මෙරට වත්මන් තරුණ පරපුර  මතවාදීමය හා භාවිතාව තුළින් දේශපාලනික, ආර්ථික, සමාජීය හා සංස්කෘතික වශයෙන් ඉහල තලයකට රැගෙනයාම
සඳහා දිවංගත මංගල සමරවීර විසින් හඳුන්වා දුන් 'ෆ්‍රීඩම් හබ්' වැඩසටහන නොකඩවා ඉදිරියට ගෙනයාම යුගයේ අවශ්‍යතාවයක් බවත්, එය මංගල වෙනුවෙන් කරන යුතුකමක් බවත් එජාප නායක වික්‍රමසිංහ පවසයි.
 
එම වැඩසටහන ඉදිරියට ගෙනයාම සඳහා ''ෆ්‍රීඩම් හබ්' ව්‍යාපෘතියේ තරුණ තරුණියන් සමග කතාබහ කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු කියා සිටියි. 
 
පාර්ලිමේන්තු දේශපාලනයෙන් සමුගත් මංගල, 'සැබෑ දේශප්‍රේමියෝ' මතවාදය හා ඒ වෙනුවෙන් යෝජනා කල රැඩිකල් මැද මාවත ප්‍රකාශයට පත්කිරීමට පෙර ඒ ගැන තමා සමග ද දීර්ඝ වශයෙන් අදහස් හුවමාරුකර ගත් බවද එජාප නායකයා පවසයි.
 
හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ එම කාරණා සඳහන් කර සිටියේ, 'අද දෙරණ' 360 වැඩසටහනට ඊයේ රාත්‍රී සහභාගී වෙමිනි.
 
 
 
සැබෑ දේශප්‍රේමියෝ (#TRUEPATRIOTLK) මතවාදය හරහා යහපත් රටක් ගොඩනැගීමේ මුලික අරමුණ පෙරදැරිව ඒ වෙනුවෙන් වූ 'රැඩිකල් මැදමාවත' (Radical Center) අදහස ඉදිරිපත් කිරීමට පෙර මංගල සමරවීර, ප්‍රවීන දේශපාලන විශේලේෂකයකු හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු වන වික්ටර් අයිවන් හා ඔහුගේ 'පුනරුදය' සංවිධානය සමග ද සාකච්ජා වට කිහිපයක්ම පවත්වා තිබිණ. @ මාරවිල සාකච්ජාව ඒ අතරින් සුවිශේෂී වෙයි. 
 
එම සංවාද වලින් මතුවූ කාරණා සංශිප්ත කරමින් වික්ටර් අයිවන් විසින් පරිවර්තනයකට න්‍යාය පත්‍රයක් ලෙස #මංගලයෝජනා පසුගියදා ප්‍රකාශයට පත්කර තිබිණ. 
 
 
කියවන්න
 
 
THE LEADER TV 
 
මංගල මතක...| The Leader TV
 
 
මංගල මතක...(වොයිස් ටියුබ්)
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්