යෝජිත ඇමෙරිකානු සහශ්‍ර සංවර්ධන සහයෝගිතා ගිවිසුම අත්සන් කිරීම ලබන ජනවාරි වන තෙක් කල් දමන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (20) පැවැති කැබිනට් රැස්වීමේදී දැනුම් දී ඇති බව වාර්තාවේ.

 

එම ගිවිසුම අධ්‍යනය කර සතියකින් පමණ වාර්තාවක් ලබාදෙන බවද ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.

සතියේ කැබිනට් රැස්වීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (20) උදේ 8.30 ට පමණ රැස්වූ අතර එහිදී එම ගිවිසුම සම්බන්ධයෙන් දිර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇත.

යෝජිත ගිවිසුම කඩිනමින් අත්සන් කළ යුතුව ඇතැයි ඇමැතිවරුන් කිහිපදෙනෙකු අදහස් දක්වා ඇති අතර ඊට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇති බව වාර්තාවේ.

ඒ අනුව ගිවිසුම අත්සන් කිරීම සම්බන්ධයෙන් ඊයේ කැබිනට් රැස්වීමේදී අවසන් එකඟතාවකට පැමිණ ඇත.

ඇමෙරිකාව හා ශ්‍රී ලංකාව අතර අත්සන් කිරීමට යෝජිත සහශ්‍ර සංවර්ධන සහයෝගිතා ගිවිසුම යටතේ ඇමෙරිකානු රජයෙන් ඩොලර් මිලියන 480 ක මුදලක් ශ්‍රී ලංකාවට පරිත්‍යාගයක් ලෙස ලබාදීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් නවීකරණය හා ඉඩම් පරිපාලන ගැටලු නිරාකරණය වෙනුවෙන් පිරිනැමෙන මෙම මුදල වාරික කිහිපයක් යටතේ වසර 5 ක් තුළ ලබාදීමට යෝජනා වී ඇත.

ඇමෙරිකාව සමග ප්‍රතිවිරෝධයක් නැති නායකයෙක් !

ශ්‍රී ලංකාවේ තීරණාත්මක මැතිවරණයක් පැවැත්වීමට නියමිත මෙවැනි වකවානුවක දේශපාලනික වශයෙන් ආන්දෝලනයට ලක්ව ඇති මෙවැනි ගිවිසුමක් පවා අත්සන් කිරීම ප්‍රයෝගික නොවන බව ඇමරිකානු රජයේ ද අදහස වී ඇතැයි ද රජයේ ආරංචිමාර්ග පවසයි.

කෙසේවුවද දේශපාලන සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් පවසන්නේ මින් ඉදිරියට අලුත් ජනවරමක් ලබන සිංහල-බෞද්ධ දේශපාලන නායකයකුට හැර මෙවැනි ගිවිසුමක් පවා අත්සන් කිරීමට දේශපාලන ශක්තියක් නොමැති බව ඇමරිකාවට ද පිළිගැනීමට සිදුවන බවයි.

ඇමරිකානු අවශ්‍යතා සම්බන්ධයෙන් අදහස් දක්වන දේශපාලන විචාරකයකු වන ප්‍රවීන මාධ්‍යවේදී කුසල් පෙරේරා මෙසේ පවසයි.

''මේ ආණ්ඩුවෙන් දැන් ඇමෙරිකාවට SOFA අත්සන් කරගත නොහැක. එය කළ හැක්කේ අලුතින් පත්වන හමුදා සහායද ලබාගත හැකි ජනප්‍රිය සිංහල බෞද්ධ නායකයෙකුට පමණි. 2007 මාර්තුවේදී ගෝඨා ACSA අත්සන් කෙරුවේ Fifth Columnist කෙනෙකු ලෙසිනි. එනිසා එවැන්නෙකු රාජ්‍ය නායකයාවීම හා ඇමෙරිකානු අවශ්‍යතාව අතර ප්‍රතිවිරෝධයක් තිබිය නොහැක.''

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්