1200 x 80 DMirror

දෙමළ විරු සැමරුම් වාරණය කරමින්, බලහත්කාරයෙන් පුද්ගලයන් අත්අඩංගුවට ගන්නා ආණ්ඩුව ජාත්‍යන්තරය  හමුවේ ජාතීන් අතර සංහිඳියාව ප්‍රවර්ධනය ගැන සහතිකවී ඇත.
 
''සංහිඳියාව හා සත්‍ය සෙවීමේ දකුණු අප්‍රිකාවේ ප්‍රබෝධජනක අත්දැකීම් සෑම රටකම සුවිශේෂී තත්වයන් හා අභියෝගයන් සඳහා අනුවර්තනය කර ගැනීම'' අවශ්‍යතාවය විදේශ ඇමති ජී.ඇල්.පීරිස් කියා සිටියේ, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 76 වැනි සැසිවාරය අතරතුර දී, දකුණු අප්‍රිකානු ජාත්‍යන්තර සබඳතා සහ සහයෝගිතා අමාත්‍ය නලෙදි පැන්ඩෝර් ඉකුත් 24 දා නිව්යෝර්ක් නුවර දී හමුවූ අවස්ථාවේදීය.
 
 
Pit 02
 
 
දෙමළ ජන අයිතීන් වෙනුවෙන් උපවාසයක නිරතව 34 වසරකට පෙර මිය ගිය තිලීපන් හෙවත් රාසයියා පාර්තිපන් සැමරුම් සතිය යෙදී තිබු සැප්තැම්බර් 15 සිට 26 වැනිදා දක්වා කාලය තුල මඩකලපුවේ පැවැත්වීමට නියමිතවූ සැමරුමක් උසාවි නියෝගයෙන් තහනම් කරනු ලැබුවේ මඩකලපුව නගරාධිපති ත්‍යාගරාජා සරවනබවන් ඇතුළු තවත් තිදෙනෙකුට නියෝග නිකුත් කරමිනි. 
 
දෙමල ජාතික ජනතා පෙරෙමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් ඇතුළු තිදෙනෙක් පොලිසිය මගින්  උසාවි නියෝගයක් නොපෙන්වා  බලහත්කාරයෙන් අත්අඩංගුවට ගත්තේ 23 වැනිදා නල්ලුර් දේවාලය අසල පිහිටි තිලීපන් ස්මාරකයට පහන් දල්වා උපහාර දැක්වීමේදීය. එදිනම මොවුන් පසුව ඇප මත නිදහස් කළ අතර ලබන මස 27 වැනිදා යාපනය උසාවියේදී  ඒ පිලිබඳ නඩුව විභාග වීමට නියමිතය.
 
තිලීපන් අනුස්මරණය තහනම් කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඇම්.කේ.සිවාජිලිංගම්, උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී තුරෛරාසා රවීකරන්, අතුරුදහන් කරනු ලැබුවන්ගේ මුලතිව් දිසා සංගමයේ ලේකම් මරියසුරේෂ්  ඊශ්වරී ඇතුළු මුලතිව් ප්‍රදේශයේ 25 දෙනෙකුට ද මුලතිව් උසාවිය මගින් නියෝග නිකුත් කර තිබේ. 
 
 
''සංහිඳියාව සහ සත්‍යය යන අංශවල දකුණු අප්‍රිකාවේ සාරවත් අත්දැකීම් සහ අද්විතීය ඉතිහාසය දෙස සමීපව බැලූ ශ්‍රී ලංකාව, බොහෝ කරුණු දකුණු අප්‍රිකාවේම ජාතික අත්දැකීම් සඳහා විශේෂිත වන බව අවබෝධ කර ගනිමින්, මෙම අත්දැකීම්වල සමහර කරුණු පිළිබඳව ලංකාව සැලකිල්ලෙන් යුතුව සලකා බලනවා''යැයි  විදේශ අමැති පීරිස් දකුණු අප්‍රිකානු ජාත්‍යන්තර සබඳතා ඇමතිවරිය හමුවේ ප්‍රකාශ කළ බව විදේශ අමාත්‍යංශය කියයි.
 
ශ්‍රී ලංකාවේ අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය, වන්දි ගෙවීමේ කාර්යාලය සහ ගැටුම්වලින් අනතුරුව කෙරෙන සංවර්ධනය හා ජාතික සමගිය සඳහා ආණ්ඩුවේ දායකත්වය ගැන ද ඇමැතිවරයා වැඩිදුරටත් කරුණු දක්වා තිබේ. 
 
 
Thshi1 2021 1
 
''පශ්චාත් ගැටුම් ගැටලු විසඳීමට අපේක්ෂා කරන රටවල් සමඟ දකුණු අප්‍රිකාවේ අත්දැකීම් සහ උගත් පාඩම් හුවමාරු කර ගැනීමින් දැනට දකුණු සුඩානය සමඟ සංහිඳියාව පිළිබඳ අංග කිහිපයක් හුවමාරු කර ගනිමින් සිටින බවත්, නිදහස් අරගලයේ දී දකුණු අප්‍රිකාවෙන් පිටත මියගිය බොහෝ දෙනෙකුගේ දේහයන් නැවත ලබා දීම සම්බන්ධ ගැටළුවලට තවමත්  මුහුණ දී  ඇති බවත්, අතීත මානව හිමිකම් උල්ලංඝනය කිරීම්, වන්දි ගෙවීම්, සමාව දීම සහ යුක්තිය සම්බන්ධ ගැටළු පිළිබඳව කටයුතු කිරීම තුළින් ඔවුන් අඛණ්ඩව පාඩම් ඉගෙන ගනිමින් සිටින  බව'' දකුණු අප්‍රිකානු ජාත්‍යන්තර සබඳතා අමාත්‍ය නලේදී පැනඩෝර් මෙහිදී  අවධාරණය කළාය.
 
මේ අතර ඇමැති  ජී.ඇල්  බ්‍රිතාන්‍ය දකුණු ආසියාව, එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ පොදුරාජ්‍ය මණ්ඩලය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය, විම්බල්ඩන්හි අහමඩ් සාමිවරයාද හමුවී තිබේ.
 
විදේශ අමාත්‍යංශය නිවේදනය කරන්නේ එහිදී ඩයස්පෝරාව සමඟ පවතින සබඳතා ගැන විශේෂයෙන් සඳහන් කරමින් සංහිඳියාව සම්බන්ධ කරුණු පුළුල් ලෙස සාකච්ජා කළ බවය.
 
 

 
 
THE LEADER TV 
 
මහමොළකරු අතුරුදහන් ලිස්ට් එකේ ?
 
 
විමල්ලා පන්නා ජාතික ආණ්ඩුවකට සුදානම් !
 
 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය