ඉදිරි ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා නම්කර ගැනීම සඳහා පක්ෂයේ ව්‍යවස්ථාවට අනුකුලව කෘත්‍යාධිකාරී මණ්ඩලය හා පාර්ලිමේන්තු කණ්ඩායම වහාම රැස්කරන්නැයි ඉල්ලා එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තුනෙන් දෙකකට වැඩි බහුතරයකගේ අත්සනින් යුතු පෙත්සමක් අද (19) පෙරවරුවේ අගමැති රනිල් වික්‍රමසිංහට වෙත බාරදී ඇත.


එජාපය නියෝජනයක කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 77 දෙනා අතරින් 53 දෙනෙකු එම පෙත්සමට අත්සන් තබා තිබු අතර පක්ෂයේ සභාපති කබීර් හෂීම් හා රන්ජිත් මද්දුම බණ්ඩාර යන අමාත්‍යවරුන් විසින් එම පෙත්සම අගමැතිවරයා වෙත බාර දී තිබිණ. 

එහිදී, මෙසේ බලපෑම් කිරීම එජාපයේ සම්ප්‍රදාය නොවනබව එම අමාත්‍යවරුන්ට සිහිපත්කර ඇති අගමැතිවරයා, මෙවැනි අභ්‍යන්තර ගැටළු සාකච්ජාවෙන් විසඳා ගැනීමේ අවශ්‍යතාවය පෙන්වා දී ඇත. මෙහිදී අමාත්‍යවරුන් දෙදෙනා පවසා ඇත්තේ, මෙවැනි පෙත්සමක් ඉදිරිපත් කිරීමට සිදුවුයේ අභ්‍යන්තර ඉල්ලීම සම්බන්ධයෙන් අගමැතිවරයා ගෙන් කිසිඳු ආකාරයේ යහපත් ප්‍රතිචාරයක් නොලැබුන හෙයින් බවයි.

තමන්ට ජයගැනීමට නොහැකි බවට 2010 දී හා 2015 පක්ෂ අභ්‍යන්තරයෙන් හා පක්ෂයට හිතවත් බාහිර බලවේගවලින් අදහස් හා යෝජනා ඉදිරිපත් වූ අවස්ථවේදී එය පිළිගෙන බාහිර පුද්ගලයින්ට අපේක්ෂකයින් ලෙස ඉදිරිපත්වීමට  අවස්ථාව දුන් බව මෙහිදී සිහිපත්කර ඇති අගමැතිවරයා, වත්මන් තත්වය සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට බදාදා දිනයේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් කැඳවන බවට සහතික වී ඇත.

අගමැතිවරයා ගෙන් ලැබුන ප්‍රතිචාරය යහපත්බව අමාත්‍යවරුන් දෙදෙනා විසින් පසුපෙළ මන්ත්‍රීවරුන් දැනුවත් කර ඇති අතර ඒ අනුව අද පස්වරුවේ පැවැත්වෙන පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් කිසිඳු ආකාරයේ මතගැටුමක් ඇති කර නොගැනීමට තීරණය කර තිබිණ. 

කෙසේවුවද එජාපයේ මන්ත්‍රීවරුන් 10 දෙනෙකු මෙම පෙත්සමට අත්සන් කිරීම එකහෙලා ප්‍රතික්ෂේප කර තිබු අතර තවත් සුළු පිරිසක් මේ අවස්ථවේදී මෙවැනි පෙත්සමකට අත්සන් කිරීමට අදිමදි කර තිබිණ.

අත්සන් කල මන්ත්‍රීවරුන්ගේ ලැයිස්තුව මෙන්න 

 Petition2019.08.19පෙත්සමට අත්සන් කිරීම ප්‍රතික්ෂේප කල මන්ත්‍රීවරු :

1. රවී කරුණානායක 
2. වජිර අබේවර්ධන 
3. අඛිල විරාජ් කාරියවසම් 
4. සාගල රත්නායක 
5. ජෝන් අමරතුංග 
6. සරත් ෆොන්සේකා 
7. ඩී.එම්. ස්වාමිනාදන් 
8. සිරිනත් ද මැල් 
9. නවින් දිසානායක 
10. තිලක් මාරපන 

