අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල සංශෝධනය සම්බන්ධයෙන් අද (27) පස්වරුවේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අවසන් තීරණයක් ගැනීමට නියමිතව තිබේ.
ඒ අනුව කිරිපිටි, ගෑස්, සිමෙන්ති, තිරිඟුපිටි සහ සහල් මිල සංශෝධනය කිරීම සඳහා ජීවන වියදම් කමිටුවේ දී ඉදිරිපත් වූ යෝජනා පිළිබඳ අවසන් තීන්දුවක් ගැනීමට අදාළ වාර්තාවක් වෙළෙඳ අමාතයාංශය මගින් ඇමැති මණ්ඩල රැස්වීමට අද (27 වැනිදා) ඉදිරිපත් කිරීමට නියමිතය.
 
කිරිපිටි, ගෑස්, තිරිඟුපිටි සහ සිමෙන්ති මිල ඉහළ නැංවීම සඳහා ආනයනකරුවන් රජයෙන් ඉල්ලීමක් කර තිබු අතර ඒ සම්බන්ධයෙන් පසුගියදා බැසිල් රාජපක්ෂ මුදල් ඇමති සමග පැවති සාකච්ඡාවේදී ඊට ඔහුගේ අනුමැතිය හිමිව ඇත.
 
ඒ අනුව, අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ජීවන වියදම් කමිටුව පසුගිය සිකුරාදා රැස්වී මෙම යෝජනා සාකච්ඡා කර ඇත.
 
ඒ අනුව ගෑස් මිල රුපියල් 550කින්ද, කිරිපිටි මිල රුපියල් 200කින්ද, සිමෙන්ති මිල රුපියල් 50කින්ද, තිරිඟු පිටි මිල රුපියල් 10කින්ද ඉහළ නැංවීමට යෝජනා වී තිබේ. 
 
මීට අමතරව කීරි සම්බා පාලන මිල රුපියල් 120 සිට රුපියල් 140 දක්වා වැඩි කිරීමටද, සම්බා පාලන මිල රුපියල් 103 සිට රුපියල් 120 දක්වා වැඩි කිරීමටද යෝජනා කර ඇත. 
 
 
(මුලාශ්‍රය - aruna.lk)
 
 
THE LEADER TV 
කෙරවලපිටියෙන් කීයක් ලැබුන ද ?
 
ඇමෙරිකන් පාලනයට??
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image