එළඹෙන ඔක්තෝම්බර් පළමුවෙනිදා සිට මෙරටට පැමිණෙන පූර්ණ එන්නත්කරණයට ලක් වූ දේශීය හා විදේශීය ගුවන් මගීන්, ගුවන්ගත වන විට කරන ලද
පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රතිඵල වලින් ආසාදිතයෙකු නොවන්නේ නම් මෙරටදී යළි පී.සී.ආර්. පරීක්ෂණයකට භාජනය නොකර ඔවුන් ගුවන්තොටුපළේදී සමාජගත කිරීමට ආණ්ඩුවේ බලධාරීන් විසින් ගෙන ඇති තීරණය අවිචාරවත් තීන්දුවක් බවට ප්‍රකට සෞඛ්‍ය වෘත්තීය සමිති ක්‍රියාකාරිකයකු චෝදනා කරති.
 
එසේ චෝදනා කරන්නේ, සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති මෙන්ම, වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ කැඳවුම්කරු රවී කුමුදේශ් ය. 
 
''ගුවන් තොටුපලින්  මෙරටට ඇතුළුවන දෙස් විදෙස් ගුවන් මගීන් PCR පරීක්ෂාවකට ලක් නොකරමින්, රට ඇතුළු කිරීම කිසිදු විද්‍යාත්මක පදනමක් නොමැති අවිචාරවත් තීන්දුවක්.'' යයි ඔහු අවදාරණය කර සිටියි.
 
Ravi k
  
අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ රවී කුමුදේශ් තවදුරටත් මෙසේද සඳහන් කළේය.
 
''රෝගය වැලදීම හෝ බෝවීම වලක්වන කිසිදු කොවිඩ් එන්නතක් මෙතෙක් සොයාගෙන නොමැත. එවැනි තත්වයක් යටතේ එන්නතකරණය කල අය "කොවිඩ් නොමැති අය" ලෙස සලකා ගෙන ඇති මෙම තීරණය තුල ඇත්තේ විශාල අමනෝඥ බවකි. එන්නත නිපදවන ලද සමාගමකට පවා නොමැති විශ්වාසයක්, අපේ රටේ මාර්ගෝපදේශ හදන ඊනියා විශේෂඥයින්ට ලැබී ඇත්තේ කෙසේද යන්න ප්‍රේහේලිකාවකි. 
 
එන්නත් නිපදවන  රටවල් ඇතුළු ලොව කිසිදු රටක් රට එන්නත පිළිබදව මෙවන් විශ්වාසයක් තබා නොමැති අතර, වසංගතය පැතිරීම වලක්වා ගැනීමට නොහැකිව දීර්ග සංචරණ සීමා පැනවීමට සිදුවී ඇති රටක් ලෙස, සංචර සීමා යොදමින් සිටින අතර වාරයේදී මෙවන්  තීරණයක් ගැනීම රට බරපතල අනතුරකට.ලක් කිරීමකි.
 
PCR පරීක්ෂාවක සංවේදීතාවය 70% අඩුය. දින දෙක තුනක ගුවන් කාලය යණු, ආසාධිත තත්වය ඉතා පහසුවෙන් වෙනස් විය හැකි කාල පරාසයකි. එමෙන්ම ඉන්දියාව, පාකිස්ථානය මෙන්ම ශ්‍රී ලංකාව තුලද ව්‍යාජ ලෙස සකස් කෙරෙන් PCR වාර්ථා පවතින බව ඉතා කුප්‍රකට රහසකි. 
 
එවැනි තත්වයක් යටතේ වෙනත් රටක සිදු කල PCR පරීක්ෂාවක් පිළිබදව 100% විශ්වාස කරමින්, රටේ මහ ජනතාව අනතුරේ හෙලීම සදහා සෞඛ්‍ය බලධාරීන්ගේ මාර්ගෝපදේශ යොදා ගනිමින් සිටින ආකාරය ඉතා ලජ්ජාසහගතය
 
 
අප රටට වැඩි වශයෙන් ඇතුළුවන ඉන්දියාව, පාකිස්ථානය වැනි රටවල්හි විදෙස් ගතවීම සදහා ව්‍යාජ PCR වාර්ථා සැකසීම, වසංගතයටත් වඩා වේගයෙන් පැතිරෙන කර්මාන්තක් වී ඇත. එවැනි තත්ත්වයක් තුල වෙනත් රටක PCR වාර්ථාවක් එලෙසින්ම පිළි ගැනීම සියතින් ගෙල සිද ගැනීමකි. රට අමාරුවේ දැමීමකි.''
 
 

THE LEADER TV 
 
චිචීගේ පාට්වලට දයාසිරිට මල පැනලා ! 
 
 
ජනතාව ගහලා එලවන දිනය වැඩි ඈතක නෑ 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්