ශ්‍රී ලංකා රජය පසුගිය මාස 20 තුල රු. කෝටි 125,747 ක් (රු. 1,257,470,000,000) අච්චු ගසා ඇති බව හිටපු ආණ්ඩුකාරවරයකු අනාවරණය කර සිටියි.
ඉවක් බවක් නැතිව මුදල් අච්චු ගැසීම ලංකා ඉතිහාසයේ දැවැන්තම මුල්‍ය අර්බුදයට ලංකාව දක්කා ගෙන ගොස් ඇතැයි එසේ අනාවරණය කර සිටින්නේ, දකුණේ හා මධ්‍යම හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් ය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි පිළිගත් ආයතන වෙතින් උපකාර ලබා නොගෙන රාජ්‍ය දේපල විකුණා දැමීම, ගජ මිතුරන්ට ධන උල්පත් පාදා දී භාණ්ඩාගාරය හිස් කිරීම හේතුවෙන් රටේ ආර්ථිකය තව තවත් ආගාධයට යමින් තිබෙන බවද ඔහු කියා සිටියි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්ත අනුව 2020 ජනවාරි 1 දින වන විට ශ්‍රී ලංකා මහ බැංකුව සතු ආණ්ඩුවේ භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කරවල මුහුණත අගය රු. බිලියන 74.74 ක් විය. එය 2021 සැප්. 30 (අද) වන විට රු. බිලියන 1,3332.21 කි.
මාස 20 ට අච්චු ගසා ඇති මුදල රු. බිලියන 1,257.47 ක් හෙවත් රුපියල් කෝටි එක් ලක්ෂ විසි පන් දහසකට වැඩි ය. අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකු අධිපතිවරයා ලෙස පත් වූ පසුව මේ දක්වා රු. කෝටි 4784 ක් හෙවත් මත්තල ගුවන්තොටුපල සෑදීමට වැය වූ මුදලට ආසන්න මුදලක් අච්චු ගසා ඇත.
2019 ජනාධිපතිවරණයෙන් පසුව ධනවත්ම ව්‍යාපාරිකයන් පිරිසකට බදු සහන ලබාදීම හේතුවෙන් රජයේ ආදායම දැවැන්ත ලෙස පහත වැටීමෙන් වත්මන් ආර්ථික අර්බුදය ආරම්භ විය. ධනවතුන්ට බදු සහන ලබාදීම නිසා අහිමි වු ආදායම පියවා ගැනීමට රටේ ඩොලර් සංචිත ණය ගෙවීමට භාවිතා කරන ලදී. ඩොලර් සංචිත අහිමිවීම හේතුවෙන් රජය ඉන්ධන ආයනයන සඳහා ඩොලර් ගෙවීම සීමා කළේය.
ඩොලර් හිඟයට පිළියමක් ලෙස පොහොර, බෙහෙත්, ආහාර, ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ, කෘෂි රසායන ඇතුළු භාණ්ඩ රැසක් ගෙන්වීම නතර කිරීමට රජයට සිදුව ඇත. එහි ප්‍රතිඑලයක් ලෙස රට පුරා පෝලිම් දක්නට ලැබේ.
මුදල් අච්චු ගැසීම ජනතාවට දැනෙන ආකාරය බඩු මිල ඉහළ යාමයි. එය සෑම භාණ්ඩයකම මිල ඉහළයාම වැලැක්වීමට රජයේ - මහ බැංකුවේ පුවත්පත් නිවේදන හෝ ගැලරි කතාවලට නොහැකිය. හිතුවක්කාරී මුදල් අච්චු ගැසීමේ විනාශකාරී පීඩනය ඉදිරි මාස දෙක තුල තව තවත් දැනෙනු ඇත.
THE LEADER TV
ගුවන් තොටුපොළෙ හොස්පිටල් මාෆියාවක්!
කොහොමද සර් කෑම? අති විශිෂ්ටයි !