මානව විරෝධී කටයුතු හා  ත්‍රස්තවාදය වැළක්වීමේ පනත ක්‍රියාවේ යෙදවීම නිසා  GSP+ වරප්‍රසාදය නොලැබී යාමේ අවදානමකට මුහුණ දී සිටින ශ්‍රී ලංකාවට එම සහනය අඛණ්ඩව  ලබා දෙන්නැයි

 විපක්ෂ නායකයා යුරෝපීය දුත මණ්ඩලයෙන් ඉල්ලා තිබේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එම ඉල්ලීම සිදු කර ඇත්තේ  ශ්‍රී ලංකාවේ ආණ්ඩුවේ මානව හිමිකම් චර්යාව  යුරෝපයට භාණ්ඩ අපනයනය සඳහා තව දුරටත් බදු සහන සලසා දීමට ගැලපෙන්නේදැයි විමර්ශනය කිරීම සඳහා මෙරටට පැමිණ සිටින ඉහල පෙලේ  විදේශීය දූත මණ්ඩලය සමග පැවැති සාකච්ඡාවේදීය. එම හමුව සැප්තැම්බර් 28 වැනිදා කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී සිදුවිය.

මානව හිමිකම් කඩවීම සම්බන්ධයෙන් රජයට චෝදනා එල්ලවන ක්ෂේත්‍ර පිළිබඳව විදේශීය දූත මණ්ඩලය විසින් විමසන ලද අවස්ථාවේදී සමගි ජන බලවේගය කර ඇත්තේ ආණ්ඩුවට සහාය දෙන ලෙස ඉල්ලා සිටීමයි.

“මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, මහජනතාව සඳහා ප්‍රජාතාන්ත්‍රික අවකාශයන් පුළුල් කර දීම, ව්‍යවස්ථාදායකය/අධිකරණය සහ විධායකයේ බලය බෙදීයාම, සමතුලිත කිරීම වැනි කරුණු පිළිබඳව මෙහිදී යුරෝපා කොමිසමේ නියෝජිතයින් අවධානය යොමුකරනු ලැබූ අතර විපක්ෂ නායකතුමා එහිදී පවසා සිටියේ ඉහත කාරණා සාධනීය ලෙස සාර්ථක කර ගැනීම උදෙසා ආණ්ඩුවේ අවධානය යොමු කිරීමට මැදිහත්වීම වැදගත් බව,

 විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිකුත් කළ නිවේදනයක දැක්වේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කරගැනීම ඇතුළු මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා දී ඇති පොරොන්දු ඉටු නොකරන්නේ නම්  ශ්‍රී ලංකාවට GSP + බදු සහනය මෙන්ම ත්‍රස්ත විරෝධී කටයුතු සඳහා ලබාදෙන ආධාරද ඉවත් කර ගැනීම ගැන සලකා බැලීමට යුරෝපා පාර්ලිමේන්තුව විසින් ජුනි මස මැදදි යෝජනාවක් සම්මත කළේය.

ඒ අනුව ලංකාවේ මානව හිමිකම් චර්යාව අධ්‍යයනය කිරීම සදහා යුරෝපා සංගමයේ  විශේෂ  දූත මණ්ඩලය   දිවයිනට  පැමිණියේ 27 වැනි සඳුදායි.

ඔක්තෝබර් පස්වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ රැඳී සිටිමින් ඔවුන් ආණ්ඩුවේ , දේශපාලන පක්ෂවල,  වෘත්තීය සමිතිවල, සිවිල් සමාජයේ, සේවායෝජකයන්ගේ නියෝජිතයන් මෙන්ම එක්සත් ජාතීන්ගේ ආයතනද මුණගැසීමට නියමිතය.

එම කණ්ඩායම විපක්ෂ නායකයා හමුවීමට පෙර අධිකරණ අමාත්‍යවරයා, මෙන්ම දෙමළ හා මුස්ලිම් ජනතා නියෝජිතයන්ද මුණගැසී සාකච්ඡා පවත්වා තිබුනි.

GSP ප්ලස් සහනය ශ්‍රී ලංකාවට  විශාල ශක්තියක් බවත් යුරෝපා කොමිසම ශ්‍රී ලංකාවට ලබාදෙන මූල්‍යමය සහන, GSP Plus සහන, අන්තර්ජාතික සහන සම්බන්ධයෙන් සිය කෘතඥතාවය පල කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යුරෝපා නියෝජිතයන්ට දැනුම් දී තිබේ.