'එජාපය තුල දෙදිරීමක් නැහැ'- පාඨලී කියයි

එක්සත් ජාතික පක්ෂය විසින් පිහිටුවීමට යෝජනා කරන නව සන්ධානය සහ එහි ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් අද දිනයේ ද විවිධ අදහස් පළවූ අතර මාධ්‍යවේදීන් කළ විමසීමකදී අමාත්‍ය පාඨලී චම්පික රණවක පැවසුවේ විසඳාගත යුතු ප්‍රශ්න මිස කිසිදු දෙදිරීමක් එක්සත් ජාතික පක්ෂයේ නොමැති බවයි.

 කොළඹ දී අද ආරම්භ කෙරුණු ඡායාරූප ප්‍රදර්ශනයක් අතරවාරයේ මාධ්‍යවේදීන් අමාත්‍යවරයාගෙන් මෙම ප්‍රශ්න කිරීම කළේය.

හඬපටය 

 

මාධ්‍යය හමුවේ ඇමතිවරයා මෙසේ පැවසිය.

'' ප්‍රශ්න තියෙනවා ප්‍රශ්න නැතුව නෙවෙයි නමුත් දෙදරීමක් නැහැ. අපි පසුගිය සෙනසුරාදා එහි ව්‍යවස්ථාව පිළිබඳ එකඟතාවයන්වලට ආවා. ඉදිරි කාලයේදී මේ මාසය අවසන් වෙන්න පෙර පෙරමුණත් අපේක්ෂකයත් කාගෙත් එකඟතාවයෙන් එළිදක්වනවා.''

ප්‍රශ්නය :
සෙනසුරාදා පැවති සාකච්ඡාවක් ගැන ඔබතුමා සඳහන් කළා. හැබැයි මේ සාකච්ඡාවෙදිත් එකඟතාවයක් ඇති නොවූ බවයි වාර්තා වුණේ.

චම්පික :
අපි අවසන් තීන්දුව කරගන්න ක්‍රමය ගැන සම්පූර්ණයෙන්ම ව්‍යවස්ථාව පිළිබඳ එකඟතාවයන් ඇති කරගත්තා. දැන් එක එක පක්ෂවලට තියෙනවා වගකීම්.  එක්සත් ජාතික පක්ෂයට අපිට අනික් අයට ඒ ඒ තමන්‌ගෙ පක්ෂවලට දැනුම්දීල අනුමැතිය අරගෙන අපි මේ මාසේ අග වෙද්දී. මේක පුළුල් සන්ධානයක්, ඒ වගේම සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා ප්‍රකාශයට පත් කරනවා.

ප්‍රශ්නය :
සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා නම් ප්‍රකාශ කර තිබෙන්නේ සන්ධානය ඇති කරගන්න පෙර අපේක්ෂකයා නම් කළ යුතු බවයි.

චම්පික:
නෑ එහෙහම එතුමා කියලා තියෙනවාද  කියලා මම දන්නේ නැහැ. නමුත් සන්ධානයයි අපේක්ෂකයායි එකටම එයි. සජිත් ප්‍රේමදාස මහතාගෙත් එකඟතාවය මත.

ප්‍රශ්නය:
සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා ආවොත් ඔබතුමා සහයෝගය දෙනවාද?

චම්පික:
සජිත් මහත්තයාද වෙන කෙනෙක්ද කියන එක නෙවෙයි අපිට වැදගත් ප්‍රතිපත්තිය, වැඩපිළිවෙල හා කවර කණ්ඩායමද රට කරවන්නේ කියන එක. ඒක ආවට පස්සේ ප්‍රේමදාස මහත්තයාද වෙන කෙනෙක්ද කියන එක අපිට ඒ තරම් වැදගත් නැහැ.''


සබැඳි පුවත් :
'එජාපෙ සාකච්ඡා සාර්ථකයි :ජනපති අපේක්ෂකයා එජාපයෙන්'
එ.ජා. පෙ. සන්ධාන නායක සාකච්ඡා සාර්ථකයි! සන්ධාන ලේකම් එජාපයෙන්!

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්