මන්නාරමේ රාජ්‍ය නිලධාරියකුට හා ධීවරයන් පිරිසකට බීමතින් පහරදුන් බවට නාවික හමුදා සෙබළුන් කිහිපදෙනකුට චෝදනා එල්ල වී තිබේ.
 
ඒ පිළිබදව පහරකෑමට ලක්වුවන් සිදු කළ පැමිණිල්ල භාර නොගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසියටත් චෝදනා එල්ල වී ඇති බවයි පළාත්බද වාර්තාකරුවන් පවසන්නේ.
 
මන්නාරම, පේසාලේ, වංකාලෙයිපාඩු ග්‍රාමයේ පදිංචි තම පියා මුහුදු රැකියාවට ගොස්  සැප්තැම්බර් 24 වැනි සිකුරාදා නියමිත වේලාවට නිවසට නොපැමිණිම පිළිබදව සොයා බැලීම සදහා ග්‍රාම නිලධාරියකු වන ධීවරයාගේ පුතා වංකාලෙයිපාඩු මුහුදු තීරය දෙසට ගොස් තිබේ.
 
එහිදී ඔහුට දැකගන්නට  ලැබී ඇත්තේ බීමතින් සිටි නාවික හමුදා සාමාජිකයන් දෙදෙනෙක් තම පියාට පහර දී ඇති බවයි.
 
ඒ ගැන ප්‍රශ්න කළ ග්‍රාම නිලධාරියා සහ සිවිල් ඇදුමින් සිටි නාවික භටයන් දෙදෙනා අතර බහින්බස්වීමක් සිදුවෙද්දී  ප්‍රදේශයේ තවත් ධීවරයන් පිරිසක් එම ස්ථානයට එක්රොක් වී තිබේ.
 
පළාත් බද මාධ්‍යවේදීන් පවසන්නේ එම නාවික හමුදා සාමාජිකයන් දෙදෙනා තවත් නාවුක භටයන් අට දෙනක්කු එම ස්ථානයට කැදවා එහි රැස්ව සිටි ධීවරයන්ට හා ග්‍රාම නිලධාරියාට පහර දී ඇති බවයි.
 
ඒ සම්බන්ධයෙන් පේසාලේ පොලිස්ථානය වෙත පහරකෑමට ලක්වු පිරිස  පැමිණිලි කිරීම සදහා ගිය අවස්ථාවේ පොලිස් නිලධාරීන් පැමිණිල්ල භාර නොගත් බවත් පහරකෑමට ලක්වුවන් චෝදනා කරති.
 
පහරකෑමෙන් තුවාල ලත් ග්‍රාම නිලධාරී ධීවරයන් දෙදෙනකු පේසාලේ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වැඩි දුර ප්‍රතිකාර සදහා මන්නාරම රෝහලට ඇතුලත් කර තිබේ.
 
සිදුවීම සම්බන්ධයෙන් සොයා බැලීම සදහා වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් ද 25 වැනි සෙනසුරාදා පහරකෑමට ලක්වු ග්‍රාම නිලධාරියාගේ නිවසට ගොස් ඇති අතර එම ස්ථානයට පොලිස් නිලධාරීන්ද කැදවීමට මන්ත්‍රීවරයා කටයුතු කළ බව වාර්තාකරුවෝ වැඩි දුරටත් පවසති.
 
janxjanx f 
 
 

 
 
THE LEADER TV 
 
මහමොළකරු අතුරුදහන් ලිස්ට් එකේ ?
 
 
විමල්ලා පන්නා ජාතික ආණ්ඩුවකට සුදානම් !
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්