්‍රතිපත්තිවලට යන්නේ නැහැ. එයාලා නිදහස් පක්ෂ ප්‍රතිපත්ති පැත්තකට දාලා තමන්ගේ වාසියට කටයුතු කරනවා."
THE LEADER TV
ඇමෙරිකන් පාලනයට???
කෙහෙළිය - ජයසුමන මරා ගනී!