1200 x 80 DMirror
 
 

 
මෙරටට ගෑස් සපයන මැද පෙරදිග ගෑස් සමාගම් ලංකාවේ විදේශ විනිමය අර්බුදය තවදුරටත් වැඩි කිරීමේ කුමන්ත්‍රණයක දී සිටින බව මුදල් අමාත්‍යංශ
ආරංචිමාර්ග පවසයි.
 
මේ නිසා ශ්‍රී ලංකාවට සිදුවන අලාභය වසරකට දල වශයෙන් ඩොලර් මිලියන 12ක් හෙවත් රුපියල් බිලියන 4ක් පමණ වන බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියි.
 
ලෝක වෙළදපොලේ දිගින් දිගටම ඉහලයන ගෑස් මිල නිසා ගෑස් සමාගම් ලංකාවේ මිල නියාමන ආයතන වලින් සාධාරණ මිල වැඩි කිරීමක් කරන ලෙස ඉල්ලීම් කලද මෙරට ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දු පවා නොසලකා හරිමින් එම නියාමන ආයතන මිල වෙනස්කිරීම සම්බන්දව කිසිම ප්‍රතිචාරයක් නොදැක්වීය. 
 
මෙලෙස මිල වැඩිකිරීමක් ඉල්ලාසිටීමට ලිට්රෝ හා ලාෆ්ස් ගෑස් සමාගම් දෙකටම සිදුවුයේ දිගින් දිගටම ලෝක වෙළදපොල මිල ඉහළයාම නිසා ඇතිවන පිරිවැය ඉහළයාම නිසාවෙනි. 
 
මේ ආකාරයෙන් මිල වෙනස් කිරීම සිදු නොකිරීම නිසා ගෑස් ආනයනය කරන එම සමාගම් දෙකට සිදුවුයේ තම සමාගමේ මුදල් වැය කරමින් සහ බැංකු ණය ලබාගනිමින් වැඩි මිලට ගෑස් මිලට ගෙන අඩු මිලට මෙරට වෙලදපොලට ලබාදෙමින් සමාජ සේවාවේ යෙදීමයි. 
 
ලෝකයේ කිසිදු රටක සිදු නොවන මෙම සමාජ සේවාව සිදු කිරීමට මෙම සමාගම් දෙකට සිදුවුයේ මෙරට මිල නියාමන ආයතන වල දුර්වලතාවය නිසාවෙනි.
 
  
මේ අතර මුදල් අමාත්‍යංශය, ජනාධිපති ලේකම් කාර්යාලය හා අනෙකුත් බලධාරීන් ගෑස් මිල වැඩි නොකර වෙනත් විකල්පයක් පිලිබඳ සලකා බැලූ‍ අතර එය ගෑස් ආනයන සමාගම් වල අවශ්‍යතාවය මත සිදුවූ කරුණක් නොවේ. මෙරට ගෑස් මිල වැඩි නොකර වියදම් අඩු කරමින් ආයතනවලට සහයක් ලබාදීමට විකල්ප සොයා බැලූ‍වේ මුදල් අමාත්‍යංශයේ සහ ඊට සම්බන්ධ නිලධාරින්ය.
 
 
ඒ අනුව ජනාධිපති ලේකම් අචාර්ය පී .බී . ජයසුන්දරගේ යෝජනාවක් අනුව මුදල් අමාත්‍යංශය සහ මහා භාණ්ඩාගාරය එක්වී මෙරට අඩු මිලට ගෑස් ආනයනය අදාළ විකල්ප සොයා බැලීමක් සිදුකළේය.
 
ආයතන දෙකෙහිම ගෑස් අවශ්‍යතාවය එක් කර එක් ටෙන්ඩරයක් ලෙස සකසා ලංකාවට ගෑස් ආනයනය කිරීම සඳහා සැපයුම්කරුවන් සොයාගැනීම මෙහි අරමුණ විය. 
 
මුදල් අමාත්‍යංශය මේ සඳහා ස්වාධීන ආයතනයක් ඇති කිරීමට තීරණය කල අතර ඒ සඳහා නිලධාරීන් පත් කිරීම සහ එහි සංයුතිය තීරණය කිරීමේ බලතලද මුදල් අමාත්‍යංශය සතු විය.
 
ලිට්රෝ සමාගම මෙරට ප්‍රධාන සැපයුම්කරු වුවද එකවර විශාල ගෑස් සංචිතයක් ආනයන කිරීමට ඔවුනට හැකියාවක් නොමැත. එමෙන්ම ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් එම සමාගම සතුව නොමැත. 
 
1LAUGFS Terminals Hambanthota Image 01
 
LAUGFS සමාගම සතු හම්බන්තොට ලාෆ් ටර්මිනලය
 
 
මෙරටට විශාල තොග වශයෙන් ගෑස් ආනයනය කිරීමට අවශ්‍ය තොග රඳවා තබාගැනීමට, ප්‍රවාහනය කිරීමට අවශ්‍ය නැව් ලිට්රෝ සමාගම සතුව නැති අතර එම සමාගමට හැකියාව ඇත්තේ ඔවුන්ගේ පාරිභෝගික අවශ්‍යතාවයට සරිලන ගෑස් ආනයනය කිරීමේ හැකියාව පමණි.
 
නමුත් ලාෆ්ස් ගෑස් සමාගම මෙරට මෙන්ම වෙනත් රටවල් ගණනාවක ගෑස් වෙළදාමේ යෙදෙන සමාගමක් වන අතර ඒ සඳහා අවශ්‍ය වන යටිතල පහසුකම් සහ සම්පත් සහිත මෙරට එකම සමාගම වේ.
 
සමස්ත දකුණු ආසියාවේම විශාලම ගෑස් රදවා තබා ගැනීමේ පර්යන්තය හිමි ලාෆ්ස් ගෑස් සමගම මෙරට ආර්ථීකයට අභාරණයක් බදු සම්පතක් වන අතරම එවැනි සම්පතක් භාවිතා කරමින් මෙරට පාරිභෝගිකයාට සහ ආර්ථීකයට යහපතක් සිදු කිරීම වෙනුවට එවැනි කටයුතු පසුපසට ඇද දැමීම සැබවින්ම කුහකකම නිසා සිදුකරන අදුරදර්ශී කටයුත්තක් වේ. 
 
මෙවැනි විශාල ගෑස් තොග ආනයන කරමින් පාරිභෝගිකයාට සහනයක් සැලසීමට නම් විශාල සමාගම් එක් විය යුතු අතරම සම්පත් පොදු භාවිතය සඳහා යොදාගත යුතුය. 
 
එය මුදල් අමාත්‍යංශය පවා වටහාගත් කරුණක් වන අතර සියලූ‍ යටිතල පහසුකම් පොදු අරමුණක් සඳහා යෙදවීමෙන් ලැඛෙන වාසිය ලිට්රෝ සමාගම සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් වලට රජයේ හවුල් වන මැදපෙරදිග ගෑස් සැපයුම්කරුවන්ගේ වුවමනා වලට අනුව සිදුවීම අවාසනාවකි. 
 
ඒ වෙනුවෙන් ශ්‍රී ලංකාවට සිදුවන අලාභය වසරකට දල වශයෙන් ඩොලර් මිලියන 12ක් හෙවත් රුපියල් බිලියන 4ක් වේ.
 
 
සබැඳි පුවත් :
 
 
 
 

 
THE LEADER TV 
 
කෙරවලපිටියෙන් කීයක් ලැබුන ද ?
 
 
ඇමෙරිකන් පාලනයට???
 
 

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58