එමෙන්ම, ජනතාවාදී විපක්ෂයක් ලෙස තමන්ට පැවරී ඇති වගකීම කොන්දේසි විරහිතව ඉටුකරන බවත්,මානව අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම,ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් මැදිහත්වීම, මාධ්‍ය නිදහස වෙනුවෙන් අරගලය,නීතියේ ස්වාධීනත්වය වෙනුවෙන් කටයුතු කිරීම තිරසාරව සිදුකරමින් සිටින බව පැවසු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  ජනතාවාදී සාධනීය කටයුතු වෙනුවෙන් සිය සහයෝගය හිමිවන බවද එහිදි පවසා තිබේ.

මේ අවස්ථාවට විපක්ෂනායක සමඟ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල, සමඟි ජනබලවේගයේ භාණ්ඩාගාරික හර්ෂ ද සිල්වා, විපක්ෂ නායක ලේකම් නීතිඥ රවි ජයවර්ධන ඇතුළු ඇතුලු පිරිසක් එක්ව සිටි බව විපක්ෂ නායක කාර්යාලය පවසයි.


යුරෝපා පාර්ලිමේන්තුවේදී



බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පිහිටා ඇති යුරෝපා පාර්ලිමේන්තුවේදී පසුගිය  ජුනි මාසයේ සම්මත කරගන්නා ලද යෝජනාවක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සුළු ජාතීන් මර්දනයට යොදා ගැනීම කෙරේ විශේෂ අවධානයක් යොමුකර තිබුණි.

එමෙන්ම, මාධ්‍ය මර්දනය, නීතියේ ආධිපත්‍යය නොමැතිවීම, අතුරුදහන් කිරීම්, අත් අඩංගුවේ ඝාතන, ළමා ශ්‍රමිකයන් සූරාකෑම සහ කම්කරු අයිතිවාසිකම් අහිමි කිරීම ඇතුළු විවිධාකාර මානව හිමිකම් උල්ලංඝනය වීම් ගැන ශ්‍රී ලංකාව දැඩි දෝෂ දර්ශනයට ලක් කර තිබුණි.

ශ්‍රී ලංකාව එකඟ වී ඇති මානව හිමිකම් පිලිබඳ වගකීම් ඉටුකර නැති බව ඔප්පු වුවහොත්, දැනට ලබාදී ඇති GSP+ සහනය හෙවත් වරණීය බදු ක්‍රමය යටත් ලබාදී ඇති සහන අත්හිටුවීමේ අවදානමක්  මතුව පවතී.

GSP+ සහනය නැවත සලකා බැලීමට නියමිත මේ වසරේ නොවැම්බරයේදී යුරෝපා හවුල විසින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වාර්තා දැඩි ලෙස විමර්ශනය කරනු ඇති අතර, එහිදී සුළු ජාතීන්ගේත්, කම්කරුවන්ගේත් අයිතිවාසිකම් රැකීම ඇතුළු ජාත්‍යන්තර මානව හිමිකම් වගකීම් ක්‍රියාවට නංවා ඇති ආකාරයද සැලකිල්ලට ගනු ඇත.

මානව හා කම්කරු අයිතිවාසිකම්, පරිසරය සහ යහපාලනය සුරැකීම සඳහා වන ජාත්‍යන්තර සම්මුති මහින්ද රාජපක්ෂ පාලනය විසින් ක්‍රියාත්මක නොකිරීම නිසා 2010 පෙබරවාරියේදී අත් හිටුවන ලද වරණීය බදු සහනය (GSP+) 2017 මැයි මාසයේදී නැවත ප්‍රදානය කෙරුනේ යහපාලන රජය විසින්  පොරොන්දු වූ පරිදි මානව හිමිකම් සම්බන්ධ ජාත්‍යන්තර සම්මුති 27ක් ශ්‍රී ලංකාව විසින් ක්‍රියාත්මක කරනු ඇතැයි යන  විශ්වාසයෙනි.

242765125 10158493374035186 5014690455514405169 n

242733881 10158493373995186 3724425896757096277 n

 

THE LEADER TV


ජනාධිපති ගෝඨා ගැන පුතා කියපු කතාව!

 

පාස්කු ප්‍රහාරයේ සිරිසේන නම තියෙන තැන

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්