කුප්‍රකට සිගරට් වංචාවට සහයෝගය දැක්වූ ලංකා බැංකුවේ දකුණු පළාත් සහකාර කලමණාකරුට උසස්වීමක් ලබාදී ඇතැයි වාර්තාවේ.

 
ආයතන වල නිලධාරීන් දූෂිත නොවිය යුතු සහ කාර්‍යක්ෂම විය යුතු බවත් එසේ නොමැති නිලධාරීන් ඉවත්කිරීමට තමන් පසුබට නොවන බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබිය දී, කුප්‍රකට සිගරට් වංචාව සඳහා ණය ලබාදීමට කටයුතු කල ලංකා බැංකුවේ කටුවන ශාඛාව බාරව සහ දකුණු පලාත බාරව කටයුතු කරනු ලබන සහකාර මහා කළමනාකරු වෙත නියෝජ්‍ය මහා කළමණාකාර ධූරය දක්වා උසස් වීමක් පිරිනැමීමට කටයුතු කර තිබේ.
 
සුදුසුකම් ලත් දක්ෂ නිලධාරීන් විසි තුන් දෙනෙකු ඉතා සූක්ෂම ලෙස කපා දමමින්, මෙම උසස්වීම ලබාදීම සඳහා අනුගමනය කල ක්‍රියාමාර්ගය බැංකුවේ සාමාන්‍ය ක්‍රියාපටිපාටි උල්ලංඝනය කරමින් සිදු කරනු ලැබුවක් බවට බැංකු වෘත්තීය සමිති චෝදනා කරති.
 
මොහු හට උසස් වීම ලබාදීම සඳහා ඔහුට උසස්වීම සඳහා අයදුම් කිරීමට නියමිත කාලය එලඹෙන තෙක් පුරප්පාඩුව පිරවීම සිදු කර නොමැති බවත්, මෙම  නිලධාරියා වෙත උසස්වීම ලබාදීමේ අදහසින් පක්ෂග්‍රාහී මෙන්ම සදාචාරසම්පන්න නොවන සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයක් පත් කරන ලද බවත් වාර්තා වේ. 
 
ඒ හේතුවෙන් සුදුසුකම් ලත් සහකාර මහා කලමණාකරුවන් බොහෝ පිරිසක් සම්මුඛ පරීක්ෂණයටද ඉදිරිපත් වී නොමැත. 
 
මෙම නිලධාරියා මෙහෙයවන දකුණු පළාත ලංකා බැකුවේ ලාභය සහ අනෙකුත් සියලු අංශ වලින් පළාත් අතර අවසාන ස්ථානයේ පසුවන අතර දකුණු පළාත තුල නොගෙවා පැහැර හරින ලද ණය ප්‍රමාණය අහස උසට ගොස් ඇති තත්වයක් තුලදී වුවත්, මෙම නිලධාරියා හට බැංකුවේ ඉහලම තනතුරක් අත්තෝනෝමතික ලෙස ප්‍රධානය කරනු  ලබන්නේ සිගරට් ණය මුදල ඇතුලු අවිධිමත් ණය ගණනාවක් ලබා දීමට තුටු පඬුරු ලෙස බව බැංකුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
 
මේ අත්තෝනෝමතික වැඩ පිළිවෙල පිළිබඳව වෘත්තීය සමිති විසින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ වෙත ලිඛිතව දැනුම් දී ඇත.
 
මූල්‍ය ආයතන වල කාර්‍යක්ෂමතාව ඉහල දැමීමට කටයුතු කරනුයේ කුප්‍රකට වංචා වලට අනුග්‍රහය දක්වන මෙවැනි පුද්ගලයින් හට ඉහල පුටු ලබාදීමෙන්ද යන්න වෘත්තීය සමිති ප්‍රශ්න කරති.
 
මේ හේතුවෙන් ලංකා බැංකුවේ දක්ෂ ඉහල නිලධාරින් දැඩි කලකිරීමකට පත් වී ඇති බවත් දිගින් දිගටම සිදුවන මෙවැනි ක්‍රියා හේතුවෙන් ලංකා බැංකුවේ පැවැත්ම තර්ජනයකට මුහුණ පා ඇති බව වෘත්තීය සමිති ප්‍රකාශ කරති.
 
sdfdfeer 
 
 
 
 
BOC අධ්‍යක්ෂවරු ගෙදර යැව්වේ සිගරට් ඩීල් එක නිසාද?
 

ගජ මිතුරාගේ ණය පියවන්න සිගරට් මිල වැඩිකිරීමේ සුදානමක් ...
 

 
 
ආණ්ඩුවේ හිතවතාගේ සිගරට් ගැහිල්ල අනුර හෙළිකරයි - පුළුවන් නම් උත්තර දෙන්න

 
 
 
 
සබැඳි පුවත් :
 
 
 
 
 

 

 

 
THE LEADER TV 
 
 
පාස්කු ප‍්‍රහාරයේ සිරිසේන නම තියෙන තැන
 

 
 
 
ස' ආපු ගමන් පී.බී. දොට්ට ! 
 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්